ගුරුසිංහගේ විකාර


පෙර එක සමයෙක ලංකාවේ රජකම් කළ රජෙකුගේ මාලිගය ඉදිරිපස වාහල්කඩ සීනුවක් එල්ලා තිබිණ. යම් අකටයුත්තක් ගැන යමෙකුට රජුට පැමිණිල්ලක් කිරීමට ඇත්නම් ඔහුට හෝ ඇයට තිබුණේ එක්වරක් එම සීනුව නාද කිරීම පමණි.
ඇසිල්ලකින් යුක්තිය ඉටුවේ.

වරක් එම සීනුව නාද කළේ එළ දෙනකි. හේතුව යමෙක් සිය රථයට යටකොට තම වසු පැටවා මරා දැමීමය.

අඳෝමැයි… රිය පදවා ඇත්තේ රජුගේම පුත්‍රයායැ. යුක්තිය ඉටුවිනි. එම රථයටම යට කර තම පුත්‍රයා මරා දමන ලෙස රජු අණ කළේය.

නීති හදන්නේ රජතුමාය. රජු නීතියේ උල්පත විය.

නීතිය කුමක් මෙන් විය යුතුද ? එය ගින්දර මෙන් විය යුතුය.
මන්ද යත් ; ගින්නට හැමෝම එක විදියට පිළිස්සේ.
උස් – මිටි , බාල – මහළු ; ප්‍රබල – දුබල; දුප්පත් – පොහොසත් සියල්ලෝම වෙනසක් නැතිව පිළිස්සේ.

අපේ අල්ලපු රටේ,, දැනට වසර කීපයකට පෙර , කෙල්ලන්ගේ පමණක් නොව කොල්ලන්ගේද නෙත් වශී කරනාකාරයේ බොඩියක් ඇති සුපිරි නළු සල්මන් ඛාන් , රජයට අයත් කැලෑවක මුවෙකු මැරීමේ වරදට සිර බත් කෑවේය.

ඇමරිකාවේ නීතිය හැටියට වයස අවුරුදු 21 න් පහළ අයට මත් පැන් පානය කිරීම තහනම්ය. 21 ට අඩු අයට මත්පැන් විකිණීමද තහනම්ය.
1998 එතකොට ජනාධිපති බුෂ්.. එයාගෙ නිවුන් දුවලා දෙන්නා පාටියකදි අඩියක් ගසා පොලිසියට මාට්ටු විය.. දෙන්නාටම මාංචු දමා පොලිසියට ගෙන ගිය හැටි ටී වී චැනල් දාහේම කපන්නේ කොටන්නේ නැතිව සජීවිවම පෙන්නුවෝය.

මොනවා හ්හ්හ්හ් ? මෙය අසා අපේ ගම් වල ගැමියන් ඔල්මොරොන්දං වන්නට ඇත.

යම් වරදකට අපේ රටේ ජනධිපතිගේ පුතාට මාංචු දැමිය හැකිද ?..

ඒ තියා දැන් පඳුරක් ගානේ ඉන්න ප්‍රාදේශීය සබා මන්ත්‍රී කෙනෙකුගේ බාප්පාගේ දුව බැන්ද හාදයාගේ ලොකු අම්මාගේ පුතාටවත් වරදකට මාංචු දැමිය හැකිද ?

මට ගීයක් මතක් වේ.

” අනේ අපි කවදාක ඇවිදිමුද ඒ හඳේ ? ”

This entry was posted in Uncategorized. Bookmark the permalink.

10 Responses to ගුරුසිංහගේ විකාර

  1. :Dee පවසයි:

    ගෝත්‍ර වාදය කියල මම හිතන්නෙ ඕකට කියන්නෙ.
    වැරදි කාරය “අපේ” එකෙක් නෙමෙයි නම් .ඌව “අපේ” එකෙක් කරල හරි සමාව දෙනව.

  2. නවම් පවසයි:

    ඇත්තටම ගුරුසිංහ උන්නැහේට විකාර නේන්නං. එව්ව හඳේ හොඳේ. ඇමරිකාව වගේයැ මේක සිරිලංකාව නොවැ. එහේ පොලීසිය අර වහේ කෙලෙහි ගුණේ නැති වැඩ කලාට මෙහේ ඉන්නෙ හොඳට මුල මතක, කෙලෙහි ගුණ දත් ජාතියක් නොවැ. ඕව කියල ආයෙ කට වරද්ද ගන්න නරකයි ඕං.

  3. වික්‍රමේ පවසයි:

    කථාවනම් සහතික ඇත්ත. දැන් තත්වේ කොල්ලෝ අල්ලපු ගෙදර එකා මන්ත්‍රී නම් අසල්වැසි ගෙදර මිනිගගෙ අදුරන බාප්පටවත් මාංචු දාන්න බෑ… නමුත් ඉතින් නමේ තියන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියල. ඒත් යුක්තිය නෑ, සාදාරණය නෑ. වෙලා තියෙන්නෙ පුදුම දෙයක් ඇමති පුතා කරන වැරදි ඔක්කොම පොඩි ලමයින්ගෙ දඩබ්බරකම්. අසරන කොල්ලෙක් සුලු වුරැද්දක් කලොත් ඉවරයි

  4. SiriBiris පවසයි:

    හෙහ්..හෙහ්..එහෙම නෙවෙයි.

    අනේ අපි කවදා පීනමුද මේ ගඟේ..
    ඒත් කොහෙ පීනන්නද ලොක්කා, ඔක්කොම මිදිල නෙව. පැන්නොත් , බඩුම තමා, ගෙම්බ පොලවෙ ගැහැව්වා වගේ හිටීවි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )