මා හිතවත් රේමන්ඩ් ගොන්සාලේස් කියුබිෂ් ජාතිකයෙකි.
ඔහුගේ පියා කියුබන්.. මව අයිරිෂ්.. ඒ නිසා ඔහු කියුබිෂ්
බව ඔහු පවසයි.
ඔහුගේ බිරිඳ වික්ටෝරියා ඇමරිකානු සුදු කාන්තාවකි.
මැදිවිය ඉක්මවූ දෙදෙනාම විවාපත් වූයේ
ළඟකදීය. තවම දරුවන් නැත, දරුවනට ආසා
නැත. දරුවන් කරදරයක් බව දෙන්නාගේම මතයයි.
ළඟකදී හමුවූ රේ .. රේමන්ඩ් මට කීවේ ඔවුන්
වෙන්වෙන්ට යන බවය. මට පුදුම සිතුනි. මේ තරම්
ඉක්මණට.
” විකී .. වික්ටෝරියාට ඕන ටී. වී. එක සාලෙ තියන්න.
මට ඕන නිදන කාමරේ තියන්න ” ඕක තමා හේතුව.
“ඉතින් තව එකක් ගනිංකෝ .. මහ ගාණක්යැ” මම කීවෙමි.
“නෑ.. ඒක නෙවේ ප්‍රශ්නෙ.. එයා මං කියන දේට ගරු කරන්නෑ”
අප කුඩා කළ අපේ අම්මා හා තාත්තාද සමහරදාට
බුකවා ගෙන ඉඳිනු අප නොයෙක්වර දැක ඇත. සාමාන්‍යයෙන්
නිහඬ පුද්ගලයෙක් වන තාත්තා , යම් හේතුවකට
අම්මා සමඟ අමනාප වූ විට මුළු ගේම මූසල
ගතියක් ගනී.
එවිට මටත් , නංගීටත් වැඩ වැඩිවේ.
ඒ දෙන්නාගේම පණිවිඩ එහා මෙහා ගෙන යන්ට තියෙන
නිසාය. ඒ නොහොඳ නෝක්කඩුව එපමණය. දෙන්නා සැරෙන්
කතා කර ගන්නවාවත් අපට ඇසී නැත. එය වැඩිම උනොත්
පවතින්නේ දින දෙකකි.
දෙන්නා අතර සන්නිවේදනයක් නැති නිසා තාත්තා කඩේ
නොයයි. ගියත් අනවශ්‍ය දේ ගෙනෙයි. නැතහොත් අත්‍යවශ්‍ය දේ
නොගෙනේ. ඉතිරි කටයුතු වෙනදා ආකාරයට සිදුවේ.
හැමෝටම කෑම බෙදා , තාත්තාගේ කෑම පිඟාන
මේසය උඩ තබා , තාත්තාට පෙනෙන්ට එහා මෙහා ඇවිදින අම්මා
අහක බලා ගෙනම ” ආං.. කැම බෙදුව.. කන කෙනෙක් කෑවනං..
මං යනව නාගන්ට” කියයි.
” ළමයි කෑවද ?” එවිට තාත්තා අසයි. එය අසන අම්මා ආපසු
හැරී ගෙදර එයි.
දෙන්නාගේ අමනාපය එතනින් අහවරය.
දෙමාල්ලන්ගේ රණ්ඩු සරුවල් බත ඉදෙන තුරුය.
අපේ රණ්ඩු සරුවල් ඊටත් වඩා ඉක්මණින් නිමාවේ.
ඇය රයිස් කුකර් එකට , කෝප්පෙන් හාල් මනින විට , මම දෙකායි,
පහායි කියා ගාණ වරද්දමි. ඇයට නැවත මුල සිට
මැනීමට සිදුවේ.
” are you guys crazy?” එවිට දරුවන් අසයි.
නොබෝදා ඇතිවූ අපේ අමනාපය ටිකක් කල් අල්ලා සිටියේය.
ඊට හේතුව පිඟන් සෝදන විට ලස්සන පිඟානක් මගේ
අති බිඳී යාමය. ඇය හිතුවේ මා එය තරහින් කළා කියාය.
එදා රෑ මා නිදා ගත්තේ ක්ලොසට් එක ඇතුළේය. නින්ද යන්නේම
නැත. ඒ සීතළේට පොරෝනා දහයක් තිබුණත් මදිය.
ඇයද රෑ දෙගොඩ හරියක් වන තුරු එහා මෙහා පෙරලෙනු මා
අසා ගෙනය.
පසු දින කාර්යාලයේදී මගේ හවුල් කාරිය ජීන්,
” whats wrong ? යයි ඇසුවාය.
අප අතර සුළු බහින් බස් වීමක් වූ බව මම කීවෙමි.
” so.. you guys going to separate… ?”
” නැහ්.. මම මේ ට්‍රයි කරන්නෙ එයාට කෝල් එකක් අරන් සොරි කියන්න”
ජීන් අනික් පැත්ත හැරී මොනවාදෝ මුණු මුණු ගෑවාය.
ඇය කියන්නට ඇත්තේ ” ස්ටුපිඩ් හෝ වියර්ඩ්” කියා විය යුතුය.
ප්‍රෙෂර් එකට උදේට බොන පෙත්ත අතට ගත්තා මට මතකය.
එය බිව්වාද කිය නිච්චි නැත.
මේ වගේ වෙලාවට පාවිච්චි කිරීමට අමතර බෙහෙත් පෙති
බෝතලයක් කාර්යාලයේද ඇත.
එයින් එකක් බීමට සිතුනත් , ගෙදරදී මම පෙත්ත අරන් තිබුණා
නං ඕවර්ඩෝස් වී මගේ රුධිර පීඩනය අවදානම් ලෙස
පහල යනු ඇත.
මම ඇයට කෝල් කළෙමි. ෆෝන් එක එන්ගේජ්ය.
කීප වතාවක්ම උත්සාහ කළෙමි.
පැයකින් පසුව ඇය අල්ලා ගැනීමට මට හැකි විය.
මා කතා කරන්නට පෙර ඇය කතා කළාය.
” ඔයාගෙ ෆෝන් එක බිසි. මම කොච්චර ට්‍රයි කළාද ?”
” මොකටද තරහ ඈයො කතා කරන්නෙ ?”
” අනෙහ්… මට කතා කරන්න ඕන නෑ.. ඔයාගෙ බේත් පෙත්ත මම
දැක්ක මේසෙ උඩ අමතක වෙලා දාල ඇවිත්.. ඒක කියන්න
මම කෝල් කළේ”..
තත්පර 15 ක නිහැඬියාවක්
” මොකද ඊයෙ රෑ කෙඳිරි ගෑවෙ ? ක්ලොසට් එකේ නින්ද ගියේ නෑ නේද?
හොඳ වැඩේ.. මම නං හොඳට නිදා ගත්ත”
” ඔව් මට ඇහුන පෙරලි පෙරලි ඉන්නව”
” මම බලාගෙන හිටියෙ දැන් එයි.. දැන් එයි.. කියල”
” මහ වරුසාවට
පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි..
නොක්කාඩුවට පසුව
ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි”
නියම සටහනක් . හරි අපූරුයි
මගේ අනික් බ්ලොග් එකත් බලන්න. විවේක වෙලාවක. nihal1958.blog.com
හරිම ඉහලයි. උපරිමේට රස වින්ඳා.ඒත් ප්‍රතිචාර වලට කෙටියෙන් හරි උත්තර දෙන්න බලන්න.
කඩයිම් ප්‍රශ්ණයක්- ඔයා ටිකක් සීරියස් මූඩ් එකේ ඉන්න කෙනක්ද? ඉක්මනට තරහා යනවාද?
මම ටිකක් නෙවේ හොඳටම සීරියස්. හැබැයි මම අන්තිම පේළියෙන් ඉවත් උනේ කේන්තියෙන් නෙවේ.. මගේ මේ ස්ටයිල් එක එතනට නොගැලපෙන නිසයි. නෑ මම කේන්ති යන කෙනෙක් නෙවෙයි. කේන්තියක් ගියත් තප්පර ගාණකින් බැහැල යනව.
කොහේ උන්නත් ලංකාවෙනෙ පැල උනේ නේද. හරිම ලස්සනට ලියල තියෙනව අන්තිම පේලි ටික.
මම ලියන්නෙ මගේම කතාව. ඇත්තටම ලස්සන අත්දැකීම් පිරුණු එකක් මගේ ජීවිතය. අසුන්දර දේවලුත් එමටයි. ඒත් මට දැන් ඒව පේන්නෙ සුන්දර විදියට.
Heart Touching….
Thank you
thank you for visiting my blog.
Thank for your encouraging comment.
බොහොම සුන්දරයි නිහාල් අයියෙ. අර අන්තිම දෙබස් කීපය නම්………… විශිෂ්ටයි.
ඔබ යම් රසයක් වින්දා නම් එයයි මගේ තෘප්තිය. සහ තවත් මොනව හරි කුරුටු ගෑමට ලබාදෙන ශක්තිය
යතාර්ථය යතාර්ථවාදීව. බෝම ලස්සනයි
ප්‍රතිචාරයට පිං. මගේ අනික් බ්ලොග් එක ” සැබෑ මිනිසා”. ඉඩ තියෙන වෙලාවක ඒකත් බලන්න. nihal1958.blog.com
බටහිර සමාජයට අනුව හැඩගැසුණු අයත් පෙරදිග අයගෙ සමාජයයි ජීවිතය දකින විදිය අහසට පොළොව වගේ කියලා හිතෙන්නෙ මේ වෙලාවට තමයි..
මම ඔබේ බ්ලොග් එක පැත්තෙත් එනව. මම ටිකක් කමෙන්ට් කරන්න නං හොරයි. ඒත් මම වැරදි හදා ගන්න බලනව. මොකද මම දන්නව කමෙන්ට් එකක තියෙන වටිනාකම
එදා සහ අද පවුල අතර වෙනස ඉතාම ලස්නට පිලිබිබු වේ.
මම ලියන්නෙ මගේම කතාව. කාට හරි පාඩමක් ලැබෙයි කියල මම හිතනව.