කිසිදාක නොදුටු , කිසිදාක හමු නොවන බ්ලොග් මිතුරියක වන, අනං මනං පල් හෑලි වෙනුවට හර බර දෙයක් හැමදාම ලියන අරුණි ෂපිරෝ විසින් ලියන ලද ඇමරිකන් ගිනි නිවන හමුදාවේ බෙල්ලන් උත්සවය කියැවීමෙන් පසුව මෙය ලිවීමට සිතුනි.
කිතුණුවන්ද , මුස්ලිමුන්ද , මිනිසා දෙවියන්ගේ නිර්මාණයක් යැයි කියයි. බෞද්ධයින්; මිනිසා මැව්වේ මහ බ්‍රහ්මයා යැයි කියයි.
මුලින්ම ඒක සෛලීය ජීවින්ද , දෙවනුව ද්වි සෛලික ජීවින්ද, අනතුරුව බහු සෛලිකයින්ද බොහෝ කලක් පරිණාමයට ලක්වීමෙන් මිනිසා ඇතිවූ බව නවීන විද්‍යාව සාධක සහිතව පවසයි.
මුලින්ම හැදූ කොම්පියුටරය අඩි 12 x 10 කාමරයක් තරම් විශාලය. එහෙත් එය වෙනස් කම් වලට භාජනයවී අද එය අල්ලේ සඟවා ගෙනයා හැකි තරමට කුඩා වී ඇත.
එහෙත් මිනිසා , එදා හිටි මිනිසාමය. ඔහුගේ ශරීරයට මීට වඩා වෙනස් කම් එකතු කළ නොහැක. එහි තවත් වැඩි දියුණු කළ යුතු යමක් නැත.
විසඳුමක් නැති , විසඳුමක් සොයා ගැනීමට අපහසු හැම දෙයක්ම දෙවියන්ගේ කර පිටින් යවන අප , මිනිසා ද දෙවියන්ගේම නිර්මාණයක් යැයි සිතීමෙන් මනස නිරවුල් කර ගත හැක.
කාමෝද්දීපනය සඳහා මිනිසා විසින් විවිධ ද්‍රව්‍ය පාවිච්චි කරන බව ප්‍රකට රහසකි. විශේෂයෙන් චීන ජාතිකයන් සමහර ගස් වල පොතු ( Ginseng ) වර්ග කෑමෙන් මෙසේ උද්දීපනයක් ඇතිවන බව කියයි. සිංහළ ජනවහරේ එන ” නඟා මැරූ අල” ද එවැන්නකි.
බ්‍රසීලයේ එක්තරා මකුලු විශේෂයක බොකු තෙලෙන් බැද කෑමෙන්ද , දූරියන් , වැල් පෙනෙල වැනි දෑ වලින්ද එවන් ශක්තියක් ඇතිවන බව කියයි. ප්‍රතිපල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.
රසායනික ද්‍රව්‍ය භාවිතයෙන්ද මෙසේ ශරීරයේ විවිධ කොටස් වල වෙනසක් ඇති කල හැකිය. එහෙත් මෙසේ උද්දීපනයක් ඇතිවීමට පෙරාතුව ඒ සඳහා ආශාවක් Desire ඇතිවිය යුතුය. මෙලෙස Desire එකක් ඇතිකළ හැකි බෙහෙතක් තවම හොයා ගෙන ඇතැයි මම නොසිතමි.
සෑම යන්ත්‍රයකටම මෙන්ම , දෙවියන් විසින් නිමවා ඇති මෙම මිනිස් යන්ත්රයටද ආයු කාලයක් ඇත. යන්ත්‍රයේ පාවිච්චියත් , කල් ගත වීමත් නිසා ඕනෑම යන්ත්‍රයක් ක්‍රමයෙන් අක්‍රීය වේ. මිනිසාද වියපත් වන විට ශරීරයේ පේශි දුබලවේ. ඒවා යතා තත්වයට පත් කළ නොහැක.
ලංකාවේ සිටියදී මගේ අංශයේ සේවය කළ සේවක මහතෙකු වන විජේරත්න මා සමඟ ඉතා හිතවත් විය. ඔහු , පිරිමියෙකු විවාහ වන වයස පසු කරමින් සිටියේය. ඔහුට බාල සොයුරියන් තිදෙනෙකුම වීම නිසා, ඔවුන් විවාපත් වනතුරු ඔහුගේ විවාහයද කල් ගිය බැව් ඔහු කීවේය.
හදිසියේම ඔහු මට කීවේ , යෝජනාවකින් ඔහු විවාහ වීමට යන බවය. ඒ වන විට ඔහුගේ වයස 45 කි.
මගේ පරණ ඇඳුම් කට්ටලයක් දීමටත් , සාක්කියට අත්සන් කිරීමටත් , මංගල දිනයේදී කතාවක් පැවැත්වීමටත් මට සිදුවීය.
විවාහයෙන් පසුව ; විජේරත්න, රවුල , කොන්ඩය කපා වඩාත් පිරිසිදුවට සිටියේය.
එහෙත් මාස කීපයකින් මේ සියල්ල වෙනස් විය. අධික දුම් පානයටත් , කසිප්පු වලටත් ඔහු ඇබ්බැහි විය. ඔහු ගෙදර නොගොස් , උසස් නිලධාරීන් සඳහා වෙන් කෙරුනු, අළුත්වැඩියාව සඳහා වසා තිබුනු නිල නිවසක ඔහු පදිංචියට ගියේය.
” මොකෝ විජේරත්න ප්‍රශ්නෙ ? ඇයි ගෙදර නොයන්නෙ ?”
” මට ගෙදර යන්න හිත් දෙන්නෑ සර් ”
” ඒ මොකද ? ”
” සර් මට කොච්චර උදවු කරල තියෙනවද ? මට සර්ට හංගන්න ඕන නෑ. ඒත් මේක මගේ පුද්ගලික ප්‍රශ්නයක්”
” කමක් නෑ කියනවා බලන්න. හැම දේකටම විසඳුමක් තියෙනවානේ ”
” මට මගෙ පවුල ලඟට යන්න බෑ සර්”
” ඒ කිව්වෙ ? ”
” මේ අවයව වල පණ නැති ගතිය සර් ”
” විජේරත්න කලබල වෙන්න එපා. මං අඳුරන දොස්තර මහත්තෙක් ඉන්නවා. අපි දවසක ගිහින් හම්බ වෙමු”
” අනේ සර්ට බුදු බව අත් වෙයි”
ආනන්ද අතපත්තු මගේ මිත්රයෙකි. දොස්තර කෙනෙකුගෙ මෙන් බැරෑරුම් පෙනුමක් ඇති ඔහු ගණාධිකාරීවරයෙකි.
දිනක් එක් හවසක මම විජේරත්නත් කැටුව ඔහු හමුවීමට ගියෙමු.
” මේ මගේ අඳුරන දොස්තර මහත්තෙක්,.. ඔයාගෙ ප්‍රශ්නෙ කියමුකො බලන්න”
මගේ මිතුරා පොඩි රඟපෑමක් කරමින් ,
විජේරත්නගේ නාඩි අල්ලා බලා , පසුව ඇඳේ හොවා බඩ තද කර බලා ,
” ඔයාට දියවැඩියාව එහෙම තියෙනවද ?”
” අපොයි නෑ සර්”
” හොඳයි අපි බලමු. මම මේ මහත්තයා අත බෙහෙත් පෙති ටිකක් එවන්නම්…
ඒකට හරි නොගියොත් පොඩි ශල්‍යකර්මයක් කරන්න වෙයි.. අපි බලමූ”
ඊළඟ සතියේ කුඩා බෝතලයක බහා කුඩා කහ පාට පෙති 25 ක් පමණ ඔහුට දී;
” හරි විජේරත්න.. මේක වැඩේ පටන් ගන්න පැයකට කලින් බොනව. දවස් තුනකට සැරයක් බිව්වාම ඇති. මූත්‍රා පිට වෙන කොට ටිකක් කහ පාට වෙයි.. බය වෙන්න එපා”
විජේරත්න ආපසු තම නිවසට ගියේය. සති දෙකකින් පසුව ඔහු දකින විට ඔහු කොණ්ඩය කපා, රැවුල බා පිරිසිදු ඇඳුමක් හැඳ සිටියේය. ඔහු සතුටින් ඉන්න බව මට පෙනුනි.
පසු දිනෙක රතු පාට පටියකින් වෙලූ පාර්සලයක් රැගෙන මා හමුවීමට පැමිණි ඔහු;
” මේ මොනවද ?”
” වැලි තලප.. සර් ආසයි නෙ කන්න.. අපේ පවුල හැදුවෙ.. මට අර දොස්තර මහත්තය මුණ ගැහෙන්නත් ඕන .. ස්තූති කරන්න”
බොහොමයක් අසනීපවලට මුල හිතය. විජේරත්නට දුන්නේ විටමින් බී පෙති බව දන්නේ මමත් , මගේ “දොස්තර” මිතුරාත් පමණි.
බ්‍රහ්ම සහ බ්‍රාහ්මණ යනු පැහැදිලිවම කොටස් දෙකක්. බ්‍රාහ්මණ කියන්නෙ භාරතයේ සිටිය චතුර් වර්ණ වලින් එක කුලයක්. බුදුන් වහන්සේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියල කොටස් 3 කට සත්ත්ව ලෝකය වෙන් කරලා තියෙනවා. සතර අපාය, මනුස්ස ලෝකය සහ සදෙව් ලෝක, කාමාවචර ලෝක වලට අයිතිලු. රූපාවචර, අරූපාවචර ලෝක වලට තමයිලු බ්‍රහ්ම ලෝක අයිති වෙන්නෙ. සුද්ධාවාස, අකනිටා, අභස්සර, නේවසඤ්ඤා නාසඤ්ඤායතනය, ආකිංචායතනය වගේ ලෝක, බ්‍රහ්ම ලෝක වලට උදාහරණ.
බ්‍රහ්ම ලෝක කියන්නෙත් අපි වගේ මිනිස්සුන්ටත් සිත දියුනු කරගත්තොත් මතු භවයක ඉපදෙන්න පුලුවන් ස්ථාන. උදාහරණයක් විදිහට සිදුහත් තවුසාණන් ගෙ ගුරුවරයින් වන ආලාර කාළාම, උද්දක රාම පුත්‍ර දෙදෙනා රූපාවචර/අරූපාවචර ධ්‍යාන තත්ව වලට සිත දියුනු කරල සිටි නිසා මරණින් මතු බ්‍රහ්ම ලෝකවල උපත ලැබුවාලු. බුදුන් වහන්සේට ප්‍රථම ධර්ම දේශනාව ඒ උතුමන්ලට කරන්න බැරි උනෙත් ඒ නිසයි. කෙනෙක් අනාගාමී මාර්ග ඵලයට පත් උනොත් එයත් මරණින් මතු සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවලු. ඒ නිසා කිසිම බ්‍රහ්මයකුට තව කෙනෙක්ව මවන්න බෑ. බ්‍රහ්මයෙක් කියන්නෙත් සසර සැරිසරන සත්ත්වයෙක් පමනයි. එයාගේ කුසල කර්ම ක්ශය උනහම අපාගාමී වෙන්න උනත් ඉඩ තියෙනවා.
මම කියවලා/අහලා තියෙන විදිහට මේ වගේ අදහසක් තමයි බෞද්ධ මතය වෙන්නේ.
//බෞද්ධයින්; මිනිසා මැව්වේ මහ බ්‍රහ්මයා යැයි කියයි.//
මේක බොරුනේ,, ඇයි බොරු දාන්නේ,මම දන්න විදියට බුදුදහමේ තියෙන්නේ අපෝ,තේජෝ,වායෝ,පඨවි කියන ඒවයින් ශරීරය හැදිලා තියෙනවා කියලයි,,මහා බ්‍රහ්මයෙක් නිර්මාණය කලා නොව හේතුඵල දහමට අනුව(කර්මයද යම් තාක් බලපා) මිනිසා ඇතුලු සත්වයින් බිහිවන බව බෞද්ධයන්ගේ දර්ශනයයි
මම කුඩා කතාවක් ගොඩනැගුවා විතරයි. ඔබේ කමෙන්ට් එක මට ඩිලීට් කරල දාන්න තිබුන. නමුත් මම එහෙම කරන්නෙ නැහැ. ඔබ චෝදනා කරල තියෙනව මම බොරු දානව කියල. මම මේවගෙ තැන්වල බොරු කියන වයසෙ ඉන්න කෙනෙක් නෙවේ. සමහර විට ඔබ අහල නැතිව ඇති ජනවහරේ තියෙනව ” මහ බඹා” ලෝකෙ මැව්ව කියල. ඔය නව කතා පොතකුත් තියෙන්නෙ ” බඹා කෙටූ හැටි” කියල. ඕවා එකිනෙකාගේ හුදු මතයන් විතරයි. කෙසේ වෙතත් ප්‍රතිචාරයට ස්තූතියි.
මිනිසා ‘හැදී තිබෙන්නේ’ කෙසේදැයි බුදුන් ගේ දර්ශනයෙන් විස්තර කෙරෙනු මා අසා නැත. හේතුපල දහම මිනිසා හැදී ඇති සංඝටක විස්තර කිරීමට වඩා බොහෝ ඈත ගිය දෙයකි. එහෙත් මිනිස්සුන්ට අවශ්‍ය මිනිසා හැදී ඇත්තේ කෙසේද වැනි සිල්ලර ප්‍රශ්න වලට උත්තරය. ඒ උත්තරය බුද්ධාගම්කාරයින්ටද අවශ්‍යය. ඊට උත්තර ලෙස ‘මහ බඹා’ පසු කලෙක වෛදික මත වලින් ලැබෙන්නට ඇත.
ඒක තමා මම කියල තියෙන්නෙ.. හේතුවක් හොයා ගන්න බැරි දේ දෙවියන් පිටම පටවන එක හොඳයි කියල.
ඔයාට හොද දේ ඔය කියන විදියකට දාගන්න.බෞද්ධයින්; මිනිසා මැව්වේ මහ බ්‍රහ්මයා යැයි කියන නේ නැතිව. වැරැද්ද පෙන්නුවම කව්රු හරි වැරැද්ද පිළිගන්න තේරෙනවා නං. කොමෙන්ට් ඩිලීට් කරන්න පුළුවන් කියන්නේ නැතිව
Ow Uncle Nihal,oya wage aagama samandayen weradi prakasha saha murandu reply walin apita oya gena thiyena gaurawaya kemeththa nethi wenna puluwan. Oyata Buddhagama gena wedi denumak,bhakthiyak,reka ganna one kiyala hengeemak nethi bawa oyage samahara post walin theruna. Man dannawa,medi wayasata awata passe hithana pathana widiya kauru nisawath wenas karan nethi tharamata murandu wenawa kiyala. Eth api me kiyanna hadana de poddak salaka balanna. E erenna oya tharam honda lekhakayek mata hambu wela nethi tharam.
බුද්ධාගම ආගමක් නොව දර්ශනයක්. එහි පරතෙරක් නැහැ. ආගම් , දේශපාලනය වැනි දෑ විවාදයෙන් කවදාවත් දෙදෙනෙකුට එකඟ වන්න බැරි මාතෘකා. මා බුදු දහම විෂයක් ලෙස හදාරා නැහැ. එහෙත් බුදුදහම, සෙන් බුදුදහම ගැන ලියැවුනු පොත් හා භගවත් ගීතාව වැනි පොත් රාශියක් කියවා තිබෙනවා.
ඔබ කියනා පරිදි මා මුරණ්ඩු කෙනෙක් නම් නෙවෙයි. මා දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝ නිසා ඕනෑම කෙනෙකුගේ අදහස් වලට කන් දීමට මා සූදානම්. ” ලෙඩේට බෙහෙත්” ලිපියෙන් ඔබ ගත යුත්තේ බොහෝ ලෙඩ වලට මුල හිත බව විතරක්මයි.යම් කෙනෙක් මාතෘකාවෙන් පිට ප්‍රතිචාර සපයමින් ” මා බොරු ලියන” බව කියා තිබෙනවා. ඊට මා කැමති නැහැ. අනෙක් ප්‍රතිචාරද කියවන්න. ඔබට ස්තූතියි
ජීවීන් නම් මෑවු අයනම් නෙමේය.ඔවුන් පරිනාමය වු අයම වේ. නමුත් අප පෘතිවිය පිලිබද සලකන කල්හි, මෙහි වාසය කරන මිනිසුන් වෙනත් ජීවීන් කොටසක් විසින් මෙම පෘතිවියෙ තුල ඉස්තාපනය කල කොටසකි යන්න මගෙ මතය වේ. එම අදහස පරිනමය දෙස පසුපස හරී බලනවිට මනාව පිලිබිබුවේ. මක්නිසාද Homo sapiens, Homo neanderthalensis, Homo erectus, යන ආදී මනවයින් ජීවත් වූ කාල සන්සන්දනය කරන විට එකම කාලය ආසන්න කාල තුල මෙම මනවයින් වාසය කර ඈති බවට දැකගත හකිය. එකියනේ එක වර්ගයක මානව කන්ඩායමකින් තවත් මනව කන්ඩයමක් පරිනාමය වූවා විය නොහැක. ඩාවින්ගේ මතය අනුව එසේ පරිනමය වීමට වසර දහස්ගනනක් ගතවේ. එහෙත් මෙම කාල පරසය එතරම් විශාල නොවේ.
පළමුව, ලිපිය ආරම්භයේදී සිතට නැගුනු පැනයක් විසඳා ගැනීමට සිතුවෙමි.
හින්දූන්ට අනුව, සියල්ල මහ බ්‍රහ්මයාගේ නිර්මාණයකි. බ්‍රහ්මණයෝ, ඔහුගේ මුවින් උපන් හෙයින්, ඒ නම් ලැබු බව පැවසෙයි. බෞද්ධ දර්ශණයේ නිර්මාණවාදය ප්‍රතික්ෂේප කර ඇත. කුඩා කල සිටම, බෞද්ධයින් උගන්නා මූලික හරයකි එය. තත්වය එසේ තිබියදී, බෞද්ධයින් විසින්, මිනිසා මැවුවේ මහ බ්‍රහ්මයා බව “කියන” බවක් ඔබ කියයි. හින්දු ආගමේ සහ සංස්කෘතියේ ආභාෂය නිසා,(ලංකාවේ)බෞද්ධයින් එසේ කියන බව නොකියා, ඔවුන් එසේ “විශ්වාශ” කරන බව පැවසුවේ නම්, අඩු තරමේ එය උපහාසය මුසු කියමනක් බවට හෝ පිළිගන්නට තිබුණි. හේතුව, බෞද්ධයින්ද (සියල්ලන් නොවූවත්) දෙවි සරණ පතා දේවල, කෝවිල් වල සතුන් බිළි දීම වැනි අමන ක්‍රියාවන්ට පවා සහභාගි වන බැවිනි. නමුත්, බෞද්ධයින් මිනිසා මැව්වේ බ්‍රහ්මයා යැයි කියන බව කීමෙන් බුදු දහමෙහි එසේ කියැවෙන බවක් ඇතැමෙකුට හැඟී යා නොහැකි යයි තර්ක කළ නොහැක. එනිසා එම ප්‍රකාශය, බුදු දහම පිලිබඳ නිවැරදි නොවන එකකි. එය ඔබ අතින් සිදුවූ අත් වැරදීමක් ද, නැතහොත් ඔබ විසින් එය වුවමනාවෙන්ම එසේ සඳහන් කරන ලද්දේ දැයි නොවැටහේ. කෙසේ වුවද, මේ පිළිබඳ ඔබතුමාගේ අදහස් දැන ගනු කැමැත්තෙමි.
බෙහෙත්, ප්‍රතිකාර හා සිත අතර ඇත්තේ පුදුමාකාර සම්බන්ධතාවයකි. ඔබතුමන් විසින් දක්වා ඇත්තේ ඊට හොඳ නිදසුනකි. මෙහි, මා විසින් පසුගිය කාලයේ ලැබු අත්දැකීමක් ද සඳහන් කරනු කැමැත්තෙමි. ලේ වල පවතින අසමතුලිතතාවයක් හේතු කොටගෙන, ආයුර්වේද ප්‍රතිකාර ලබමින් සිටින්නෙමි. දොස්තර මහතා පැවසූ පරිදිම, ප්‍රතිකාර ගැනීම ආරම්භ කොට ටික දිනකට පසු සමේ කැසීමක් ඇති විය. බෙල්ලේ සහ අත් දෙකේ ඇතිවූ සුළු කැසීම ක්‍රමයෙන් වැඩිවී සම රතු පැහැ ගන්නට විය. ඉවසා සිටිය නොහැකි තැන, දොස්තර මහතාට ඇමතුමක් දී ඇති වී තිබෙන තත්වය විස්තර කළෙමි. පසුව මම ඔහු හමු වීමට ගිය අතර, ඔහු දුන් තෙල් වර්ගයක් ආලේප කිරීමෙන් පසු තත්වය සමනය වෙමින් පවතී. මෙහි කිව යුතු වැදගත්ම කරුණ නම්, දොස්තර මහතට දුරකතන ඇමතුම් දුන් වෙලේ, ඔහු මට පැමිණ බෙහෙත් රැගෙන යාමට කී වෙලාවේ සිට, බෙහෙත් රැගෙන නැවත පැමිනෙමින් සිටි කාලය අතරතුර කැසීම ක්‍රමයෙන් සැලකිය යුතු අයුරින් අඩුවූ බවක් මට හොඳින් දැණුනු බවයි.
කෙසේවුවද, ආයුර්වේද ප්‍රතිකාර වල ආශ්චර්යමත් බව, මාස කීපයක සිට අත්දකිමින් සිටින බවද කිව යුතුය. ආයුර්වේද ප්‍රතිකාරම මීට පෙර දෙවරක් හා, බටහිර වෛද්‍ය ප්‍රතිකාර විටින් විට ලැබූ මුත්, සැලකිය යුතු වෙනසක් නොවීය. කිව යුත්ත නම්, දැනුම තිබූ පමණින් සෑම කෙනෙකුටම ඉගැන්වීම කළ නොහැකියි යන්න, මේ විෂය සම්බන්ධයෙන් ද බලපවත්වන වගයි. කිසිවෙකුට හෝ වෙදැදුරු හමුවීමට අවශ්‍ය නම්, ඔහු සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දීමට බෙහෙවින් සතුටුවෙමි. ඔහු ප්‍රසිද්ධ ප්‍රචාරණය බලාපොරොත්තු නොවන නිසා, මෙහි තොරතුරු පළ කිරීමට නොහැකි බව කරුණාවෙන් සළකන්න.
ප්‍රතිචාරයට ස්තූතියි. මම අදහස් කළේ එයම තමයි. විශ්වාසයක් විතරයි.
ඔව් බ්‍රහ්ම කියනෙ හින්දු මැවුම් වාදයේ පියා [මම දන්න විදියට]
බ්රාහ්මන කියන්නෙ බ්‍රහ්ම විසින් මවාපු හින්දු සමාජයේ තියෙන කුල [බ්රාහ්මන. ක්ෂත්රීය. වෛශ්‍ය. ක්ශුද්‍ර] වල ඉහලින්ම උතුම් කියල සලකන කුලය.
මම තවමත් දන්න තරමට ඩාවින් ගේ පරිනාමවාදය ඉක්මවා ගියපු සාර්ථක මතයක් ඉදිරිපත් වෙලා නෑ. එහම වෙච්ච පමනින්ම ඒක සර්ව සාදාරණ සත්‍ය කියල පිලිගැනීමක් වෙන්නෙ නෑ. මොකද මම කියවල තියෙන බොහොම සුළු කියවීම් වලදි මට මුනගැහිල තියෙනව ඔය තියරියේ හිල්.
උදාහරනයක් විදියට ඩවින් ගේ පරිනාමවාදය [ස්වාභාවික වරණය] කියනව ජිරාෆ්ගේ බෙල්ල දික් උනේ උස් ගස්වල අතු කන්න ගිහිල්ල [එක රැයකින් නෙමේ] කියල. ඒ කතාව ඇත්තනම් මුල්ම ජිරාෆ්ගෙ බෙල්ල කොට වෙන්න එපාය. ඒත් කොට බෙල්ලක් තියෙන එක ජිරාෆ් පොසීලයක්වත් තාම හම්බුවෙලා නෑ නේද?
ම්නිසා පරිණාමනය වුනේ චිම්පන්සිය. ගෝරිල්ල, ඔරනොටහ්ගෙන් නම් කෝ මනුස්සයයි උනුයි අතරෙ එවුන්? එකපාරටම ගෝරිල්ල නියැන්ඩතාල් වුනාද? කොහොමත් මිනිහා පැවතෙන්නෙ හෝමෝසේපියන් ගෙන් මිසක් නියැන්ඩතාල්ගෙන් නෙමෙයිනෙ. හෝමොසේපියන්නුයි ඔය ආදිකල්පික වානරයොයි අතරෙ ඉඳපු එකා මිසින් [the missing links in human evolution]
ඔය මිනිසා පරිනාමනය උනායැයි කියන ආදිකල්පික වානරයො [ඔරංඔටං, ගොරිල්ල, චිම්පන්සිය] තවමත් ජීවී කොට්ඨාශයක් විදියට ඇයි ඉතුරුවෙලා ඉන්න උනුත් වෙනමම ආරක මිනිස් කොට්ඨාශයක් විදියට පරිණාමනය නොවී?
ඔන්න ඔය වගේ ප්‍රශ්ණ නිසා ඩාවින්ට වාදයකින් එහාට තවමත් යන්න බැරිවෙලා තියෙනව. කවදහරි ඔය දේවල් වලට උත්තර හොයාගත්තොත් ඩාවින් ගොඩ. එතකං ඒක වාදයක් විදියටම පවතීවි.
කමෙන්ට් එකට ස්තූතියි. කතාවෙ මාතෘකාවෙන් පිටට ගියාට කමක් නැහැ මම මගේ මතයත් කියන්න එපායැ.
ලෝකෙ දේවාවාදීන් වැඩි. මැවුම් කරුවෙකු/ දෙවියෙකු ඉන්න බව විශ්වාස කරන පිරිස වැඩි. ඩාවින්වාදය යමෙක් පිළිගතහොත් ඔවුන්ට අර විශ්වාස් බැහැර කරන්න වෙනව. ඒකයි ඩාවින්වාදය තාමත් වාදයක් හැටියට පවතින්නෙ.
ඔබේ තර්කය හරි. සියළුම වානරයින් මිනිසුන්වුනා නම් වානරයින් අවසන් වෙන්න එපායැ. ඒත් තාමත් වානරයින් ඉන්නව. අතරමැදියන්ගෙ ෆොසිලත් නෑ. ඒත් ගොඩබිමට හුරුවෙන මත්ස්යනගෙ අතරමැදි අවස්තා තියෙනව. උදා: පෙන්ගුයින්. සහ සමහර මැඩියන් වර්ග.
“බෞද්ධයින්; මිනිසා මැව්වේ මහ බ්‍රහ්මයා යැයි කියයි.”
කොහෙද බුදු ,මාමෙ එහෙම තියෙන්නෙ……..
හැබැයි දැන් ඉන්න බෞද්දයාව නම් මැව්වද කියන්නත් බැ,ලන්කාව ඉතින් ගෞතම බුදුන්ගේ දේශයනෙ.
“බෞද්ධයින්; මිනිසා මැව්වේ මහ බ්‍රහ්මයා යැයි කියයි.” මෙ කතව සම්පුරනයෙන්ම බොරු..ඔයා කොහෙද මෙහෙම කියවල තියෙනෙ??????????
මාත් එකගයි. එහෙම කතාවක් නෑ. බුදුදහමට අනුව මිනිසා බිහිවෙන්න, ඩාවින්ගේ පරිනාමය වගේම ක්‍රියාවලියක් තියනවා. ඒක ටිකක් සංකීරනයි. මටනම් විස්තර කරන්න අමාරුයි. ඒව මෙතන සාකච්චා කරන්න ඔනෙ නෑ. වැරද්දක් නිවැරදි කලා විතරයි.
ඇත්ත ගොඩක් ප්‍රශ්න වලට උත්තර තියෙන්නෙ තමන්ගෙම සිතේ.
බ්‍රහ්මයෙක් ගැන ලියවුනු පොත්පත් මමත් දැකල නෑ. ඒ හා සම්බන්ධ වෙබ් සයිට් එහෙමත් නෑ. ඒත් බෞද්ධ කතාවල පේන්න ඉන්නව ” බ්‍රහ්ම”යෙක්. බ්‍රහ්මලෝක ගැන සඳහන් වෙනව.
බ්‍රහ්මයා මිනිසුන් මැව්ව විතරක් නෙවි, මින්සාගෙ ඉරණමත් නළලෙ කොටල තියෙනව කියල ව්‍යවහාරයෙ පවතිනව. ඕව පොත්පත්වල තියෙනවද මමත් දන්නෙ නැහැ.
කිතුණුවන් හා මුස්ලිමුන් දෙවියෙක් ගැන විශ්වාස කරනව. ලෝකය , මිනිසා මැව්වෙ දෙවියන් කියල ඔවුන් විශ්වාස කරනව. බ්‍රහ්මයා හෙවත් බඹා දෙවියන්ට ඉහළයි. බෞද්ධයන් කාටවත් සකන්ඩ් වෙන්න බැරි නිසා වෙන්න ඇති බ්‍රහ්මයා ලෝකය , මිනිසා මැව්ව කියල කියන්නෙ. ඕව පොත් පත් වල නැතුව ඇති. ඒත් කටවහරෙ පවතිනව. ඔය හාමුදුරුවො බණ කියනකොටත් කියන්නෙ
සිත මිස කය නැති බඹ ලොව කියලත් කියනව. ආගම , දේශපාලනය වගෙ දේවල් තර්ක කරල විසඳුමකට එන්න අමාරු මාතෘකා
කමෙන්ට් එකට ස්තූතියි
හාමුදුරු වරු බණට කියන ඒව උනත් විස්වාස කරන්න අමාරුයි. මම දවසක් රේඩියෝ එකේ ගියපු බණක් අහනවා. හාමුදුරුවෝ කියනවා බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාන්න යද්දී ආනන්ද හාමුදුරුවෝ ඇහුවලු පිරිනිවනින් පස්සේ ඔබවහන්සේගේ ශ්‍රී දේහයේ කටයුතු කොහොමද කරන්න ඕනේ කියල. එතකොට බුදු හාමුදුරුවෝ කිව්වලු දේහය සිනිදු කපු සළු 500 කයි තවත් මොනවද සළු 500 කයි දවටලා සඳුන් දර සෑයක දවන්න කියල. මේ ජීවත්ව ඉද්දිත් රජවරු වෙහෙර විහාර පුජ කරද්දී, වටිනා සිවුරු පූජ කරද්දී, ඒව අතහැරිය බුදු හාමුදුරුවෝ තමන්ගේ මෘත දේහයට එහෙම කරන්න කියයි ද? මොන පිස්සු කතා ද? ඔබතුමාට නියම බුද්ධාගම ගැන දැනගන්න ඕනෙ නං කියවන්න වල්පොල රාහුල හාමුදුරුවෝ ලියපු What the buddha taught පොත. මම කියෙව්වයින් කියෙව්වේ නෑ ඒවගේ නියමෙට බුදු දහම ගැන ලියල තියෙන පොතක්.
එක් පුද්ගලයෙකු විසින් ප්‍රකාශ කළ දෙයක්, අවුරුදු දෙදහස් 2550 කට වැඩි කාලයක් තිස්සෙ පැවත ගෙන එද්දී, ඊට මුල් පුද්ගලයා විසින් එකතු නොකළ කිසිවක් එකතු විය හැකියි. ධර්ම සංගායනා ආදිය වරින් වර පැවැත්වූයේ ඒකනේ. තමන් කිවු නිසාවෙන් පිළි නොගෙන, තමන් විසින්ම සොයා බලා සත්‍යය නම් පමණක් පිළි ගන්නට යැයි දේශනා කළ, බුදුන් වහන්සේගේ ධර්මයද අප විසින්ම පරීක්ෂාවට ලක් කළ යුතුය. වර්ථමානයේදීද නිවැරදි නොවන කෙතරම් දේවල් බුදු දහමේ නාමයෙන් ඊට එකතු වෙනවාද. කුඩා කල දහම් පාසලේදී පවා ඉගැන්වූයේ, සිදුහත් කුමරු සසර කළකිරී ගිහි ගෙය අත්හැර ගිය බවයි. මෙය කෙතරම් නොමග යවන සුළු හා වැරදි කියවීමක්ද යන්න සිතන්න. හුදු අන්ධ විශ්වාසයන් මත නොව, පුද්ගලාවබෝඅධය මත පදනම් වන බුදු දහම දේශනා කළ තැනැත්තා, හුදු කළකිරීම නිසාම මහණ වූ බව කීම නිවැරදි වන්නේ කෙසේද?. කළකිරීම, යමක් අවබෝධය සඳහා වන මගට අවතීර්ණ වීමට රුකුළක් විය හැකියි. නමුත් අපි කතා කරන්නේ, සසර පුරාම අනේක අත්දැකීම ලැබූ, කළකිරීමක් නැති අවබෝධයේ හිණි පෙත්තට ආසන්නයේ සිටි කෙනෙකුන් ගැනයි.
දෙවියන් වගේම බ්‍රහ්මයන් කියලා ජීවින් පිරිසක් ගැන බුදු දසුනේ සඳහන් වෙනවා තමයි. නමුත් ඒකෙ කියවෙන්නෙ නෑ ඔය කියන්නේ හින්දු ආගමේ කියවෙන මැවුම්කාර කතාවක්.
“බෞද්ධයින්; මිනිසා මැව්වේ මහ බ්‍රහ්මයා යැයි කියයි.”
ඔය බෞද්ධ මතයක්, විශ්වාසයක් නොව, හින්දු මතයකි. බ්‍රහ්මන් සංකල්පය හින්දු මූලයකි.
“මිනිසා , එදා හිටි මිනිසාමය. ඔහුගේ ශරීරයට මීට වඩා වෙනස් කම් එකතු කළ නොහැක. එහි තවත් වැඩි දියුණු කළ යුතු යමක් නැත”
මිනිසාගේ ශරීරයට නව අංග එකෙතුවීමක් ගැන නම් මාත් නොදනී. එනමුත් මිනිසා ප්‍රයෝජනයට නොගන්න ඉන්ද්‍රීයන් ක්ෂය වෙමකට ලක්විය හැකි බවට මතයක් අසා තිබේ. සත්‍ය තාවය කොතෙක් දුරට තහවුරු වී ඇද්දැයි මම නොදනිමි. කෙසේ නමුත් භොව්තික සංවර්ධනයක් නැතත් මානසික වර්ධනයක් බුද්ධි වර්ධනයක් සිදු වී නැතැයි පසු ගිය ශතවර්ෂ කිහිපය සැලකීමේදී පැවසිය නොහැක. එයත් එක්තරා අන්දමක පරිනාමීය ක්‍රියාවලියක් ලෙස ගිනිය හැකිබව මාගේ මතයයි.
“මුලින්ම ඒක සෛලීය ජීවින්ද , දෙවනුව ද්වි සෛලික ජීවින්ද, අනතුරුව බහු සෛලිකයින්ද බොහෝ කලක් පරිණාමයට ලක්වීමෙන් මිනිසා ඇතිවූ බව නවීන විද්‍යාව සාධක සහිතව පවසයි”
ඩාවින්ගේ පරිනාම වාදය තවමත් වාදයක් මිස ඩාවින්ගේ පරිනාම නියමය වී නැත.
බ්‍රහ්ම සහ බ්‍රාහ්මණ දෙකොටසක් නේද ?
ඩාවින්ගේ පරිණාමවාදය ඉක්මවා යන සොයා ගැනීමක් ඇත්ද?
බ්‍රහ්ම කියන්නේ හින්දු විශ්වාසයේ හැටියට මැවුම්කාරයා. ඒ අය කියන හැටියට ධූරාවලිය එන්නේ;
බ්‍රහ්මන් > දෙවියන් > මිනිසුන්.
දෙවියන් ඒ ඒ දිව්‍ය ලෝක අනුවත්, මිනිසුන් කුළ අනුවත් හින්දු දහම අනුව දෙවියන් හා මිනිසුන් නැවත කොටස් වලට බෙදෙනවා.
බුද්ධ දර්ශනයේ කියවෙන්නේ මැවුම්කරුවෙක් නැත කියලා.