එහේ සහ මෙහේ….


මා සමඟ එකට සේවය කරන ඇමරිකානු ජාතික සුදු තරුණිය – ජීන්-
හිටි හැටියේම දුරකතනයෙන් කාටදෝ කුණුහරුපයෙන් බැණ වැදී දඩස් ගා රිසීවරය තබා මහ හඬින් හඬන්නට විය.
අවට සිටියෝ අසුන් වලින් නැගිට අප දෙදෙනා දෙස බැලූහ.

මොකද ජීන් ප්‍රශ්නෙ ?

” Its my personal.. Leave me alone”.

තව ටිකක් ඇයට අඬන්ට ඉඩ ඇරිය මම ඇය සන්සුන් වී ඇතැයි සිතා ඇයට කිට්ටු වූවෙමි.
” මොකද වෙලා තියෙන්නෙ? ඔයා ඔයාගෙ පුද්ගලික දේවල් මට ඕන තරම් කියල තියෙනවනෙ?.. මම පුලුවන් උදව්වක් කරන්නම්”

මඳක් මෙල්ල වූ ඇය…” හරි මගෙ හස්බන්ඩ්ට මගෙන් ඩිවෝස් වෙන්න ඕනලු.. උඹ කැමතිද මාව බඳින්න ?”….

” ඇත්තෙන්ම කැමතියි,, ඒත් ඊට කලින් මම මගේ වයිෆ්ගෙන් ඩිවෝස් වෙන්න වෙනවා”
” ඉතින් එහෙම කරපන්”

” මට එයාගෙන් ඩිවෝස් වෙන්න කිසිම හේතුවක් නැහැනෙ”

අපේ රටේ- ඉඳ හිට පොඩි පොඩි ප්‍රශ්න තිබුනත් තවමත් පාරාදීසයක් වන මගේ රටේ බඳින එක අමාරු වැඩක්. ලිහන එක ඊටත් වඩා අමාරුයි.

” උඹලගෙ රටේ ගෑනු, මිනිස්සු දික්කසාද වෙන්නෙම නැද්ද ?”

ඇයි නැත්තෙ ? මොකක් හරි විසඳ ගන්න බැරි ප්‍රශ්නයකදි යාලුවො මැදිහත් වෙනව.. ඒත් බැරි උනොත් දෙමව්පියන්, වැඩිහිටියන්, පංසලේ හමුදුරුවෝ හරි පල්ලියේ ෆාදර් හරි මැදිහත් වෙනව. ඒත් බැරිමනං තමයි නීතියෙ ආධාරය සොයන්නෙ.

මුලින්ම පොලිසියෙ පැමිණිල්ලක් දැම්මාම පොලිසියේ OIC දෙන්නාම කැඳවල ප්‍රශ්නය විසඳන්න බලනව. ඒත් බැරි උනොත් තමයි කේස් එකක් ෆයිල් වෙන්නෙ.

නඩුකාරය මේක මුලින්ම සමත මණඩලයකට දානව. මේ ප්‍රොසෙස් එකට අඩු ගානෙ අවුරුද්දක්වත් යනව. ඒ වෙනකොට සමහර විට ජෝඩුව සමාදාන වෙලා.

උසාවියට ගියත් හේතු කීපයක් ඔප්පු කරන්න වෙනව දික්කසාදෙකට.

ඒ තමා;
ලිංගික දුබලතාවය
වෙනත් ගැහැණියක හෝ පුරුෂයෙකු සමඟ සම්බන්දකම
දීර්ග කාලීනව වෙන්ව සිටීම.

ජීන් මා දිහා කටින් බලා හිටියා.

ඇමරිකාවෙ වීදිවල බෙන්ච් ඇඩ්වටිස්මන්ට් දාල තියෙනව මම ඕන තරම් දැකල තියෙනව ” 1-800- ඩිවෝස්” ඒ කියන්නේ මේ අංකයට නොමිලේ ඕන තරම් වෙලා කතා කරල ඩිවෝස් එකට කටයුතු කරන්න පුලුවන්. ඩොලර් 199 යි. බඳින එක ඊටත් වඩා ලේසියි.

පව්කාර නගරය හෙවත් sin city නමින් හැඳින්වෙන ලාස් වේගාස් වල තැනක් තියෙනව වාහනය පදවාගෙන ගොස් වාහනයෙන් නොබැසම (drive through) ගිහින් කසාද බඳින්න පුලුවන්.

ජීන්ට වයස 33 යි. 18 ක පුතෙක් ඉන්නවාලු. 33 න් 18 ක් අඩුකළාම
15 යි. එතකොට මේ ගෑනි බැඳල තියෙන්නෙ 14 දි.

අපිට නම් විවාහය කියන්නෙ කෙතරම් උත්තරීතර පූජනීය දෙයක්ද?

අපේ ගමේ මාලු දිනේ.. ඔහුගේ නියම නම ජිනදාස උනත් මිනිස්සු ලේසියට කියන්නෙ දිනදාස කියල. දිනදාසලා කීප දෙනෙක් වූ නිසා එක් එක්කෙනාට විශේෂණ පද යොදා තිබුණා.
මාලු දිනේ අහිංසකයෙක්. මාලු පෙට්ටිය බයිසිකළේ බැඳගෙන දවස පුරාම රවුම් ගහන ඔහු හවස් යාමයේ දෙකක් දාගෙන ගෙදර යන්නෙ ඇඟේ පතේ අමාරුවට.
හැමදාම ඒ ගෙදරින් රංඩුවක් ඇහෙනව.
දිනක් ඔහුගේ බිරිය කෑ ගසමින් ලේ පෙරා ගෙන අපේ අම්මා හොයා ගෙන ආවා.
අම්මා ඇගේ තුවාලවලට බේත් දමා” ඈ.. බං උඹට ඔහොම ජීවත් වෙන්න පුලුවන්ද?” කියල ඇහුව.

” අනේ නෝනේ.. ඔය බීපුවහම විතරයි.. නැත්නම් කිරිසප්පය වගෙ” ඈ උත්තර දුන්න.
ඇයට ඔහුගෙන් දික්කසාද වීමට අවශ්‍ය නැත. දික්කසාදය සමහරු සළකන්නේ කුණුහරපයක් ගාණටය.
අදද අපේ ගමෙ දික්කසාද වූ එකම කෙනෙක්වත් නැත.

ඒ අපේ හැටිය.

සිංහල බ්ලොග් කියවනය

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

3 Responses to එහේ සහ මෙහේ….

  1. SiriBiris පවසයි:

    හුටා. “සැබෑ මිනිසා” තාම තියනවනෙ. මේ හැම බ්ලොග් එක්කම අනිත් බ්ලොග්වල ලින්ක් දානවද, හොඳට පේන විදිහට. ඔය ස්යිඩ් බාර් එකේ විජට් එකක් විදිහට, පොඩි පින්තූර කෑල්ලකුත් එක්ක වගේ. එතකොට අපට ඒවා හොයාගන්න ලේසියි. ඒ අනිත් බ්ලොග් වලත් ලස්සන කතා තියනවා. ලාස්ට් රෝ එකේ ඔයාගෙ කතා හොයන්න එක නං ටිකක් අමාරුයි, අයෙ බොරු කියන්නෙ මොකටද? කම්මැලිකම අපේ ජාතික උරුමෙනෙ. ඒ කතාටික මේ බ්ලොග් එකට එකතු කරන එකත් සලකාබලන්න.

    • NIhal Gurusinghe පවසයි:

      සැබෑ මිනිසයි, යථාර්තවාදියයි දෙකම මගේ. වර්ඩ් ප්‍රෙස් එකේ මට අවශ්‍ය කරන උපාංග නැති නිසායි තව එකක් ඇරියෙ. මට ටිකක් විවේකය අඩුයි. ඒත් මම හැම වෙලාවෙම අනෙක් අයටත් කමෙන්ට් ලියනව. ඔබලා ගේ අදහස් වලට මම ගරු කරනව.

  2. SiriBiris පවසයි:

    මොකක්ද ගොයියෝ මේකෙ තේරුම. දැං කීසැරයක් නම මාරුකලාද? මේකෙන් අපිට නේද කෙල වෙන්නෙ, උඹගෙ අළුත්ම බ්ලොග් එක හොයන්න ගිහිල්ලා? ඇයි බං නම මොක වුනත් අපි බලන්නෙ නැද්ද, වටින්නෙ, කතා ටිකයි, ඒවා ලියන විදිහයි නෙව?

    දිගටම ලියන්න. අපි බලන් ඉන්නවා. මේං වැන්ඳා රාලේ, ආයි නම එහෙම මාරු කරනවා නෙවෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )