ආවර්ජනා – කැලෑපත්තර.


කැලෑපත්තර යනු පුද්ගලික රහස් නිර්නාමිකව හෙලිදරව් කරන තවමත් සමහර ගම්වල පවතින අශිෂ්ට සන්නිවේදන ක්‍රමයකි.
මේවා ලියන්නේ කවුද , ප්‍රසිද්ධ කරන්නේ කවුද යන්න පිටිසර ගම්වල කිසිදා නොවිසඳෙන අභිරහස්ය.
මේවායින් සමාජයට යහපතක් වන අවස්තාද නැත්තේම නොවේ.

ගම්වල ගැහැණු -පිරිමි , මුදල් පිණිස හෝ රාගික ආශාවන් සපුරා ගැනීම පිණිස නොවන රහස් ප්‍රේම සම්බන්දතා වල පැටලේ.

1920 ගණන් වල සමාජ රටාව ඇසුරෙන් ලියැවුනු මාටින් වික්‍රමසිංහයන්ගේ ” කරුවල ගෙදර”, පැතලි ලයක් ඇති තිනන්ගේ බිරිඳ , තම පුත්‍රයාට, ගමේ හැඩි දැඩි චංඩියෙකුවූ ජේමිස් සිල්වාගේ මෙන් අත පය පිහිටියේ කෙසේදැයි සිතයි. වික්‍රමසිංහයන් ව්‍යංගයෙන් පවසන්නේ ජේමිස් සිල්වා – තිනන්ගේ බිරිඳ හා රහසිගත ප්‍රේමයක් තිබුනු බවය.

මෙම රහස් සබඳතා අසම්මත ප්‍රේම සම්බන්දතාය. සමහර ඒවා නීති විරෝදී නොවුනත් සමාජ විරෝදීය. සමහර ඒවා අසික්කිත අසභ්‍ය ඒවාය.
අපේ ගමේ කෙලවරේ පිහිටා තිබුනු ක්‍රිස්තියානි පල්ලියේ තරුණ පාදිලි තැන ගමේ තරුණියක හා හාද විය. ගමේ ගැටවු රාත්‍රි කාලයේ කැලෑ පත්තර ගැසූහ.
පල්ලිය තාවකාලිකව වසා දැමුණි. පාදිලි තැන අතුරුදන් විය. තරුණිය සමාජයට මුහුණ දිය නොහැකිව දිවි නසා ගත්තාය.

පිට ගමකින් පැමිණි තරුණ මහජන සෞඛ්‍ය පරීක්ෂක නවාතැන් ගෙන සිටියේ කුලියට ගත් කඩ කාමරයකය. ගමේ කෙල්ලක හා හාදවුනු ඔහු, එම තරුණිය කාමරයට ගෙන්වා ගැනීමට පුරුදු විය. ගමේ ගැටවු කැලෑ පත්තර ගැසූහ. ගමේ මහත් කලබැගෑනියක් ඇතිවිය.

අපේ ගමේ විසූ සුමනා, පිරිපුන් අඟ පසඟින් යුත් මැදිවියේ කාන්තාවකි.ඇගේ සැමියා රෑ රස්සාවක් කරයි. ග්‍රාම සේවකයා රෑට රෑට ඇයට තනි රකී.

ග්‍රාම සේවක , රාජකාරිය පැහැර හරිමින් වෙනත් කාරියන් කරන නිසා මා , මගේ මිතුරන් හා එක්ව කැලෑ පත්තර ඇලවීමට තීරණය කළෙමු.
ලිවීමේ කටයුත්ත මට බාර විය.
එය රස වෑහෙන කවි 14 කින් යුක්ත විය.
එය පටන් ගෙන තිබුනේ මෙලෙසය.

” සකළ නගර සිරියෙන් අති සෝභිත
සීතාවක පුරයේ..
ගලා බසින ගුරුගොඩ ඔය සරු කෙත් වතු
අසබඩ පරිසරයේ…
පතල නමක් ඇති ලැසි ගමනක් ඇති
සුමනා යයි අඟනක් වූයේ..

අසන්න මහතුනි සුමනගෙ සවුදම
අතිරස වාගෙයි ලූ මීයේ..”

කැලෑ පත්තර ඇලවීමෙන් පසු ආපසු එන ගමනේදී මා කඩි ගුලක් උඩ පය තබා ඇත. කඩියන් රොත්තක් කකුලේ එල්ලී සපා කෑහ. කකුල බෙර ගෙඩියක් මෙන් ඉදිමී ආවේය.
හොරෙන්ම ගෙට රිංගීමට තැත් කල ද, වේදනාව ඊට හරස් විය. පත්තෑයෙකු දෂ්ට කල බව මම තාත්තාට කීවෙමි.
තාත්තා මහ රෑ අලු කෙසෙල් බඩයක් කපා යුෂ බීමට දුන්නේය. අත්තම්මා ” භවතු සබ්බ මංගලම් ” යැයි කියමින් කකුලේ සර්ව විෂාදී තෙල ගෑවාය.

ග්‍රාමසේවකට පසුව ස්තාන මාරුවක් ලැබුණු අතර සුමනාට කිසිවෙක් සැක කළ නොහැකි විය. ඇය දේවාලයට ගොස් පොල් ගැසූ බව ආරංචි විය.

මෙයට සම්බන්ද වූ මගේ මිතුරන් වන, ඉන්දරේ හා ජයසේන දැනට ජීවතුන් අතර නැත.
දර්මේත් මමත් ළඟදී හමුවී මේ සිද්දිය මතක් කර විනෝද වූවෙමු.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

5 Responses to ආවර්ජනා – කැලෑපත්තර.

  1. Maxxa පවසයි:

    නිහාල් අයියෙ, පිස්සු නැතිව ආයෙ thelastrow එකට ඇවිත් ලියන්න. “සැබෑ මිනිසා” බ්ලොග් එකේ URL එක මොකද්ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )