Gay Birds


කුඩා කල සිටම අතට අසුවූ දෙය කියැවීම මගේ පුරුද්දකි.
මගේ මතකයේ හැටියට මා කියවා ඇති මුල්ම නව කතාව මාටින් වික්‍රමසිංහයන්ගේ මඩොල් දූවය. කෙතරම් වාර ගාණක් එය කියවා ඇද්දැයි මට මතක නැත.
අපේ ගෙදර තිබූ මඩොල් දූව පොත කාට අයත් එකක්දැයිද කියාද මා නොදනී.
එහි 32 වන පිටුවෙ මැරී චප්පවූ කලු කූඹියාද මට හොඳාකාරව මතකය.
මාටින් වික්‍රමසිංහ ශූරින් ලියූ මුල්ම නව කතාවන් වන ලීලා, සෝමා වැනි පොත් ද මගේ කුඩා පුස්තකාලයේ ඇත. ඒවා එතරම් සාර්තක නොවූ බව ඒ මහතාම කියා ඇත.
ඔහුගේ ජීවිතය අළලා ලියැවුනු “උපන්දා සිට”, සහ ඔහු ජීවත්වූ පරිසරය ආශ්‍රයෙන් රචිත “මඩොල් දූව”, “කරුවල ගෙදර” ඉතා ජනප්‍රිය වූ අතර වයස් බේදයකින් තොරව ඕනෑම කෙනෙකුට කියවා රස විඳිය හැක.
සුන්දර තරුණ විය පසුකරමින් සිටින මා හට තවමත් , උපාලි ගිනිවැල්ලේගේ හා ජින්නාගේ, දඟදාසලාගේ ලෝකයට ඇතුලුවීමට පුලුවන.

ලංකාවෙන් බැහැර රටක ජීවත්වන මා, ලංකාවට යන හැමවාරයකම , අඩු ගණනේ නව කතා පොත් පහක් , හයක් වත් ගෙන ඒමට අමතක නොකරමි.

දැන් දැන් ලියැවෙන නව කතා බොහොමයක් හරසුන් ඒවාය. ඒවා බොහොමයකම පිට කවරයේ ඇත්තේ අයිශ්වර්යාගේ හෝ රානි මුකර්ජිගේ පින්තූරයකි. හෙට අනිද්දා පබා හෝ අනාර්කලී ද පිට කවර සැරසීමට යොදා ගන්නවා ඇත. පිට කවරය දුටු පමණින්ම අන්තර්ගතය වටහා ගත හැක.
මා අටවන පංතියේ සිටියදී ඩීමන් ආනන්දගේ පොතක් මගේ පොත් අතර තිබී බණ්ඩාර සර්ට අසුවී, ඔහු මගේ මුහුණ තක්කාලි ගෙඩියක් වන තුරු පහර දුන්නේය. කෙසේ වෙතත් ඩීමන් ආනන්ද තරම් වත්, දැන් ඉන්නා සමහර නව කතා කරුවන්ට ජනතාවට සමීපවීමට බැරි වී ඇත.

ගිය සිකුරාදා මම පරණ නව කතාවක් වන “ගේ කුරුල්ලෝ” කියවමින් සිටින විට මගේ මිතුරෙක් ඔහුගේ දස හැවිරිදි පුත්‍රයා සමඟ පැමිණියේය.

” uncle, whats that book ?”
” It’s a Sinhala novel- ගේ කුරුල්ලෝ” මම කීවෙමි.

‘Whaaaaattttttt ??? Are there Gay Birds in Sri Lanka…….. ?”

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to Gay Birds

  1. රාජ් පවසයි:

    නියම කතන්දර. මම මේ මුල ඉඳල කියවගෙන එනව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )