ඔන්න එකෝමත් එක කාලයක සහෝදරයෝ දෙන්නෙක් හිටියා.
අයියා හරි හොඳයි. ආගමට දහමට ලැදියි. අසල්වැසියන් එක්කත් හොඳයි. අඹු දරුවන් රැක ගෙන හොඳ ජීවිතයක් ගත කළා.
මල්ලී, නියම බේබද්දා, ගෑනු පිස්සා. සේරම ජරා වැඩම තමා කළේ.
මිනිහ සිරෝසිස් හැදිල මළා.
ටික කාලෙකින් අයියත් මළා.
අයියා දිව්‍ය ලෝකෙ ඉපදුනා.
අයිය දිව්‍ය ලෝකෙ හැම තැනම එයාගෙ මල්ලි හෙව්වා. බැරිම තැන සක්කරය හම්බ වෙන්න ගියා.
” මගෙ මල්ලි මට කලින්නෙ ආවෙ. මිනිහ කොහේද?”
සක්කරය කිව්ව “උඹේ මල්ලි මෙහේ නෑ. ඉන්නෙ අපායෙ ” කියල.
“උඹට මල්ලි බලන්න යන්න ඕනම නම් මට දෙන්න පුලුවන් වරයක්.
මිනිහ ” හා” කිව්ව විතරයි කෙලින්ම අපායෙ මිනිහගෙ මල්ලි ඉස්සරහ.
ලෝකෙ තියෙන හොඳම බියර් තටාකයක් ඉස්සරහ බියර් මග් එකකුත් අතෙ අරන් මල්ලි ඉන්නව අඩ නිරුවත් නියම ලස්සන කෙල්ලක් එක්ක. අයියට හිතා ගන්නත් බෑ මේ ඇත්තටම අපායද කියල.
අයිය කෙලින්ම ආපහු ගියා සක්කරය ගාවට.
නෑ ඒ අපායම තමා. උඹේ මල්ලි මිනිස් ලෝකෙ ඉන්න කාලෙ කළ ජරා වැඩ වලට නියම දඬුවම තමා ඔය දීල තියෙන්නෙ.
ඔය දෙකෙන් එකක් වත් මිනිහට දැන් පාවිච්චි කරන්න බෑ.
ඔය දෙකෙන් එකක විතරයි හිලක් තියෙන්නෙ.
( හිල තියෙන්නෙ බියර් මග් එකේ)
patta 😀
කොහොම හරි …නැවත හමුවීම හොඳයි. ඉඩ තියෙන වෙලාවක මම ලියන්නම්.
වර්ඩ් ප්‍රෙස් එකේ මට අවශ්‍ය උපාංග නැති නිසා මම තව බ්ලොග් එකක් ඇරියා.
ඒකෙ නම “සැබෑ මිනිසා” . විවේක වෙලාවක ඒ පැත්තෙත් එන්න.
කොහොමින් කොහොමින් හරි හොයාගෙන අන්තිමට මෙතනට ආව නිහාල් අයියෙ. බ්ලොග් ලියන්න පටන් ගත්තත්, මොකක් හරි හේතුවක් නිසා ඒ දෙය මගදි නැවතුනු, ඒත් බ්ලොග් කියවිල්ල නම් කවදාවත් නොනවත්වපු කෙනෙක් මම. ඔබේ ලිපි මුළින්ම කියෙව්වෙ තෙලැස්ට්රෝ එකේදි. අවංකවමයි කියන්නෙ ඒ කිසිම දේක වැරැද්දක් දැක්කෙ නෑ මම නම්.
එක එක මිනිස්සු හිතන විදියත්, ඒ ඒ දේවල් විඳ ගන්න විදියත් වෙනස්. ඒව අපි ගනන් ගන්න හොඳත් නෑ.
හැබැයි සමහරු දාන වල් බූරු කමෙන්ට්ස් නම් බලු වටින්නෙ නෑ. කියවන අය ඒක දන්නව.
කොහොම උනත් මෙහෙම ඔබේම එකක් පටන් ගත්තු එකත් හොඳයි. ඔබේ කතා කියවන මිනිස්සු හැමදාම එතනට ඒවි.
අවසාන වශයෙන් තව එක දෙයක්. කරුණාකරල ලංකාවෙ දේශපාලනය ගැන නොලිය ඉන්න, පුළුවන් නම්. හේතුව මොකද කියල කියන්නම් අවශ්‍ය නම් පුද්ගලිකව.
දිගටම ලියන්න. අපි බලන් ඉන්නව කියවන්න. ඔබට ජය.
Thank you. I will catch you later. This time I can’t type in sinhala.