ඊයේ පෙරේදා දවසක රෝසී ලොස් ඇන්ජලිස් ඇවිල්ල සරත් ෆොන්සේකා රිලීස් කරන්න කියල ප්‍රොටෙස්ට් එකක් කරල තිබුන. මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.
රෝසී වෙතය……
අනේ රෝසියේ… ඔයත් මාත් දන්න දේශපාලනේ. මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ කෙනෙක් නෙවෙයි.
ඔයා.. එතකොට.. පබා, අනාර්කලී ඔයාල ඉපදිල තියෙන්නෙ දේශපාලනේ කරන්න නෙවෙයි. වෙනත් දේකට. ඒක කරගෙන ඉන්නෙ නැතිව මේ නොදන්න දේවල් කරන්නෙ කියන්නෙ ඇයි. අපි ඔයා කවුද කියල නොදන්නවයැ පූසියෙ…
මමත් ඉන්නෙ ඇමරිකාවෙ. මෙහෙත් තියෙනවා විපක්ෂයක්. විපක්ෂය කියන්නෙ හැම මඟුලකටම විරුද්ධ වෙන එක නෙවෙයි.
ඇමරිකාව ඉරාකයට, ඇෆ්ගනිස්ථානයට බෝම්බ දානව. ඒක හරි හෝ වැරදි හෝ ඇමරිකාවෙ විපක්ෂය කටක් හොල්ලනවද ?
මොකද ඒ රටේ ජාතික ප්‍රශ්නයක් නිසා.
ඒත් අපේ විරුද්ධ පක්ෂේ නායකයා මොකද කරන්නේ ? ලෝකය වටේම යනවා, ලංකාව මිනී මරනවා, ණය දෙන්ට එපා කිය කියා. එයා ඉස්සර කෙරුවෙත් ඔය ටික දැන් කරන්නෙත් ඒක.
17 වතාවක්ම පැරදිල බංකොලොත් වෙලා තිබිච්ච UNP එකට තිබුනු එකම විකල්පය SF ගෙ කරපිටින් යන එක විතරයි. එයා ඒ උගුලේ අහු උනා.
ලංකාවෙ මිනිස්සු කන්නෙ ජීවත් වෙන්ට මිසක් ජීවත් වෙන්නෙ කන්ට නොවන බව පැහැදිලි කරල තියෙනව.
රනිල්ගෙ සීස් ෆයර් එක නිසා නේද කොටි ඔච්චර බලසම්පන්න උනේ ?
යුද්ධ හමුදාවෙ බුද්ධි බලකායෙ එක්කෙනෙක් හැර අනෙක් සේරම මරා දැම්මෙ ? අනේ පූසියේ…. දැන් ඔයාට හැට පැනල නේද ? පිනක් දහමක් කරගෙන පැත්තකට වෙලා ඉන්න. ඔය ප්‍රොටෙස්ට් එකට අඩු ගානෙ 25 දෙනෙක්වත් ආවද ?
ඔය ප්රශ්නය ඔයතරම් ලිහිල්ව විග්රහ කරන්න බෑ කියලයි මම හිතන්නේ… ඔකේ වගකීම ඉංග්‍රීසින් ලංකාවයටත් කරගන්නත් කලින් ඉඳල ආණ්ඩු කල අය සහ ඒ ඒ කාලවල හිටි විරුද්ද පක්ෂ සතුයි.. හැමෝම ප්රශ්නය උග්‍ර කරන්න වැඩ කල මිසක් විසඳන්න කිසිවක් කලේ නැහැ.. නිහාල් දැන් ලංකාවේ තියෙන්නේ එක එකා ඇතුලේ කොට ගන්නා කොකටවත් විරුද්ද වෙන්නේ නැති විරුද්ද වෙන විදිහ දන්නේ වත් නැති විපක්ෂයක් ! එකේ වාසිය අරන් පාලකයෝ පිස්සු කෙලිනවා.
Rate This
Quantcast
යුද්දය නිර්මාණය කරනේ J.R කියල ඔබකියන්නේ කුමන තර්කයන් උඩද ,LTTE එක පටන්ගත්තේ J.R මෙරටේ නායකයා වෙන්න ත් ගොඩක් ඉස්සෙල්ල නේ ඔවුන් පළමු දේශපාලන ඝාතනය කරන්නෙත් 1975 ,J.R අගමැති වෙන්නේ 1977 නේ. ඔය ප්‍රෂ්නෙට ආරම්භය වෙන්නේ හැත්තෑ ගණන්වල නෙමෙයි 1956. වෙනම රාජ්‍යයක් සදහා 1960 ගණන් වල ඉදල E.W චෙල්වනායගම් වගේ නායකයෝ වැඩ කරානේ .
හයෙන් පහක ජනතා බලයක්(බහුතර සිංහල ) තිබිලත් දෙමලජනතාවට ගැටලුවට පිළිතුරක් නොදී මග ඇරීම නිසා අපිට තිබුන හොද අවස්තාවක් J.R මග ඇරිය බවනම් මම පිළිගන්නව .
දැනුත් තුනෙන් දෙකේ බලයක් තිබිලත් එක සිද්දවෙන පාටක් වත් නෑනේ .(තුවාලේ නම් හොදයි එත් දියවැඩියාව එහෙම්මමයි ).
ඔබ ඇමරිකාවේ සුරසැප විදිනබව මා කිව්වේ නැත .එත් මෙහෙන් සුදු වෑන් එකක් ඇමරිකාවට නම් නොඑන බව ඔබට විස්වාසය . එඅත් මට SCHOOL වෑන් එකක් දැක්කත් බයක් දැනේ.
යුද්දය නිර්මාණය කරනේ J.R කියල ඔබකියන්නේ කුමන තර්කයන් උඩද ,LTTE එක පටන්ගත්තේ J.R මෙරටේ නායකයා වෙන්න ත් ගොඩක් ඉස්සෙල්ල නේ ඔවුන් පළමු දේශපාලන ඝාතනය කරන්නෙත් 1975 ,J.R අගමැති වෙන්නේ 1977 නේ. ඔය ප්‍රෂ්නෙට ආරම්භය වෙන්නේ හැත්තෑ ගණන්වල නෙමෙයි 1956. වෙනම රාජ්‍යයක් සදහා 1960 ගණන් වල ඉදල E.W චෙල්වනායගම් වගේ නායකයෝ වැඩ කරානේ .
හයෙන් පහක ජනතා බලයක්(බහුතර සිංහල ) තිබිලත් දෙමලජනතාවට ගැටලුවට පිළිතුරක් නොදී මග ඇරීම නිසා අපිට තිබුන හොද අවස්තාවක් J.R මග ඇරිය බවනම් මම පිළිගන්නව .
දැනුත් තුනෙන් දෙකේ බලයක් තිබිලත් එක සිද්දවෙන පාටක් වත් නෑනේ .(තුවාලේ නම් හොදයි එත් දියවැඩියාව එහෙම්මමයි ).
ඔබ ඇමරිකාවේ සුරසැප විදිනබව මා කිව්වේ නැත .එත් මෙහෙන් සුදු වෑන් එකක් ඇමරිකාවට නම් නොඑන බව ඔබට විස්වාසය . එඅත් මට SCHOOL වෑන් එකක් දැක්කත් බයක් දැනේ.
සරත් ෆොන්සේකා පැරදුනේ රටට විරුද්ධව කතා කරපු නිසා. එජාපය හැමදාම පරදින්නේ රටට කෙලවන්නම හදන නිසා. ආණ්ඩුවට කෙලවන එකයි, රටට කෙලවන එකයි දෙකක්. රටට කෙලෙවුවාම ආණ්ඩුවටත් වදිනවා කියල හිතන මොඩයෝ රැල මේ ආත්මයේදි ඉගෙන ගන්න පාටක් නෑ.
ඔබගේ ප්‍රතිචාරයට ස්තූතියි.
පිටරට ඉන්න නිහාල්ලාට නම් ඕවා හොදය ,නමුත් ලංකාවේ ඉන්න අපිවගේ හාලුත් නැති නිහාල් ලාට .Abroad නිහාල් ට වඩා ප්‍රශ්න ඇත ,
ප්රජාත්රන්ට්රවාදයේ අඩුව දැනෙන්නේ එය නැති වූ විටය , පුර්ණ ප්රජාට්රන්තවාදී රටක ඉන්න ඔයාට අපේ රාටේ දැන් තියෙන ප්‍රශ්න ගැන 50% කට වඩා feel වෙන්නේ නැත. එවිට ඔය වගේ කතා ලිවිය හැකිය .රෑට ITN බලා ලංකාවේ ඉන්න පට්ට මෝඩයින් ද කියන්නේ ඔය කතාවමය ඒ උන්ට රටේ ප්‍රශ්න හරිහැටි feel නොවෙන බැවිනි .
ඔබට තියෙන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් ලංකාවේ news බැලීම පමණි නමුත් එම news නිර්මාණය සදහා අපව භාවිත වෙයි. ,ඔබද රට හැරගොස් සිටිනේ (කුමක් හෝහේතුවක් නිසා ). අපේ රටේ ඇති අඩුපාඩුවක් නිසාය .එඅවා හදාගන්න අපිට ඉඩදෙන්න. ඇමරිකාව තරමටම නැතත් මෙරට මෙරට මියෙන්මාරයක් වීම වළක්වාගන්න වත් උදව් කරන්න
මම කතා කලේ රෝසි සේනානායක ගැන නොවේ ,ඇය පාර්ලිමේන්තු වට තේරීම ගැන මගෙත් කැමැත්තක් නැත . එහෙත් ඇය මෙරටේ ජීවත් වෙමින් රටේ ප්‍රශ්න ගැන කතා කරයි(කුමක්හෝ හේතුවකට ) එ ඇයට ඇති අමාරුවකට නොවේ. ඔබතුමාට වගේ පිටරට ජීවත් වෙන්න බරිකමකටද නොවේ.
රෝසී වෙත….
ඔබගේ ප්‍රතිචාරයට ස්තූතියි. හැකි නම් හිත සන්සුන් වෙලාවක මගේ මේ පිළිතුරද කියවා බලන්න.
රෝසී කියන දේ අහ ගෙන ඉන්න… අපි ලෝකයට ණයයි. හෙට ඉපදෙන්න ඉන්න පරම්පරාවද උකස් කොට ඇත. ඇත්ත….. ඒ කොහොමද එහෙම උනේ ? යුද්ධය නිසා… අවුරුදු 30 ක්. අපිට මොනවද තියෙන්නේ ?
වෙඩි උන්ඩයේ පටන් යුද්ධ ටැංකිය දක්වා… මේ යුද්ධය නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ නෙවෙයි. ජේ. ආර්.
එයා ඊට වඩා භයානක දෙයක් අපිට දායාද කරල දුන්න. ඒ තමයි විවුර්ත ආර්ථික ක්‍රමය. එහෙම කරල දීල එයා දිවංගත උනා. ඊට පස්සෙ ආපු අය ඒ යුද්ධය වගා කළා. ප්‍රේමදාස කොටින්ට ආයුධ දුන්න මතක නැද්ද ?
කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් අපි පිට රටවල් වලට වෙලා සුර සැප විඳිනවා කියල.. ඒ හරි මුලාවක්. පුලුවන් නම් ඇවිල්ල බලන්න අපි මොන තරම් කට්ටක්ද කන්නෙ කියල. පංසලේ හාමුදුරුවෝ කියනවා වගෙ හැමෝම කරන්නෙ ” සැපසේ දුක විඳින එක”
කොටි යුද්ධය නවත්වන්න අපේ හමුදාව හා සමානම වෑයමක් දැරුව අපි මෙහාට වෙලා.
රනිල් ආපහු ගිහින් .. කොහාටද ? නෝර්වේ…
ඔය හැමෝම යැපෙන්නෙ ඔය ඊනියා සාමකාරයෝ දෙන අරමුදල් වලින්.