වැල් වටාරම්


විවාහක පිරිමින් වන අප හැමදෙනාම පාහේ කෙදිනක හෝ නැnදම්මාවක
ගෙන් බැට කා ඇත.

අ:පො:ස: උසස් පෙළ අවදියෙහි මගේ ප්‍රියතම විෂය වූයේ සිංහළ සාහිත්‍යයයි. ඊට හේතුව වූයේ එය ඉගැන්වූ තිලකරත්න සර්ය. ඔහු අපට ව්‍යාකරණ උගන්නනවාට වඩා කළේ එකළ ජනප්‍රිය වූ මොකක් හෝ නාට්‍යයක පිටපතක් කියවීමය.

දිනක් ඔහූ කුඩම්මාගේ ආදරය හා නැන්දම්මාගේ ආදරය අතර වෙනස කුමක්දැයි අපෙන් ඇසුවේය.එකළ අප කාහටවත් නැන්දම්මාවක් නොසිටි බැවින් එය අසීරු ප්‍රශ්නයක් විය.
කුඩම්මා මුල සිට නපුරු බවත් නැන්දම්මා තම දුවනිය දීග දීමෙන් පසුව නපුරු වන බවත් නිවැරදි පිළිතුර විය.

ඔහු ඔහුගේ සිතේ ඇතිවූ යම් ආවේගයක් අප මතින් පිට කළා විය හැකිය.
වරක් රජයේ ලිපිකරුවන් බඳවා ගැනීමේ විභාගයකදී “ලොව වෙසෙන නපුරුම සතා ” නම් කරන්න යැයි ප්‍රශ්නයක් විය. එක අපේක්ෂකයෙකු ලියා තිබුනේ ” නැන්දම්මා ” කියාය.
මටද ඒ ජාතියේ නැන්දම්මෙකු විය. මා ඇය නියම කළ වැඩක් වුවද කොතරම් හොඳින් කළත් එහි කිනම් හෝ වරදක් ඇය සොයා ගනී.

(මගේ දිව්‍ය අවූෂදයෙන් කුඩා ඩොසේජ් එකක් ඉඳහිට දෙන බැව්න් මාමණ්ඩිය පමණක් මා පැත්තට කතා කරයි.)

මා දන්නා තරමින් මේ ලෝකයේ වාසනාවන්ත පුද්ගලයින් තිදෙනෙකි. ඒ ලොව මුල්ම පිරිමියා සහ ගැහැණිය වන ආදම් සහ ඊවාත්, මගේ නැගණියත්ය. ඒ , ඒ තිදෙනාටම නැන්දම්මලා නැති නිසාය.

නැන්දම්මා සහ ලේලිය අතර වයිරයට හේතුව “ඊඩිපස් කම්ප්ලෙක්ස්” එක බව සිග්මන් ෆ්‍රොයිඩ් පවසයි. එහෙත් නැන්දම්මා සහ බෑනා අතර විරසකයට හේතුව කුමන කම්ප්ලෙක්ස් එක දැයි ඔහු කියා නැත.
මා සමඟ එකට වැඩ කරන ඔලිවර් දවසක් දුරකතනයෙන් කාටදෝ බැන වදින්නට විය. එයින් “පැට්‍රිෂියා” යන නම මට කීප වතාවක් ඇසින.
ඇමරිකාවේ අවුරුදු 20 ක් ජීවත් උනත් අනුන්ගේ දේට හොම්බ දාන ලාංකික පුරුද්ද තාම මා තුලින් දුරු වී නැති බැවින් ” හු ඉස් පැට්‍රිෂියා, ඉස් දැට් යුවර් වයිෆ්” යැයි මම ඔහුගෙන් ඇසුවෙමි.

“නෑ, ඒ මගේ නැන්දම්මා” ඔහු කීවේය.
“උඹ එයාට නම කියලද කතා කරන්නේ” ?” මම ඇසුවෙමි.
“වෙන මොනව කියන්නද” උඹ මොනව කියලද කතා කරන්නෙ ?
(අපි නම් කියන්නේ “අම්මා හෝ නැන්දා ” කියලනේ.)

දරුවෙකු කුසට ආදා සිට අප්‍රමාණ දුකක් විඳ, අප්‍රමාණ වේදනාවක් විඳ , මෙලොවට බිහි කර ඉන් පසුවද දරුවා වෙනුවෙන්ම නැහෙන උතුම් චරිතයකි ” අම්මා”. අම්මාට මදර් කියන අතර නැන්දම්මාට මදර් ඉන් ලෝ කියයි.
කෙනෙකුට නීතියකින් මවක් විය හැකිද ???…

වරක් එක සුරූපී කාන්තාවක ගේ මුහුණ රිය අනතුරකින් විරූප වී ගියේය. ඇයගේ ඒ මුහුණ යතා තත්ත්වයට ගෙන ඒමට නම්, ශරීරයේ වෙනත් සංවේදී කොටසකින් කොටසක් ගෙන බද්ධ කළ යුතු බව වයිද්‍යවරු පැවසූහ. වහා ඉදිරිපත් වූ ඇයගේ සැමියා කියා සිටියේ ඔහුගේ තට්ටමෙන් කොටසක් ඒ සඳහා දිය හැකි බවය.

ඊට හේතුව කුමක්දැයි ඇසූ විට ඔහු කියා සිටියේ, ඇගේ අම්මා පැමිණ ඇගේ මුහුන ඉඹින විට ඔහුට මාර කික් එකක් දැනෙනු ඇත කියාය.

මෙම නැන්දම්මලා ආශ්‍රිත උපහාස කතා මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරයටද වඩා පැරණිය.

එක් කළෙක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජෙකු රජ කරන සමයේ, වඩු කර්මාන්තයෙන් දිවි ගෙවූ එක්තරා මානවකයෙකුට අර ජාතියේ නැන්දම්මා කෙනෙකු සිටියේය.
බොහෝ මහන්සිවී ගෙදර පැමිණි ඔහුට දිනක් ඇය අවලාද නගන්නට විය. කෝපය උසුලා ගත නොහැකිවූ ඔහු ගෙදර සුරතලයට ඇති කරන සුනකයා ඔසවා ඇයට දමා ගැසීය. එම පහරේ වේගය දරා ගත නොහැකිව ඇය එතැනම මැරී වැටුනාය. සුනකයාගේ අණ්ඩක් බිඳී ගියේය.

වඩු බිරිය රජුට පැමිනිලි කළාය. රජතුමා කේස් එක මහෞෂධ පඬිතුමාට භාර දෙන ලදී.
සියලු සාක්කි සලකා බැලීමෙන් පසු වඩු මානවකයා වරදකරු විය. ඔහුට කහවුනු 1000 ක් ගෙවීමට නියම විය. වරද … අසරන සුනකයෙකුට කරන ලද කෲර ක්‍රියාවය.

ඔහු කහවනු දාහ ගෙවා ගැනීමට නොහැකිව ලත වන විට, සභාවේ සිටි වෙනත් ඇමති වරයෙක් ඉදිරිපත්වී, එම සුනකයා ඔහුට ලබා දෙන්නේ නම්, වඩුවා වෙනුවෙන් එම දඩ මුදල ගෙවිය හැකි බව පැවසීය. ඔහුටත් අර ජාතියේ නැන්දම්මාවක සිටිනවා විය හැකිය.

මගේ නැන්දම්මා මිය ගොස් දැනට වසර 7 කි. ඇයට නිවන් සැප ලැබේවා.
( නිවන් දුටු විට නැවත ඉපදීමක් නැති බැවිනි )

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

වැල් වටාරම් සදහා ප්‍රතිචාර 11ක් දක්වා ඇත

  1. පවසයි:

    “මගේ නැන්දම්මා මිය ගොස් දැනට වසර 7 කි. ඇයට නිවන් සැප ලැබේවා.
    ( නිවන් දුටු විට නැවත ඉපදීමක් නැති බැවිනි ) ”

    මේක නෝනා දැක්කේ නැද්ද? 😀

  2. DappiSira පවසයි:

    මේක හොඳ වැඩක්. වරදවා හිතන්න එපා, පුළුවන් නං දේශපාලනය ගැන නොලියා ඉන්න, ඒක හරි සංවේදී මාතෘකාවක් සහ මතයට එකඟ නොවන අය කුලප්පු වෙන නිසයි එහෙම කිව්වෙ. කොහොමත් ඔයාගෙ වල්පල්, ගමේ විත්ති, අත්දැකීම් කථා තමා හරිම ලස්සන. ඒවටත් බකට් දාන හෙනහුරාල ඉන්නවා නං තමා, ඒත් මේ වගේ ඔයාගෙම බ්ලොග් එකක ඒවා බ්ලොක් කරන්න පුළුවනිනෙ.

    දැං ඉතිං , හිතේපදමට ඕනා දෙයක් ලියන්න පුළුවනිනෙ. අර වාරණය කරපු “අපේ විත්ති” පොස්ට් සෙට් එකත් දානවද? මෙහෙ ඔය බොරු සෝබන , පත්තරේ පොටෝ දාලා බස්වල “ජැක්” ගහන”සංස්කෘතික පොලෝසිය” නෑ නොවැ. සෘංගාරය කියන්නෙ කුණුහරප කියන එක නොවෙයි, ඒක තීරණය වන්නේ එය ඉදිරිපත් කරන විලාශය සහ කථාවේ ශ්‍යෛලිය මතයි. කොහොම වුනත් “ලාස්ට් රෝ”එකත් අමතක කරන්න එපා, ඒකෙන්නෙ අපි ඔයාව අඳුන ගත්තෙ.

  3. lemonade/ලේමනේරිස් පවසයි:

    නැන්දම්මල සහ බැනා වරුන් අතර ඔහොම ප්‍රශ්න ඇති වෙන එක නම් පුදුමයි. මම හිතන් හිටියේ Freud ට අනුව Oedipus complex එක බලපාන්නේ පිරිමි ළමුන්ට කියල. ගැහැණු ගැහැණු අතර ප්‍රශ්න වලට හේතුව ලෙසට බටහිර විද්‍යාවෙන් නම් මා දන්නා තරමට පෙන්වා දෙන්නේ relational aggression නම් සන්සිද්දියයි. ඕව මොනා වුනත් පිරිමි අපි දැන ගන්ඩ ඕනේ, නැන්දම්මලා මොනා කිව්වත් එක කණකින් අහල අනෙක් කනෙන් පිට කරන්ඩ. පොඩි කාලේ ඉඳල මම නම් කරන්නේ, අහගෙන ඉන්ඩ බැරි දෙයක් කවුරු හරි කියනවනම්, හිතෙන් සින්දුවක් කියන එකයි. කොච්චර වයසට ගියත් තාමත් ඒ සිස්ටම් එක වැරදිලා නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )