First Love


ප්‍රතම ප්‍රේමය අමතක කරන්න අමාරුයි කියනවනේ.
දිවුල්ගනේ ගෙ සින්දු හැම එකකටම වගේ මම ආසයි. මම මේ ළඟදී ඇහුවා “පිවිතුරුය පළමු පෙම ” කියන එක. ටිකක් පරණයි.. මට නම් අලුත්.
මම ගිය අප්‍රේල් මාසේ ලංකාවට ගියා. සිංහළ අලුත් අවුරුද්දට.දවසක් මම ගමේ පන්සලටත් ගියා. මගේ ප්‍රතම ප්‍රේමයත් ඇවිල්ල හිටියා බෝධි පූජාවක් කරන්න. දැන් නම් බලන්නත් දුකයි.

ඇය මුලින් ලැජ්ජාවෙන් වගේ අහක බලා ගත්තා. පස්සෙ ළඟට ඇවිත් කතා කළා. “කට්ටියම ආවද ?”
“දැන් බබාලා ලොකුද ? “ආපහු යන්නෙ කවද්ද ?” ( හැමෝම අහන ප්‍රශ්න වැල )
අපේ අම්මත් මා එක්ක. මට දෙයක් අහන්නම නැති හින්ද ” …….තී දැන් කොහොමද බැඳලද ” මම ඇහුවා.
දිග හුස්මක් පිට කළ ඇය ” අපිටත් ඔහොම සුරන්ගනා කතා කියන්න පුලුවන් උනා නම් මඟුලක් කරගන්න තිබුනා යැයි ඇය කීවාය.

එයා තාමත් මගෙත් එක්ක තරහෙන්. පන්සලේ ඉඳන් අපේ ගෙදරට හැතැප්ම කාලක් විතර ඇති. අම්මා තරහෙන් පුපුරනවා. ” අහ ගත්තද..? මීට පස්සෙ ඔහොම ගොන් ප්‍රශ්න අහන්න එපා..”
“හොඳ වෙලාවට අර දරුව නොහිටියෙ” අම්ම කියනව වගෙ මට ඇහුනා.
…….. මගෙ 13 වන කුලුඳුල් ප්‍රේමය. 13 නපුරු ඉලක්කමක් නිසාද මන්ද මට එයාව බඳින්න හිත දුන්නෙ නැහැ.

කීයෙන් කී දෙනාටද ප්‍රතම ප්‍රේමවන්තියම බිරිඳ කරගන්න ලැබෙන්නේ.
ගොඩාක් මම දන්න අය තමන්ගෙ කොම්පියුටරේ පාස් වර්ඩ් එක හැටියට දාල තියෙන්නෙ පළමු පෙම්වතියගෙ නම. මේ ළඟදි මරු වැඩක් උනා. මම බාත් රූම් එකේ. පාස් වර්ඩ් හින්ට් එක හැටියට දාලා තියෙන්නෙ “මයි ඩ්‍රීම් ඒන්ජල්” කියල. මගෙ වයිෆ් මගෙ ලැප් ටොප් අරින්න ට්‍රයි කරලා. එයා ෆුල් ට්‍රයි කරල එයා ගෙ නම ටයිප් කරල ලැප් ටොප් එක අරින්න. මට බොරු හැටක් විතර කියන්න උනා. එයා අහනව කවුද මගෙ ඩ්‍රීම් ඒන්ජල් කියල.. මම පහුවදාම පාස් වර්ඩ් එක වෙනස් කළා.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

6 Responses to First Love

  1. Lankapriya පවසයි:

    මගේ ප්‍රථම ප්‍රේමය මන් අන්තිමපෙලියේ ලිවුවා බුට් කතාවක් කියල ! නැගල ගියා.. ඔන්න ඊට පස්සේ තමයි කොල්ලෝ කියන්න ගත්තේ නිහාල් අය්ය වගේ උඹත් බ්ලොගක් පටන් ගනින් කියල..

  2. SiriBiris පවසයි:

    Thanks, Nihal. I read it again. Feel sorry for the lady, though. Another victim of social contract of Sri Lankan style, perhaps. Don’t get me wrong, I admire many good things about our tradition and cultural, but how they handle marriage and relationships are not among them. Good news is, it is changing .There will be some inevitable bad side-effects, but it is all part & parcel of the package, I guess.

    You don’t have to reply to my crazy comments. Speaking of relationships; I had my fair-share which made me scared and half crazy.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )