යතාර්තවාදියා

මෙහෙමත් මිනිස්සු .
කොස්ගහකන්දේ රොස්ලින් නැන්දට දූවරුම තුන් දෙනයි. තුන් දෙනාම නිකං ඉටි රූප වාගේ. ලොකු දුව කසාද බැන්ද ඉක්මණටම. ඒක

ප්‍රේම විවාහයක්. ඒත් එතරම්ම සරු තැනක් නෙවි. ඊ ළඟට බාලම දුව බැන්දා යෝජනාවකින්. මනමාලය රට. රට කිව්වට මේ දෝහා කටාර් නෙවි.. කැනඩා.

පොඩි පරහකට තිබුණේ මනමාලය ටිකක් උසින් හා වයසින් මනමාලිට වඩා අඩු වීමයි. ඔය දෙකේම දෝස දුරින්බූත වෙන්ට දෙවෙනි දුවට සෙට් උනා අපූරු මගුලක්. දෙන්නම වැඩ කළේ එකම කන්තෝරුවේ.  මනමාලය හොඳ උස මහත හාදයා. රැකියාවට අමතර ව්‍යාපාරයක්. පෝල්ට්‍රි ෆාමින්. බිත්තර දාන කිකිළියන් හාරදාහක් ඉන්න ගොවිපළක්. ඊටත් එහා ඒක ලොකු පවුලක් ගස් ගල් වගේ අයියලා අට දෙනයි.. අක්කල දෙන්නයි. මෙයා පවුලේ බාලයා නිසා මහ ගෙදරත් උරුම උනා.

කොස්ගහකන්දේ රොස්ලින් නැන්දගෙ ඉහේ මලක් පිපිලා

මද්දුම දෝණිට ගැලපෙන පන්නෙට

බෑණ කෙනෙක් ලැබිලා.

වැඩිය කල් ගත නොවීම මංගල්ලෙ සිද්ද උනා. නිමල් හා ශාන්තී හනිමූන් ගියේ කිතුල්ගල රෙස්ට් හවුස් එකට. අළුත් ජෝඩුවකට තනිවෙන්නම හදපු පාරාදීසයක් ඒක.රතු තීන්ත හොයන්නෙ නැතිව, ඇඟිලි කපා ගන්නෙ නැතුවම හනිමූන් එක ටක්කෙට හරිගියා.නිමල්ගෙ අම්මා , ශාන්තිගෙ අම්ම දිහා බැලුවෙ හරියට යුද්ධයක් දිනපු කුමාරයෙකුගෙ අම්ම කෙනෙක් වාගෙ. ශාන්ති ගේ අම්මත් ඊට ප්‍රතිචාර පෙන්නුව” අපි ඔහොමයි දූරු හදන්නෙ” වගේ බැල්මකින්. රෙස්ට් හවුස් එකේ ඉඳන් කාර් පහයි. පස්සෙන්ම ආවෙ ශාන්තිගෙ දෑවැද්දට දෙන කෑලි තුනේ කණ්ණාඩි මේසෙයි , කැටයම් අල්මාරියයි ,සිංගර් මහන මැෂින් එකයි රැගත් ලොරි බාගෙ.

පසු කරමින් මහ කඳු වැටි  ඕවිටි

පාළු සොහොන්කොත් රබර් වතු බඩවැටි

ගල් මුල් වල පය හැපි හැපි වැටි වැටි…  මංගල රිය පෙරහැර ගමන් කළා. දෙපස හුන් ඈයො හිනාවෙවී බලා හිටියා. පාර අයිනෙ හිටිය කට හැකරයෙක් “ඊයෙ දෙන්ට ඇති රම්පෙට පොරි හැලෙන්න” කිව්වාම ශාන්ති නිමල්ගෙ වැලමිට කෙනිත්තුවා.

ජෝඩුව එනතුරු , ආරාධනා ලද නෑ මිතුරන් බඩගින්නෙ ඈනුම් ඇර ඇර හිටිය . එතකොට හවස තුනත් පහුවෙලා. ඒක ලේට් ලන්ච් එකක්.

ජෝඩුව ගෙට ඇතුල් වෙන කොටම උළුවස්සට උඩින් එල්ලල තිබුණු කෙහෙල් මුවේක හැඩේ ගත් මල් වෙඩිල්ලෙ නූල ඇද්දෙ නෑදෑ වෙන මල්ලි කෙනෙක්. ඒක වෙලාවට පත්තු උනේ නෑ. මනමාලිගෙ අම්ම උළුවස්ස පනින කොටම ඒක පත්තු උනා. පාට පාට ඊයම් කොළ කෑලියි දාස් පෙතිය මල් කෑලියි මනමාලිගෙ අම්මගෙ ඉහින්කනින් ගියා.

ඔෆීස් එකේ යාළුවො සාජ්ජෙ පටන් ගන්න කොට හතට විතර ඇති.එකෙක්  රුපියලේ කාසියකින් බෝතලෙකට තට්ටු කළා. නෑදෑ වෙන අයිය කෙනෙක් ඩොලැක්කෙට ගැහුව. හැමෝම කිව්වෙ සිංදු කෑලි කෑලි.

” අනේ ඔය ඇති” බලන් ඉඳල බැරිම තැන  කෙහෙල් දළු පාට අළුත්ම අළුත් නයිටියකින් සැරසුනු ශාන්තී තම සැමියාට නිදා ගන්ට කතා කළා.

” මේකද අපේ කාමරේ ?”

” ඔව්.. අපි හෙට අස් පස් කරල ගමු.. අර මුල්ලෙ තියන්න පුළුවන් ඔයාගෙ අල්මාරිය. මෙතන හොඳයි කණ්ණාඩි මේසෙට. මැෂින් එක ඕන නං කොරිඩෝවෙ තියන්නත් පුළුවන්..

එතකොට කාටත් පාවිච්චි කරන්න පුළුවන්නෙ..”

” ඒව නං එහෙම හොඳයි.. ඒත් මොනවද මේ ගෝනි.. මොනවද මේ පෙට්ටි.. මුළු කාමරෙම කුකුළ් ගන්දස්තාරෙ?”

” ටික දවසකින් ඔයා හුරු වෙයි”

රෑ මැදියම ශාන්තිට ඇහුන අමුතු කෙඳිරියක්. ගෑණු කෙනෙක් වේදනාවෙන්  කෙඳිරි ගානවා වාගෙ….

” නිමල්.. ඒයි… ඒයි.. කවුද ඒ?’

”  මම හෙට කියන්නම්.. දැන් නිදා ගන්න”

ශාන්තිට නින්ද ගියේම නෑ. එහාට මෙහාට පෙරලි පෙරලි හිටිය. නිමල් – ශාන්තිලගේ කාමරෙයි, ඉස්තෝප්පුවයි අතර දෙබුක්කාවෙ  බිම පැදුරක තවත් මනුස්ස පරාණයක්.

” ඒ මගේ නංගී.. වයස විසි පහයි. උපන් දා ඉඳන් ඔහොමයි. එක තැන. මම තමා එයාගේ හැම වැඩක්ම කළේ මෙච්චර දවසක්”

” ඒ කිව්වෙ දැන් මම කරන්න ඕන කියන එකද ?” ශාන්ති එයාගෙන්ම අහ ගත්ත.

පහුවදා  වැඩ ඇරිල දෙන්නම ගිය කොස්ගහකන්දෙ. ශාන්ති අම්මට හේත්තු වෙලා ඉකි ගගහ විස්තරේ කිව්ව.

” මේ මොන විකාර කෝලමක්ද? අර ළමයට ඇහෙයි.. හරියට අපි හොයල දුන්නු එකක් වගෙ”

දින ගණන් , සති ගණන් ගත වෙද්දි ශාන්තිගේ හිතට නපුරු කුරිරු අදහස් ගොඩාරියක් ආව. එක දවස නිමල්ගෙ ලෙඩ නංගි හිටි තැනම මළ පහ කර ගෙන ඉන්නව දැක්කම ශාන්තිට ඇති උනේ වස අප්පිරියාවක්. කලකිරීමක්.

” තව කොච්චර කාලයක් මේක කරන්නද ? ඇයි ඔයා විතරක් මේ කරුමෙට කර ගහන්නෙ ? තව අක්කල අයියල ඉඳිද්දී?”

” තාත්ත මට ගේ දුන්නෙ නංගිට සලකන පොරොන්දුව පිට”

” අපි යමු.. කුලියට ගේ පොඩ්ඩක් අරන්”

” එතකොට අරුන් රිංග ගනී ගෙට”

” අපි කෑම නොදී ඉම්මු.. එතකොට ඉබේම මැරිල යයි”

” එහෙම කරන්න බෑ.. ඒ මගේ නංගී”

ඒ මූසල දවස උදා උනා.

” මට බෑ තවත් ඉන්න.. මම ගෙදර යනව.. ශාන්ති තීරණාත්මකව කීව.

” නෑ අපි වෙන දෙයක් කරමු. හැබැයි රහසක්.. මට ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ” නිමල් කිව්වා.

එදා රෑ වැස්ස.. හැමෝටම නින්ද ගිහින්.. නිමලුයි, ශාන්තියි ඇඟිලි තුඩු වලින් ලෙඩ නංගි දිහාට ඇදුනා. දෙන්නගෙම උගුර කට වේලිල.

නිමල් ඒ පැත්තෙන් තල්ලු කළා. ශාන්ති මේ පැත්තෙන් තල්ලු කළා. කුකුළ් කෑම ගෝනි හතරක් ලෙඩ නංගිගේ හිස මතට. යාන්තම් ” හුම්හ්” ගාන  සද්දයක් විතරක් ඇහුන. සේරම හරි. ලෝකෙම නිසලයි. ආපහු දෙන්නම එකතු වෙලා සීරුවට කුකුළ් කෑම ගෝනි ටික තිබුණු විදියට හැදුව.

පහුවදා උදේ හතට –  හත හමාරට විතර  නිමල්ගෙ අම්මා සැනසිලි දායක හඬින් මෙහෙම කිව්ව.

” පවු අහිංසකී.. අරන්  ආපු ආයුස ඔච්චරයි වෙන්ටෑ”….

( මතු සම්බන්ධයි  )

බීම සහ කෑම
මතට තිත තියන්නෙ කොහොමද ?  බ්ලොග් අවකාසේ ඉන්න වැඩි දෙනෙක්ම බේබද්දන් කොට.

බේබද්දා යන වචනය දෙකට තුනට කඩා එය සෑදී ඇත්තේ කොහොමද කියලා බලන්න පුදුම උත්සාහයක් ගත්තෙ . ටිකක් බීලම හිතන්න ඕන ප්‍රශ්නයක්. එය පෘතුගීසින් ගෙන් අපට ලැබුණු වචනයක්. නියම වචනය “බෙබඩො” bebado.

පොඩි සොමියකට ඉඳල හිටල අඩියක් ගහන ගුරුසිංහලා මේ බේබදු ගනයට අයත් වෙන්නෙ නැහැ.

“සුරා මේරය මජ්ජ පමා… ප්‍රමාදයට හේතු වන සුරා වෙන් මම වැලකෙමි”.

ගානක් මිම්මක් නැතුව බොන්ට ගියාම තමා මේ ප්‍රමාදය ඇතිවෙන්නෙ. සුරාවෙන් මනස විකල් උනාම ඉන්නෙ කොහෙද කියල තේරෙන්නෙ නෑ. ගහ මරා ගන්න යන්නෙ ඒ තරමට බිව්වමයි.බීමෙන් ඇති වෙන්නෙ ප්‍රමාදය විතරක් නෙවෙයි. සිරෝසිස්.. අක්මාව ,වකුගඩු නරක් වෙන රෝගය.

මම දන්න කීප දෙනෙක් හිටිය අරක්කු බොන්න සල්ලි නැති උනාම , ගෙදර තියෙන පැට්‍රෝල් ලාම්පුවට දාන්න ගෙනා වයින් ස්ප්‍රීතු බොන. සමහරු තුවාල වලට දාන්න රෝහල් වල පාවිච්චි කරන සර්ජිකල් ස්ප්‍රීතු බොන. ඒ බීමට ඇබ්බැහි වූවෝ. මොකද්ද මේ ඇබ්බැහි වෙනව කියන්නෙ.මට මගේ මේ බීම ඕන වෙලාවක නවත්තන්න පුළුවන්.

ඉස්සර මහනුවර ග්‍රීන් කැෆේ එකට යනව ඉඳල හිටල.  රස්සා වල් කරන අයට පඩි ලැබෙන්නෙ 25 වෙනිදටනෙ. එදාට ග්‍රීන් කැෆේ එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ.  මට මතකයි තවම ඒ මූණ.කෙලින් ඉන්න බැරි තරමට බීල වේටර් බිල ගෙනාවාම මුළු පඩි පැකට් එකම වේටර්ට දෙන මනුස්සයෙක්.ඒ කලින් බීපු බිල් වලටත් එක්ක.තව එක්කෙනෙක් දැකල තියෙනව.. මහ දවල් 12 ට විතර එනව. කවුන්ටරය ළඟ  හිට ගෙනම සැන්ඩි මොනවත් නැතුව කට කපල එකක් බීල.. මූණ විරිත්තගෙන පාර දිගට කෙළ ගගහ යන..

අපේ ඕනයා කියන ආකාරයට ඔය විදියට බීල කබරය දාල  බල්ලට මචං කියන සයිස් එකට බොන අය තමයි බේබද්දො. නැතුව  ඒ අපි ඔහෙල නෙවෙයි.බොන කොට හොඳට කන්ට ඕන. අහල තියෙනවද එක් සුද්දෙක් ගැනවත් සිරෝසිස් වලින් මැරුණු. නෑ… මොකද  උන් හොඳට කනව.

ලංකාවෙ මිනිසුන්ට  හැඩහුරුකමින් ඉතා සමාන මිනිස් කොට්ඨාශයක් තමා මැක්සිකන් වරු.උන් අපි වගේ ජොලියට බරයි. මම උන් එක්ක බීල තියෙනව. උන් වැඩි පුර බොන්නෙ බියර්.  අපි වගේම බයිට් වටේට තියා ගෙන පල් හෑලි කියව කියව වරු ගණන් බොනව.

මම බොන්ට වගේම කන්ටත් ආසයි. ඒත් බඩජාරියෙක් නෙවේ.මම ආස කරන කෑම වට්ටෝරු කීපයක් තියෙනව. මේ ඉන් එකක්.

අද සෙනසුරාදා පුළුවන් නම් මේ කෑම වට්ටෝරුව හදල බලල , කාල  පොඩි කමෙන්ට් පාරක් දාල යමු…

සුදු හාල් බත්.. බත ඉදී ගෙන එනකොට එයට රම්පෙ කෑල්ලක්. ගම්මිරිස් ඇට කීපයක් දාන්න.

හාල් මැස්සො තෙලෙන් බැදල.. හාල් මැස්සො බදින්න ඕන තුන පහ මොනවත් නැතුව. යාන්තම් ” රන්වන්”පාට වෙන කොට බා ගන්න.

ගොටුකොළ සම්බෝලයක්.ඇල්කෙමියට එහෙම ගොටුකොළ හොයාගන්න බැරි නම් පාර්ස්ලිත් ගන්න පුළුවන් ඒ වෙනුවට.

බිත්තර හොද්දක්.. මේ මගේ ඉරිදා දවල් කෑම පිඟාන.

බයිට්
ඉංග්‍රීසියෙන් බයිට් කියන්නේ හපනවාටය. කන බොන පිරිමි බයිට් කියන්නේ ඩ්‍රින්ක් එකක් දාන වෙලාවට හපන්ට ගන්නා කට කැස්මටය. අපේ යාලුවෙක් වන දල්පයා ලේඩීස් ජෙන්ටල්මන් කෙනෙක්ය. කන බොන වෙලාවට අපි කාටවත් ඌ පෙන්නන්න බැරිය. හේතුව ඌ බයිට් එක ඩයට් එක කර ගන්න බැවින්ය.

පසු ගියදා ලංකාවට ගොස් එනවිට විශාල ප්‍රමානයේ ” බයිට්” පැකට් දෙකක්ම ගෙනාවෙමි.ඉන් එකක් මගේ සේවාස්තානයේ ලන්ච් රූම් එකේ තැබුවෙමි. විනාඩි කීපයකින් එය වාෂ්ප විය. සුද්දෝ ” මයි ගෝඩ් මෑන්” ” ඉට්ස් ගුඩ්” කියමින් ඒවාකෑහ. මට මහත් ජතිකාභිමානයක් ඇතිවිය.

වරක් අපේ සහෝදරයෙකුගේ පියාගේ මළගමට වෙන්නපුවේ ගියෙමු. සොහොන් පිටියේ වැඩ හමාර වී ආපසු එන ගමනේදී හන්දියක ” රා ” යයි විශාල දැන්වීමක් විය. එය අපට අඬ ගසන්නාක් වැනිය. බසය ඒ පැත්තට හැරවුනේ ඉබේටමය. ගැමියෙක් ” මහත්තයලා , මේ වෙලාවට හොඳ රා නෑ, තියෙන්නේ විනාකිරි, තව ටිකක් ඉස්සරහට යමු නියම බඩු තියෙනවා ” යයි කීය.

නියම බඩු සුදුවාය. මගේ උගුර , කට , බඩ පිච්චීගෙන පිච්චීගෙන ගියේය. හපන්නට කිසි දෙයක් නැත. ෂෝ කේස් එකක ඥාන කතා කීපයකි. ඒවා මටත් වඩා වයස පාටය. හැමෝම බයිට් එකට ඥාන කතා කෑහ.

තව වතාවක් අපේ යාලුවෙක් වන අත්තනායකලාගෙ ගම් පැත්තේ ගියෙමු. ඒ හුන්නස්ගිරි කඳු පාමුල කුඩා ගම්මානයකි. නියම කිතුල් රා. බඩ කූල් වීගෙන කූල් වීගෙන ගියේය. මයියොක්කා පඳුරක් ඉගිල්ලූ ඔහුගේ සහෝදරයා , එම අල පසට යට කොට ඒ මත ගිනි ගොඩක් ගැසුවේය. විනාඩි කීපයකින් පස් ගොඩ අවුස්සා බැලූ විට මයියොක්කා අල ටික ගානට බේක් වී තිබුනේය. රා වලට කියාපු බයිට් එක.

මහියංගනයේ සොරබොර වැව අසල රජයේ රැකියාවක් කළ තවත් අපේ පාප මිත්‍රයෙකුගෙන් “බොන්ට” එන ලෙස ආරාධනාවක් ලැබුනේය.

එවැනි ආරාධනාවක් ඉවත දැමීම ඔහුට කරන මදි පුංචි කමකි.

ක්‍රමයෙන් බයිට් එක හිස් වීය.

” මහත්තයා පොඩ්ඩක් ඉන්න” කිවූ ඔහුගේ සේවකයා, කොච්චි පඳුරක් උගුල්ලා සෝදා පඳුර පිටින්ම තෙලෙන් බැද්දේය. මොහොතකින් ඉතිරි වූයෙ නටු පමනි.

මෙහේ මගේ හැම යාලුවෙකුගේම ගෙදර කුඩා ප්‍රමාණයේ “මිනි” බාර් එකක් ඇත. ඒවායේ නා නා මාදිලියේ බෝතල් පිරී ඇත. ඒත් උන් ඉන්නේ සැත්පුම් 100 ක් හමාරක් ඈතින්ය. ගෙවල් ළඟම ඉන්නා මගේ මිතුරා කලින් පංසලක හිටි එකෙකි. දැන් පවුල් පංසල් වී ඇත. උගේ ගෙදර දැවන්ත පියානෝවකි. ඒත් ඒ ගෙදර කාටවත් එය වාදනය කරන්නට බැරිය. (ඒ තියා තාලයට අප්පුඩියක්වත් ගහන්නට බැරිය.)

අපරාදේ සෑහෙන ඉඩ ප්‍රමාණයක් අපතේ ගොස් ඇත. ඒ වෙනුවට එතන කුඩා ප්‍රමාණයේ බාර් එකක් තිබුණා නම් කොච්චර හොඳදැයී මට සිතුනේය.

වැදගත් අයට පමණක් හැදෙන වැදගත් ලෙඩක් වන හයි බ්ලඩ් ප්‍රෙෂර් එක මට සෑදී ඇත. පෙත්තට අඩු නොවන ප්‍රෙෂර් එක ෂොට් එකක් දැමූ විට උජාරුවට අඩුවී යන බැවින් අපේ එක්කෙනා කඩේ ගියාම මට බ්‍රැන්ඩි බෝතලයක් ගෙනෙයි. මම මේ ගෑනිට බොන්ට පුරුදු වෙන්ට කියලා කොච්චරවත් කියනවා. ඒත් එයා ඒක අහන්නේ නැත. තනියම බොන්ට මහ මොකද්ද වගේය.

( උපුටා ගැනීම , අන්තිම පේළියෙනි.)

රට ඉඳි කා නෑවීම
මොකද්ද අප්පා ඒ හරුපේ ?

” සීනි නැතුව තේ බොනවා ” කිය කිය පෙළපාලි ගිය නිසාම රටේ සීනි නැතුව

ගියා. සීනි හිගයක් ආවා. ආනයන සීමා කෙරුනා. ඒ කාලේ සීනි කම්හල් දෙකයි තිබුනේ. හිඟුරානෙයි තවත් කොහේදයි. ඒවායේ නිෂ්පාදනය පරිබෝජනයට මදි.සීනි වෙනුවට අඩු ගාණට රට ඉඳි ආනයනය කරල සමූපකාර වලින් ඒවා බෙදා දුන්න.ගම්මු රට ඉඳි කාල තේ බිව්ව.

රට ඉඳි කියන්නෙ ” dates “

දවසක් අපේ ළමයෙක් ඇහුව අම්මයි තාත්තයි මැරි කරන්න ඉස්සෙල්ල date කරල තියෙනවද කියල. මං හිතුව මොකක් හරි කුණුහරපයක්ද

දන්නෙ නැහැ කියල . මං කෝකටත් ” නැ හ් ” කිව්ව.

නොයෙකුත් ක්‍රම වලට හඳුනා ගන්නා ගෑණු – පිරිමි එළියට යාමටයි dating කියන්නෙ.එය දවල් කාලයේ හෝ රෑ වෙන්න පුළුවන්. කොහේ හරි රෙස්ටොරන්ට් එකකට හරි හොටලයකට ගිහින් වරු ගණන් විවිධ දේ ගැන කතා කරමින් කා බී , දෙන්නාම මනාප නම් “ඉන් ඔබ්බටත් ” යාමයි මේ

ඩේටින් වලින් කෙරෙන්නේ. වෙන වෙනම ජීවත්වන තරුණ දූ දරුවන්.. අම්මා පුතා සමඟ හෝ තාත්තා දුව සමඟ එළියට ගොස් තම තමන්ගේ ප්‍රශ්න කතා කිරීමත් ඩේටින්ග්.

දවසක් මගේ ආයතනයේ සේවය කරන සිල්වියා දවල් කෑම පැයේදී එළියට ගියා.පැයකින් ආපහු ආවා. කොණ්ඩෙ ටිකක් අවුල් වෙලා. මූණ රතු වෙලා. මහන්සි පාටයි. එළියට ගිහින් තියෙන්නේ එච්චර ” බර ” තියෙන කෙනෙක් එක්ක නෙවි. ඒ ” cheap date ” එකක්.

අනේ කාලේ වනේ වාසේ කියල මට හිතුනා.

ඒ වගේම තමා ඔය බේබි ෂවර් කියන එකත්.

නංගී උකුලේ හරහට තියා ගෙන නංගීගේ හිස වතුර බේසම පැත්තට හරවලා , ඇස් දෙකට වතුර යනවට ඇගේ නළලට අත තියා ගෙන හිල් පොල් කට්ටෙන් ” දෙයියන්ගෙ පිහිටයි – බුදුන්ගෙ සරණයි” කියල අම්මා නංගී නාවන හැටි මම දැකල තියෙනව.

මම හිතුවේ පොඩි බබෙක් ඉස් ඉස්සෙල්ලම නාවන එක කියල බේබි ෂවර් කියන්නෙ කියල.

බබා හම්බ වෙන්න කිට්ටු වෙන කොට එයාගෙ යාළුවො එකතු වෙලා පොඩි පාටියක් දානව.අම්ම කන්න කැමති කෑම ජාති ගෙනල්ල , අම්මව සන්තෝෂ කරල , බබාට අවශ්‍ය බඩු තෑගි දෙන එක තමා ඒ.අපි ලංකාවෙ ඉන්න කාලෙ ඇති තරම් බබාල බලන්න ගිහින් තියෙනව.හැමෝම අරන් යන්නෙ බේබි සබන් , බේබි පුයර , බේබි ඕඩි කොලොන්. ගෙදර කාමරයක් පිරෙන්න බේබි සබන්. බබා ලොකු වෙල ඉස්කෝල යන තුරුම බේබි සබන් ගාන්න පුළුවන්.

මෙහේ ටිකක් වෙනස් . බබාගෙ අම්ම ගිහින් බබාලගෙ බඩු තියෙන babys R us වගේ සාප්පුවකට ගිහින් ගිණුමක් අරිනව.තමන්ට අවශ්‍ය බඩු වල ලැයිස්තුවක් කොම්පියුටරේට දානව. ගිණුම් අංකය යාළුවන්ට කියනව. යාළුවො කරන්නෙ අර සාප්පුවට ගිහින් අර ගිණුම ඇරල , ලැයිස්තුවේ තියෙන බඩු එකක් හෝ කීපයක් යාළුවා වෙනුවෙන් මිළයට ගන්නව.කලින්ම ගියොත් හොඳයි. ඉස්සෙල්ලම යන අය ලාබ බඩු වෙන් කරගන්නව.

තව ෂවර් ජාතියක් තියෙනව ඒ බ්‍රයිඩල් ෂවර්. මනමාලි වෙන්න ඉන්න කෙනාගෙ යාළුවො තමයි ඒක ඕර්ගනයිස් කරන්නෙ.ඒකට පිරිමින්ට යන්ට බෑ. එක පිරිමියෙකුට විතරක් පුළුවන් ඒ ගෑනු ඉස්සරහ කුඩා ජංගි කොටයක් ගහගෙන සමහර විට ඒකත් නැතුව නටන පිරිමියට.ඔතන එක එක විදියේ ක්‍රීඩා ” ගේම්ස්” තියෙනවා. මේ අපේ යාළු කාන්තාවක් ඔහොම එකකට ගිහින් කියූ කතාවක්.

මනමාලි මනමාලයට දෙන හදාපු මුද්ද හංගලා. මනමාලි ඒක හොයන්න ඕන.ඒක හංගලා තියෙන්නේ අරූ ඇඳ ඉන්න ජංගි කොටේ අස්සෙ.

අනිච්ඡං දුක්ඛං සංසාරෙ කියල මට හිතුනා.

මහත්වරුන්ගේ සමාජය
ලෝකය පාලනය කරවන දෙවියනේ …. ඒ එළිය මුගේ ඇස නොගැටේවා” මගේ අතේ ඇත්තේ ඩොලර් 20 ක් පමණි.

මහ බැංකුවේ වැඩ කරන නිමල් , සමුළුවකට සැන්ෆ්‍රැන්සිස්කෝ ආ ගමන් අපේ ගෙදරත් ආවා. පොඩි සොමියක් දාල යන්න. අවුරුදු ගානක් එකට හිටපු අපි , කොහොමද මූ මග අරින්නෙ ? ….නිමල් බොන්ට ආස එකෙක් උනාට ඌට බොන්ට බෑ. බොන්ට ඕන නෑ. බෝතලේ දැක්ක ගමන් කට කොනකට අමුතු හිනාවක් එනව.පළමු ෂොට් එකෙන්ම ඩවුන්. ඇස් රතු වෙනව. මූණ රතු වෙනව. ඊට පස්සෙ සෙට්ල් වෙලා අවුරුදු ගණන් පරණ වලි ඇදගෙන වලියටම එනව.

අර දම් පාට , රෝස පාට එළිය ආවෙ මහත්වරුන්ගෙ සමාජ ශාලාවකින්. ඒ මදිවට අහසට එල්ල කල ලොකු ෆ්ලෑෂ් දෙකකුත් කැරකෙනව. මෙහේ පන්සලෙ උන්ගෙ ගමේ හාමුදුරු කෙනෙක් ඉන්නව. අපි මේ උන්වහන්සේ දකින්න යන ගමන්.

” මොකක්ද මචං ඒ එළිය ?”

දෙවියන්ට ස්තූති වේවා.. ඌ එළිය දැක්ක.

” ස්වර්ගය.. ගෑණු නටන තැනක්.. හෙළුවෙන්”

” අඩ් ඩෝ… මචන් මාව එක්ක පලයන්.. මම ගෙවන්නම්”

හංසයෝ දෙන්නට ලැම විලේ ඉඩ නැතුව වගේ එළියට පනින්න පොරකන , ඇහි බැම හීනියට අඳින ලද පින්බර යුවතියක් අප පිළිගත්ත.

” සුහදිනියේ සඟවන්.. සෘජු බැල්මේ ඇරයුම්- දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවක්දෝ “

…. ඇගේ බැල්ම අපගේ පපු කැවුතු ඉරා ගෙන පහළට පහලට ගෙන ගියා.

” 30 dollars for everything “.. මම ඇහුව everything කියන්නෙ මොනවද කියල.

” including personal dance.. one pitcher of beer “…

නිමල් සල්ලි ගෙව්වා. අපි ස්වර්ගයේ ඉස්සරහ දොරටුවෙන් ඇතුළු වුනා.ඉස්සර අළුත්නුවර දේවාලෙ තිර හත මතක් උනා. අන්තිමට හිටියේ st.Peter වෙනුවට පිස්තෝලයක් හින රුවා ගත්තෙක් කල්ලෙක්.

රවුම් වේදිකාවේ වටේට මහත්වරු වාඩි වෙලා හිටියා. නිල් පාට , රතු පාට ඩිස්කො ලයිට් නිවි නිවී පත්තු උනා.

ඇඟේ නූල් පටක් නැති කෙල්ලන් රිදී පාට කණු වටා රඟමින් උන්නා….උන්ට නෙත් පූජා කළ මහත්වරු ” නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා” වඩා ගෙන හිටපු දරුවන් බිම වැටුනත් නොදැනෙන විදියට කටවල් ඇරගෙන බලන් හිටිය.

නිමලුත් කට බාගයක් ඇර ගෙන. මට බයත් හිතුන මූට බැරිවෙලාවත් හාට් ඇටෑක් එකක්වත් හැදුනොත් කියල.

එක කෙල්ලක් රිදී පාට කණුවේ ටිකක් උඩට නැගල දෙදණින් එල්ලිලා හිස පහල දැම්මා.. පුන් පියයුරු එකක්වත් හෙල්ලුනේ නෑ. ඒව හදාපුවා.

නිමල් කට ඇර ගෙන කෙල්ලන් දිහා බලාගෙනම මොනවදෝ අහන්න මට කිට්ටු උනා.

” ඈ මචං මුන්ට අම්මල තාත්තලත් ඇති නේද ?”

” බලා ගෙන හිටපන්.. මඟුලක් කතා කරනව..”

අපේ බියර් පිචර් එක ආවා. ” ටිප් එක කීයක් හරි දාපන්.”

” මගේ ළඟ 20 කොළයක් තියෙන්නෙ.. කෙල්ල ළඟ මාරු ඇති නේද ?”

” මේවායේ ඉතුරු ඉල්ලන සිරිතක් නෑ.. විස්සම දාපන්”

නිමල්: මොනවද බං මේ බියර්.. කෙල්ලො හුජ්ජ කරල එව්වද දන්නෙ නෑ”

මම: ඕව non alcoholic.. උඹල වගෙ උන්ට ඇල්කොහොල් දීල පුළුවන්ද ?

මට පිටුපසින් වේදිකාවට එල්ල වූ ස්පොට් ලයිට් එකේ එලිය , මම ටිකක් ඉස්සුනාම වැලකුනා. මම අත ඉස්සුවාම මගේ අතේ හෙවනැල්ල කෙල්ල ගේ පපු මැදට වැටුනා.

” වාත්තු කළ වැනි දේහ තලාවට

හේත්තු වන්නට හෙවනැල්ලෙන්වත් “…..

කෙල්ල පිටු පස හරවල කෙස්වැටිය මුදා හැරිය.

වීණා බඳවට රඟ දෙන වරලස… වයසක මහත්තයෙක් නෝට්ටු කීපයක් විසි කලා.

හිසෙන් පටන් ගත් යම් සංඥාවක් බෙල්ල පිටු පසින් කොඳු නාරටිය ඔස්සේ හෘදය වස්තුව මග හැර ගිහින් වැහැරීගෙන යන මෞත්‍ර ලිංගික පද්ධතියට සේන්දු උනා.

” අපි යමු බං. නිකම් බලන් ඉඳල වැඩක් තියෙනවද ”

උඹ දන්නවද.. ඩොලර් අසූවක් ගියා. cosco එකේ රාත්තල් දහයේ හාල් බෑග් එකක් ඩොලර් දහයයි. අපි මාසයක් කන සල්ලි. ගෙදර එනකොට කෑම මේසෙ ලෑස්ති.. මට ඇයට මූණ දෙන්න බෑ. මම ඇගේ ඇස් මග ඇරිය.

“ඔන්න ගෑණු” නිමල් උගේ බෝක්කු කට ඇරිය..

ඈ දැන ගත්ත අපි කොහෙද ගියෙ කියල..

” ඔයාගෙ නෝන මේ දැනුත් කතා කළා.. බේත් ටික බොන්න මතක් කරන්න කියන්න.. චිහ්.. ලැජ්ජ නැද්ද?”

” අල වගේද ගෝව කිව්වලු”

” වහ ගනිං කට.. ඇදල එළියට දාන්ව.. සීතලේ මැරෙන්න.. උඹ හෙට යයි.. …”

මට නින්ද ගියේ නෑ. ඈ දිග සුසුමක් හෙළුව.. මම නෑහුනා වගේ හිටියා. ඊ ළඟට පොඩි ඉකියක්

” මොකද ?”

” ඔයා දන්නවද .. ගිය සතියෙ සැන්ඩ්‍රගෙ බ්‍රයිඩල් ෂවර් එක.. අපේ කට්ටිය ලෑස්ති කළා.. male stripper කෙනෙක් මම විතරයි ගියෙ නැත්තෙ.. අනික් ඔක්කොම මට හිනා උනා. මට ඕන නෑ වෙන පිරිමින්ගෙ ඒව බලන්න..ඇයි ඔයා ඔය වගෙ ගමනක් ගියෙ ?..

” කට වහ ගෙන බුදිය ගන්නව.. අරූගෙ තදියමටයි ගියෙ..”

(මීට වසර තුනකට පෙර සිදුවීමක් , අමරසිරි පීරිස් ගයන මේ භාවපූර්ණ ගීය ඇසීමෙන් පසුව මෙසේ ලිවීමට සිත් වීය.)

අහලම බලන්න සිංදුව