වත්සලා – 4


විවාහය ප්‍රේමය මත සිදු වුවද , යෝජනාවකින් සිදුවුවද , එය අන්‍යොන්‍ය විශ්වාසය මත පදනම් වූ ආත්මීය බැඳීමකි.
විවාහ වන තුරුම මට ඇඳුම් තේරුවේ අම්මාය. ඈ මා වෙනුවෙන් මිළදී
ගන්නා කවරක් වුවද ඉවසිල්ලෙන් බාර ගැනීම ඇගේ සතුට වඩවන්නක් විය. මා
කැමති වර්ණයන් ඈ දනී.
එදා ගමනටද මා ඇන්දේ ඈ මේ ගමනටම ගෙනා මා ඉතා ප්‍රිය කළ ලා කහ
පැහැති කමිසයකි. අවාසනාවකට එය අත් කොට එකක් විය.
නංගීද ඇගේ සැමියාද අප බලපොරොත්තුවෙන් මග රැඳී සිටියා.
” මොකද්ද අයියෙ ඔයා ඇඳන් ඉන්නෙ. අත්කොට කමිසෙට ටයි එකක් ?.. හරියට සේල්ස්මන්
කෙනෙක් වගේ. සාක්කුවෙ පෑනකුත් ගහගත්ත නං හරි…මං ඔයාගෙ හැටි දන්න නිසා ක්‍රිෂන්තගේ ෂර්ට් එකක් අරන් ආව. පින් සිද්ද වෙයි මේක ඇඳ ගන්නවද ?”
” ඔයාලට වැඩක් නැති උනාට ගෑණුන්ටයි ඕකෙ වැදගත්කම”
” ඔන්න ඕක ඇඳ ගනින්.. මාත් ඉඳල ඉවරයි අද … නයි මිරිස් කරල වගෙ ඕක”
ඇගේ නිවසේ මිදුලේ වාහන දෙකක් නවතා ඇති බව මා ඈත තියාම දුටුව.
අයියල දෙන්නම ඇවිත් වගේ…
මුව පුරා විසිරුනු සිනාවකින් ඇගේ මවත් පියාත් අප පිළිගත්තා.
” අපි හිතුවෙ මීට කලින් එයි කියල.. ඔහොම වාඩිවෙමු.. එක්කෙනෙක් ඊයෙ නිදා ගත්තෙත්
නෑ..”
හැමෝටම ගැලපෙන මාතෘකාවක් නොමැතිව කට්ටියම නිශ්ශබ්දව විනාඩියක් විතර
අපතේ ඇරිය.
” මේ මගේ නංගි.. මේ අපේ ලොකු මාමා.. අම්මගෙ අයිය” මම කට්ටිය විස්තර කළා.
” නිහල් පුතාලෑ අම්මෙ.. අක්ක කියනවද , නංගි කියනවද කියල මම මේ කල්පනා
කලේ.. ඔන්න ඔහෙ අක්ක කියමු.. දෙන්නට දෙන්න දන්න නිසා බුලත් හෙප්පුව අවශ්‍යද ?
නිකම්ම ආචාර කළාට කමක් නැද්ද ?”
” තාත්තෙ බුලත් හෙප්පුව අනිවාර්යයි..මට ෆොටෝ ගන්න ඕන.. මං ගානෙ අක්කගෙ ඇල්බම් එක”
මනෝජ් ෆොටෝග්‍රෆර් කෙනෙක්.
මොහොතකින් ඇගේ මව විසින් වත්තම් කර ගෙන ඈ අප ඉදිරියට ගෙනාවා.
චාම් කම මා කවදත් අගය කළ දෙයක්. ඈ ඇඳ සිටියේ ලා නිල් පාට ඔසරියක්. අත්
ටිකක් දික්වූ සාරියේ පාටටම ගැලපෙන හැට්ටයක්.. කරේ හීන් රිදී පොටක් කන් පෙති සරසා තිබුණෙත් රිදී පාට අරුංගල්. ඇය මා දුටු විගස මුවට නැගි සිනහව ආයාසයෙන් නවතා ගත්තා.
” ගන්න ඉතින්….” ඈ මට බුලත් හෙප්පුව දිගු කළා.ඈ කෙතරම් පියකරුද ? බුලත්
හෙප්පුව පසෙක තැබූ ඇය මගේ ඇඟට හේත්තුවී ඇගේ හිස මගේ උර හිස මත
රුවා ගත්තා. සමහර විට නෙතග සතුටු කඳුළු බිඳක්ද රැඳී තියෙන්න
ඇති.

” අපූරුයි.. කොහෙ චාරිත්තරයක්ද ඒ ?” ඒ අපේ අම්මා. වත්සලා මගේ මවට
නමස්කාර කර ඈ අසළින් ඉඳ ගත්තා. මගේ මව ඉකි ගසමින් අඬන්ට පටන්
ගත්තා.
” ඔය අපේ අම්මගෙ හැටි.. අම්මා සතුටටත් අඬනවා.. දුකටත් අඬනවා, තරහ
ගියාමත් අඬනවා”
” මට ඕන ලේලි කෙනෙක් නෙවේ.. තවත් දුවක්. මං හිතනවා මට සතුටෙන් ඇස් දෙක
පියා ගන්න පුළුවන් කියල”
” ඇස් පියා ගන්න තව කොච්චර කල් තියෙනවද ? මුණුබුරු මිණිබිරියන් හදන්න
ඕන , බලන්න ඕන.. ඒව අපිට අයිති රාජකාරි”
” ඒක නෙවේ තාත්ත රූපසිංහ, දුව විජේනායක වුනේ කොහොමද ?”
” ඕක හැමෝම අහන ප්‍රශ්නයක්. අපේ එක්කෙනාගේ පවුලෙ පිරිමි අය නෑ. විජේනායක නම ගෙනියන්න. ඒනිසා අපෙ දුවල දෙන්නට මෙයාගේ වාසගම දැම්ම. මොකක් දැම්මත් බැන්දාම වෙනස් වෙනවනේ”

” මගෙ දුවට උයන්න පිහන්නත් පුළුවන්ද?.. අතේ ඇඟිලි ටික දැක්කම නම් කියන්න
පුළුවන් කුස්සිය පළාතෙ නොයන බව”
” අනේ නෑ අක්කේ.. අපිට මෙයත් එක්ක හැරෙන්නවත් බෑ. එහෙ බලල මෙහෙ බලන කොට
වෑංජන දෙක තුනක් එක්ක කෑමක් හදල ඉවරයි. අපරදෙ කියන්න බෑ රසත් ඒ වගේ”

දිවා අහරින් පසුව ඇගේ පියා බැරෑරුම් විදියට නැවත කතාව පටන් ගත්ත.
” අපේ දෙවෙනි පුතා ගෙ වෙඩින් එක ගත්තෙ ගිය අවුරුද්දෙ.. ආයෙම ලොකු උත්සවයක්
නම් ගන්න අමාරුයි අපට.. අක්කලාගෙ කල්පනාව මොකද්ද?”
මට කොහොමත් එකයි.. ඒ උනාට ගෑණු ළමිස්සියො ආසයි මහ ලොකුවට තමන්ගෙ
මංගල්ලෙ ගන්න. වියදම් ගැන බය වෙන්න එපා”
” අපි දුවට හොඳට ඉගැන්නුවා. පොතෙත් සල්ලි ටිකක් දාල ඇති.. අක්කලා දෑවැදි එහෙම බලාපොරොත්තු වෙනවද?”

” අනේ මේ මොනව කියනවද? මෙච්චර අගේ ඇති කෙල්ලක් හදල..මමයි දෑවැදි දීල
අරන් යන්න ඕන”

” තාත්තගෙ පෙන්ශන් එකෙන් හැම මාසෙම අම්ම සාරියක් ගන්නව.. කවද හරි අයිය බඳින එක්කෙනාට කියල අල්මාරියක් පිරෙන්න සාරි. මටවත් දෙන්නෙ නෑ..” ඒ අපෙ නංගි.
ලීලාවති මාතාව නැවත වැලපෙයි.

ඉක්බිති සියල්ලෝම හිත් තැන් තැන් වල තබා සතුටින් විසිර ගියෝය.

වත්සලාගෙ පියා දිනක් හදිසියෙන් අපට ටෙලිෆෝන් කළා.
” අක්කෙ.. කවුද නිර්නාමික ලියුමක් එවල තියෙනව.. ඒකෙ මෙහෙමයි තියෙන්නෙ”

රූපසිංහ ඉස්කෝලේ මහතා වෙතටයි..මීට දින කීපයකට පෙර ඔබේ දියණිය බැලීමට
පැමිණි මනමාලයා පිළිබඳවයි මේ. ඔහු ඔබ හිතන තරම් වැදගත් කෙනෙක් නොවේ. වෙස් මුහුණක් දා ගත් අයෙකි. ගමේ තරුණියන් කීප දෙනෙකුම අමාරුවේ දැමූවෙක්. ඔහු වතාවක් රිමාන්ඩ් එකෙත් ඉඳ තියෙනවා. බොරු නම් ටිකක් හොයා බලන්න. කියන්න තව බොහෝ දේ ඇතත් කෙටියෙන් මේ කියන්නේ . මේ ඔබලාට ගැලපෙන පවුලක් නොවේ. තීරණය ඔබලා අතය.

( මතු සම්බන්දයී )

About these ads
This entry was posted in Uncategorized. Bookmark the permalink.

5 Responses to වත්සලා – 4

  1. නවම් says:

    ඇග් ! ගල් ගෙඩියකින් ගැහුව වගේ….

  2. යොහා says:

    අද කතාව නම් ලස්සනයි නිහාල් අයියා

  3. praveena says:

    බැලුමක ඉඳන් පාවෙලා ලස්සන ලෝකෙක හීන, බල, බලා ඉන්දෙද්දි හරිඅයට ඒකේ හුලං ඇරියා වැඩක් නේ අර ලියුමක් යවලා කරලා තියෙන්නේ. දැන් ඉතින් ඉක්මනට ඉතිරි ටික ලියන්ට. දෙන්නා වෙන් කරන්නේ එහෙම නෑ හොඳේ. :-)

    ප/ලි
    ඔයාගේ කමෙන්ට් එක තියනවා. 200 පස්සේ ඒවා බලන්ට load more කියන තැන ක්ලික් කරන්ට ඕනි. එතකොට ඔක්කොම කමෙන්ට්ස් බලා ගත්තෑකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )