හින්දි චිත්‍රපට කොහොමටත් ලස්සනයිනේ.. ඊස්ට්මන් කලර්.. මල්ටි කලර්.. වෝටර් කලර්…
මම හින්දි චිත්‍රපට බලන්න පුරුදු උනේ අපේ ගෙදර එක්කෙනා නිසයි. කලින් බලපු නැති
එකක උනත් පටන් ගෙන විනාඩි පහකින් සේරම කතාව හිතා ගන්න පුළුවන්. මොකද හැම
එකම එක අච්චුව නිසා. මම සබ් ටයිටල් කියවන්න මහන්සි වෙන්නෙ නෑ. ඒව කියවන්න
කාලෙ ගත්තාම ලස්සන දසුන් මග හැරෙනව. ඇරත් අපේ එක්කෙනා හින්දි බස කියවීමට, ලිවීමට
හා කතා කිරීමට දස්සියක්. නොතේරුන ව්‍යාකූල තැන් ඇගෙන් අසා ගන්ට පුළුවන්.
බොලිවුඩ් සිනමාවත් , ලාංකීය සිනමාවත් හරියට ගලිවර් සහ ලිලිපුට්ටන් වගේ. ඒත් අපට
තියෙන සම්පත් වලින් තැනෙන බොහොමයක් ඒවා හරවත්. බොහොමයක් කලාත්මක බවින් හා
ගුණාත්මක බවින් උසස්.
පහුගිය දාක මෙහේ ” බඹර වලල්ල” කියල එකක් පෙන්නුව. මුල සිට අග දක්වාම ප්‍රචන්ඩත්වය
පිරුණු එකක්. ඒත් ඒවා අපට අළුත් දේවල් නෙවෙයිනේ.
දෑත බදල කාට හරි පොලු පාරක් දුන්නොත් උන්දෑ එතනම ඉවරයි. මැරුණෙ නැතත් ආයෙ ලේසියෙන්
ඔළුව උස්සනව බොරු. ඒත් හින්දි චිත්‍රපටවල එහෙම නෙවේ. දත් හලා ගෙන , ඔලු පලා ගෙන…
ලේ පෙරා ගෙන ගුටි කන පෙම්වතා , ඇගේ පැමිණීමෙන් නව පණක් ලබනවා විතරක් නෙවි..සතුරන් හත්
අට දෙනෙක් බාවනවා. මේවා සැබෑ ලෝකයේ සිදුවන දේ නෙවේ.
බඹර වලල්ලේ කියැවෙන්නේ එකම විදියේ ව්‍යාපාර කරන දෙකොටසක් , එකිනෙකා පරයා නැගිටීමට
කරන මරා ගැනීමක්. එවන් දේ ලොව හැම තැනම සිදුවෙනවා. විශේෂයෙන් ඉන්දියාව හා ලංකාව වගේ රටවල.
චිත්‍රපටය නිමවී ශාලාවෙන් එළියට ආ මම එහි නිර්මාපක අතුල ලියනගේට අතට අත දී සුබ පතා… හොඳ
නිර්මාණයක් යයි කීවා. දිගු කලක් ඇමරිකාවේ ජීවත් ව ඇති හිල්ඩා නම් මා අඳුනන කාන්තාව කිව්වේ.
. ” ඕ… ටූ මච් වයලන්ස්” කියලාය.
ඒක ඇත්ත. අපි ෆිල්ම් එකක් බලන්නේ විනෝදයක් ලබන්න. සතුටු වෙන්න.
එක යායට කහ පාටට මල් පිපී තිබෙන මල් යායක්. අහස නිල්ම නිල් පාටයි. එක වළාකුලක්වත්
පේන්න නැහැ. මල් යායේ එක් කෙළවරක සිට කෙල්ල – පෙම්වතිය – දිව එනවා. අනෙක් කෙළවර සිට
කොල්ලා – පෙම්වතා දිව යනවා. හරියටම මැද්දෑවෙදි දෙන්නා හමු වෙනව. එක පාරටම අහස
කළු වෙනව. මහ වැස්සක්. දෙන්නම මහ වැස්සෙ සිංදුවක් කිය කිය නටනව. දිය බේරෙන ඇගේ
දුහුල් සාරිය විනිවිද රෝස පාට අවයව මතු වෙනව. පිස්සු හැදෙනව. මේ දසුන හැම හින්දි
චිත්‍රපටයකම තියෙනව.
අප දෙදෙනා ළඟදී බැලූ චිත්‍රපටයේ ප්‍රධාන නිළි කැත්‍රිනා කායිෆ් ඉතා ලස්සන සරාගී සිරුරක්
ඇත්තියක්. මට තව දුරටත් කට වහ ගෙන ඉන්න බැරි උනා. ” දැක්කද කෙල්ලගෙ ලස්සන” මට නිකම්ම
කියැවුනා.. ” කෙල්ලො විතරක් නෙවි.. නළුවොත් ඒ වගේ… බලන්න එයාලට සිංදු කියන්න පුළුවන්. නටන්න, ගහ ගන්න ,
මෝටර් සයිකල් පදින්න, බෝට්ටු පදින්න, පීනන්න , අශ්වයො පිට යන්න.. ඕනම එකක් පුළුවන්.. ඔයා නටන්නෙ
බීපුවම විතරයි” බිරිඳ මට ඇටෑක් කළා.
” ලාගා චුනාරි මේන් ඩාග්” ( my veil is stained ) මගේ මංගල සළු කිලිටියි..
චිත්‍රපටය සම්ප්‍රදායානුකූල හින්දි චිත්‍රපටයකින් ටිකක් බැහැර වූ කලාත්මක එකක්.
එහි රඟන රානි මුකර්ජීට මා ඉතා කැමතියි. ඇගේ දෑස් අමුතුයි. බළල් ඇස්. ලස්සන හිනාවක්
තියෙනවා. එතරම් උස නැහැ. ලගන්නා සුළු හැසිරීම් ඈ සතුයි.. ඒත් කට හඬ නම් අන්තිමයි.
කතාවෙ හැටියට, බෙනාරිස් වල ජීවත්වන ඇගේ පවුලේ අම්මා , තාත්තා හා නංගී ඉතා දුප්පත්. දුප්පත් කම
නිසාම ඈ රස්සාවක් සොයා බොම්බායට ගොස් අතරමං වෙනව.නිසි රැකියාවක් නොලැබෙන බැවින්
කෝල් ගර්ල් ( galvanized word for a prostitute ) කෙනෙක් වී මුදල් හම්බ කර
සිය පවුල දුප්පත් කමින් ගොඩ ගන්නව.
නංගී MBA දක්වා ඉගෙන ගෙන ඉහළ රැකියවක් ලබා ගන්නවා. නංගීගේ පෙම්වතාගේ අයියා ඇයට
විවාහ යෝජනාවක් ගේනවා. පවුලේ දියුණුවට ඊර්ෂ්‍යා කරන ඥාති සොහොයුරෙක් එකම දවසේ
සිදු කරන විවා මඟුල් උත්සවය කඩා කප්පල් කිරීමට එනවා. ඒත් එය එසේ සිදු වන්නේ නැහැ.
හැකි නම් DVD එකක් හොයා ගෙන රස විඳින්න. මේ එහි එන ගීතමය ජවනිකාවක්.



හොඳ චිත්‍රපටියක් පාටයි. බා ගත්තා. ස්තූතියි
හින්දි පිචෑර් පටියක් බැලුවෙ නෑ මයෙහිතේ අවුරුදු තුන හතරකින්ම. කාජොල් ගාවට ෆේවරිට් රාණි තමා. කිව්වත් වගේ වොයිස් එක නං හරිම ගොරහැඬියි. ඒත් අනිත් ඒවනං අගෙයි, පෝටබල් නෙව.
කාජොල් ගෙ තියෙන්නෙ නැචුරල් ලස්සනක්. මාත් කැමතියි එයාට. ඒත් ඊට වඩා මක් කොරන්නද ?
හින්දි සිනමාව ගැන වගේම සිංහල සිනමාව ගැනත් ඔය වගේ දැක්මක් තියෙනව. ඒකට හේතුව වානිජ රැල්ල. ඒත් උසස් ගණයේ නිර්මාණ හින්දි සිනමාවේත් නැතුවා නොවෙයි. තෝරගෙන බලන්න ඕනැ.
සත්‍යජිත් රායි ගේ උසස් නිර්මාණ මා දැක තියෙනවා.
රායි කියන්නෙ හින්දි සිනමාකරුවෙක් නෙවෙයි. එයා අයිති බෙංගාලි සිනමාවටයි.
පුළුවන් නම් හොයා ගෙන බලන්න mere brother ki dulhan – my brother’s bride
ටිකක් ගොන් පාට් තියෙනවා. හැබැයි වෙනසකුත් තියෙනවා.
ඉස්සර අපේ තාත්තලැයේ කාලේ ආපු හින්දි වගේ නෙවී දැන් හැදෙන චිත්‍රපටි හරි සරළයි.., කාල වේලාවෙන් කෙටියි. ඒත් සිත් ගන්නා සුලුයි. මේ හේතුව නිසා ඒවා බලන්නට ඇති මනාපය දිනෙන් දින වැඩි වෙනවා මිසක්කා ඌණ වීමක් නම් නෑ.., ඔබ පෝස්ට් කර ඇත්තේ ලගා චුනරී මේන් ඩාග් චිත්‍රපටයේ මා කැමතිම ගීතයයි.., මීට අමතරව එකල නැඟී එන නිළියක ලෙස කොන්කොණානා සෙන් ශර්මා, සිය චරිතයට ඉටු කරන සාධාරණත්වය උසස් බව නොකියාම බැහැ. එක චිත්‍රපටයක් එක වරක් පමණක් නරඹන්නට හුරුවී සිටින මා ඒ වෘතය කඩ කලේ අවස්ථා දෙකකදී පමණයි.., එකක් the adventures of tin tin බැලූ අවස්ථාවේදී හා ඉහත ඔබ සඳහන් කල චිත්‍රපටය නරඹත්දී පමණයි.
ස්තූතියි..!
දැන් වැඩි පුර තියෙන්නේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ලෙව කන කාම චිත්‍රපට වැඩිපුරම. කාලෙ හැටි.. ඒවාට තමා වැඩි ඉල්ලුම.
කොන්කොනා විය යුතුය
“අපේ එක්කෙනා” ත් පුදුම එක්කෙනෙක් නේ, එයා ඉන්දියන්ද?
නෑ අමු හිංගල. ලංකාවෙ ඉන්න කොට උසස් පෙළ කරන කාලේ හින්දි බස විනෝදයට වගේ හදාරල තියෙනව විමලධර්ම කියල ගුරුවරයෙකුගෙන්. පසුව ඉන්දියාවේ බැංගලෝරයේ වසර දෙකක් ඉගෙන ගන්න කොට හින්දි බස ඉගෙන ගෙන තියෙනවා.
ඔය කියන විමලධර්ම අර යශෝධා විමලධර්මගෙ තාත්ත ආර්. එල් විමලධර්ම උන්නැහේ වෙන්ඩැ මයෙ හිතේ. දන්න තරමට කැලණියෙ යුනිවර්සිටියෙ හින්දි ඉගැන්නුව.
ඔය කියන වට්ටෝරුවෙන් පිට පැනපු හින්දි ෆිල්ම්ස් තියෙනවා. පොඩ්ඩක් හෙව්වොත් අනිවාර්යයෙන් හම්බුවෙයි. මේ ඒකට එක උදාහරණයක්. Dhobi ghat (2010)…..
ගෙදර හිටියනං බලන්න තිබුන . . .
ඒ වුනත් අලුත් හින්දි චිත්‍රපට තරමක් වෙනස්.
හරි.. ඉල්ලුමේ හැටියට සැපයුම. ෆයිට්.. සිංදු.. අඩ නිරුවත් ජවනිකා වැඩි ඒවාට තමා දැන් ඉල්ලුම.