බල්ලා මිනිසාගේ මිතුරා.ඒත් දෙවියන් නම් බල්ලට කැමති නෑ වගේ. නොයෙකුත් දෙවි වරු ගමන් බිමන් යන්න තම්න්ගෙ වාහනය ලෙස සතුන් යොදා ගෙන තියෙනවා. ගන දෙවියන්- මීයා, කතරගම දෙවියන් – මොනරා ආදී ලෙසට. බල්ලට නම් තැනක් නෑ.
බල්ලන් සුරතලයට ඇති කරන අපේ අරුණි සහ චේජනා ගෙ පිටුව ලියන සොයුරිය කියන්නේ බල්ලෝ domestic animals ලා කියල. මට ප්රශ්නයක් .. ඩොමෙස්ටික් ?… ඇනිමල්ස් ?..එහෙම වෙන්න පුළුවන්ද ?
jungle boys ලා ඉන්න පුළුවන් නම් domestic animals ඉන්න බැරිද ? මගේ ප්රශ්නයට උත්තරේ මමම හොයා ගත්ත.
බල්ලා.. සුනඛයා.. සු.. නඛ.. හොඳ නිය පොතු.. එතකොට සිංහ , වලස් , කොටි සුනඛයන් නොවෙයිද ?
බල්ලා ඉතා බුද්ධිමත් සතෙක්. මුලින් ඌ කැලයේ ජීවත් උනේ. වකුටු වී නිදන්න පෙර අවට කටු පඳුරු ටිකක් තලල තැන හදා ගන්න , වටයක් දෙකක් කැරකුනා. ඒ පුරුද්ද තමා ඔය තාම තියෙන්නෙ. ඒත් පුරුද්දට වඩා ලොකුයි ජන්ම ගතිය.
මහත්තයෙක් , යාළුවෙක් එක්ක පොඩි අඩියක් ගගහා හිටිය. බයිට් එකට තිබූ බැදපු මස් කෑල්ලක් බිමට වැටුනා.. බල්ලා.. රෝවර් අහක බලා ගත්තා. “ රෝවර්.. take it ” කිව්වාම බල්ලා මස් කෑල්ල අරන් කන්න පටන් ගත්තා. යාළුවාට හරි පුදුමයි. ඔය වෙලාවෙ පාරෙ ගියා ලස්සන ඉටි කිරිස් කෑල්ලක් බල්ලත් එක්ක ඩෝග් වෝක් එකක්. ඒ බැල්ලියක්. රෝවර්ට පුරුද්ද අමතක උනා. බැල්ලිට කිට්ටු කරල පොඩි juicy love talk පාරක් දාල පාර මැදම පූට්ටුවක් දැම්ම. කෙල්ලටත් කර ගන්න දෙයක් නෑ. පටියෙන් ඇද්ද ? මොන…? ආදරෙන් වෙලිච්ච දෙන්නෙක් එහෙම ලේසියෙන් ඈත් කරන්න පුළුවන්ද ? ටික වෙලාවකින් රෝවර්ට තම ස්වාමියා මතක් වෙලා පූට්ටුව පිටින්ම ගෙදර යනව. කෙල්ල බැල්ලිගෙ පටියෙන් අල්ල ගෙන ඒ පස්සෙන් යනව.
මහත්තය යාළුවට කියනව.. “ දැක්ක නේද ඌත් එකක් පාවිච්චි කරල මටත් එකක් අරන් එන හැටි “ කියල.
බල්ලගෙ ගෑණු සතාට ඉන්ගිරිසියෙන් bitch කිව්වත් බටහිර රටවල මිනිස්සු ගෑණුන්ට බනින්න පාවිච්චි කරන කුණුහරුපයක් ඒක.
තමනුත් නොකර වෙන කාටවත් කරන්නත් නොදෙන විට කියනව , බල්ල පිදුරු කන්නෙත් නෑ , කන ගොනාට දෙන්නෙත් නෑ කියල.
හඳ රවුමට ලොකුවට තියෙන රෑට බල්ලො හඳට උඩු බුරලනව. හඳ ඒ නෑහුනා වාගේ තමන්ගෙ ගමන යනව. බල්ලෝ බුරති – සඳ බබලති
බල්ලෙක් කොච්චර බිරුවත් කඳු කඩා වැටෙන්නෙ නෑ කියලත් කියනව. තමන්ටවත් , අනුන්ටවත් ප්රයොජනයක් නැති දේකට කියනව , බල්ලගෙ පස්සා පැත්තෙ බැන්ද මී වදේ වගේ කියල. බල්ලගෙ වැඩේ බූරුවා කරන්ට හොඳ නෑ. ඒව බලු වැඩ. බල්ලගෙ වැඩේ කොච්චරවත් දුවන එක. ඇති වැඩකුත් නෑ.. හෙමින් ගමනකුත් නෑ.. බල්ලට හැතැප්ම නෑ වගේම උන්ට ලෙලි පොල් දීලත් වැඩක් නෑ.
“ මූ හැදුවට වැඩිය හොඳයි බල්ලෙක් හැදුව නම්. අඩු ගානෙ නැට්ටවත් වනයි” කියල තාත්තා මට කියල තියෙනව. බල්ලන් නැට්ට වනන්නේ හිතවත් කම පෙන්වීමටය.
“ මූ කරන වැඩ බලු මයිලක් වටින්නෑ “ කියලත් මට කියල තියෙනව.
ලෝවැඩ සඟරාවෙ මෙහෙම තියෙනව.
“මස් ලේ නැති ඇට බලු ලෙව කන්නේ
කුස් පිරුමක් පලයක් නොලබන්නේ “…..බල්ලාට අනුන්ගේ ඇටත් , තමන්ගේ ඇටත් ලෙව කන්න පුළුවන්. මිනිසාට ඒ දේ කරන්න බෑ.
බල්ලොත් එක්ක නිදා ගත්හම නැගිටින්න වෙන්නෙ මැක්කොත් එක්ක. බුරන බල්ලා සපා නොකයි.බල්ලොත් නොකන සල්ලි.. බල්ලොත් නොකන වැල වරකා ගල්කිස්සේ…රට බල්ලට ගිහින් , බල්ලො රට ගිහින්… මේ සේරම බලු නොවටින බලු කතා.
මම දවසක් දැක්ක පොඩි කමිසයක් ඇඳල කකුල් හතරට පොඩි සපත්තු දාපු මී පැටියෙක් වගෙ බල්ලෙක්. කච්චිය පිච්චියට ගිය බල්ල හෙළුවෙන් කියන කතාව බොරුනේ…
ලංකාවෙ එක එක ජාතියෙ බල්ලො ඉන්නව. වල් බල්ල , පර බල්ලා, ගෙරි බල්ලා, අවලම් බල්ලා, **** බල්ලා, ගස් බල්ලා..
මීට මතරව මුහුන් කරන ලද , අර කහිනවා වගෙ බුරන මී මූනක් තියෙන බලු ජාතියකුත් ඉන්නව. බල්ලන් හදන සමහරු තම දරුවාගෙ උපන් දිනය දන්නෙ නැති උනාට බල්ලගෙ පැටිකිරිය (pedigree) හොඳට දන්නව.
බල්ලෙක් උඩු බුරලන්නෙ නරක ආරංචියක් ගේන්න. ගමනක් යන්න පිටත් වෙන කොට බල්ලා කන්පට ගැහුවොත් යන්න නම් එපා. බොරු නං ඔය වෙදනා ගෙන් අහන්න.
ශ්රී ලංකා හමුදාව ඇරුනු කොට ලෝකෙ හොඳම ඇමරිකන් navy seal එකට ඉන්නව බලු කමාන්ඩෝස් ලා. උන් හරි දක්ෂයි. ඉව පාරෙ ගිහින් හොරු අල්ලන බල්ලො පොලිසියට ඉන්නව. මුන් මෙච්චරම හොඳ නම් සමහර ජරා වැඩ කරන මිනිස්සු බලු වැඩ කරනවා කියන්නෙ ඇයි ?
ලංකාවෙන් ගෙනා මගෙ බාටා දෙක පතුරු ගහපු මගෙ බල්ලට ගහන්න පන්නන කොට මගෙ එක්කෙනා “ චී… නිහා….ල්… බලු වැඩ කරන්න එපා…” කියල දවසක් මට කෑ ගැහුවා..



බලු පෝස්ට් එක නම් මරු
//“ මූ හැදුවට වැඩිය හොඳයි බල්ලෙක් හැදුව නම්. අඩු ගානෙ නැට්ටවත් වනයි”// බූඩිටත් ඔහොම්ම කියලා තියෙනවා නේ
බල්ලට අපහාස කරනවාට මන් විරුද්දයි නිහාල්.. කාට සමාන කලත් මනුස්සයට විතරක් සමාන කරන්න එපා ඒ උතුම් සතාව..
මතකද ‘සුනඛ දේනුව’ කියලා ෆිල්ම් එකක් ආවා කාලේකට ඉස්සර. මගේ යාලුවෙක් (සිංහල නෙවේ) දවසක් ඔය ෆිල්ම් එක පෙන්නන හෝල් එකක ලන්ගින් යනකොට කියනව…..
‘මචන් සුඛන දේනුව කියලා ෆිල්ම් එකක් තියනා බලන්න යමුද’ ….කියලා…
හප්පේ ඇතියන්තං අපි ගැනත් ලියලා. හා, බාටා, මතක් වෙන කොටත් කටට කෙල උනනවා. ඔහෙට කියන්න සෑර්, හොඳට කරවෙන්න බැඳපු බල කරවල කෑල්ලකුයි, බාටා සෙරප්පුවකුයි එක ලඟ තියල බලන්ට. පන්න ගත්තා, දුන්නා හුරේ රන් එකක්. මොකක් කියලද හිතන්නෙ? බාටා සෙරෙප්පුව!
-ටොමියා -
මෙහි ඉංග්‍රීසි – සිංහල මිශ්‍රණයට (+ කතාවේ සමහර තැන්), මගේ මනාපයක් නැත!
Old fashioned at times!
“වඩුවයි බල්ලයි” කියල පොතකුත් තියනව නේද ???