මගේ සමහර කතා කියවන ඔබ , මා බොරුකාරයෙක් හෝ අසහනකාරයෙක් යැයි සිතනු ඇත. ඔබට ඕනෑම දෙයක් සිතිය හැක.මහළුවියේ දොරකඩ සිටින මා , පසු ගිය මතකයන්ට එබිකම් කරමින් ස්වයං විවේචනයක යෙදෙනවා විනා ඒවායේ අබැටක අසත්‍යක් නැත. ස්වයංවිවේචනය යන වචනය වෙනුවට පාපොච්චාරණය යන වචනය මා යොදා නොගන්නේ මා මෙන්ම ඔබද සාන්තුවරයින් නොවන වග මා දන්නා නිසාය.
මීට මාස කීපයකට පෙර ලංකාවට කතා කළ වේලේ;
” පුතේ , රම්ය මාලී සිල් මෑණි කෙනෙක් වෙලා. මෙහේ ආරාමයක ඉන්නවා” අම්මා කීවාය.
මගේ ඥාති සොහොයුරියක වූ ඇය , පාසැල් අධ්‍යාපනයට අතරමගදී සමුදී ධනවත් මැනික් ව්‍යාපාරිකයෙකුගේ සුරතලිය වූවාය.ඉන්පසු මුස්ලිම් තරුණයෙකු සතු වූ ඇය , ඉන් පසුව කීප දෙනෙකු අතට මාරු විය.
” ඕකිගෙ කොටහළු නැකත හොඳ නෑල්ලු” අම්මා දිනක් කියනවා මා අසා ගෙනය.
දිනක් දිය නා පැමිණි ඇය වැලේ රෙදි වනමින් සිටින විට මා පිටු පසින් ගොස් ඇගේ හිස සිප ගත්තා. ඈ ළඟ තිබූ රෙක්සෝනා හෝ ලක්ස් සබන් පුසුඹ තවමත් මගේ නාස් කුහරයේ රැඳී බැව් මට දැනේ.
” එපා අයියේ.. කවුරුවත් දකී ..”
පසු කලෙක කොළඹ පෞද්ගලික රෝහලක හෙදියක් වූ ඇය , එහිදී ඇඳින ගත් අයෙකුගේ මාර්ගයෙන් එංගලන්තයට ගියාය. එහිදී සුද්දෙකු හා විවාහ වූ බව පසුව අපට ආරංචි විය.
” ආං හාමුදුරුවො පණිවුඩයක් එවල තියෙනව.. එංගලන්තෙ මහ රජ්ජුරුවොයි . රැජිනයි ඇවිල්ල කියල.. කීයක් හරි අත මිට මෙලෙව්වොත් අපෙ හාමුදුරුවන්ටත් ඊට එහා කෙනෙක් නෑ.හිපියෙක්ද කොහෙද “……
රම්‍යමාලී ඇගේ සුදු සැමියා වූ ගොඩ්සන් සමඟ පන්සල් ඇවිත්. කොණ්ඩය කොටට කපා , ඇඟටම හිර වුනු දිග කලිසමක් ඈ ඇඳ සිටියාය. මා දුටු විගස ඇය,
” remember… I told you.. he is my cousin… we had a affair but too…. short. you are the luckiest one” මා අඳුන්වා දෙමින් තොඳොල් වූවාය.
” මෙයාට එහේ බ්ලූම්ස්බෙරි වල රෙකෝර්ඩින් ස්ටූඩියො එකක් තියෙනවා”
( ඉතින් මට මොකද )
නොබෝදා අම්මාට කතා කල වේලේ , රම්‍යමාලී ඇමරිකාවේ භාවනා මධ්‍යස්තානයක ඉන්නා බවත් , ඈ ඉන්නා ඉසව්වත් දැන ගත හැකි විය.
පසු ගිය දාක අපේ ” ජොෂුවා ට්‍රී ” ට්‍රිප් එක සංවිධානය වූයේ එ පරිදිය.
මා ද , මගේ බිරිඳ ද , වැඩුමල් දියණියද , මගේ මිතුරු කෝසල , බිරිඳ තමාරා ද , වැන්දඹුවක් වූ මානෙල් ද , ඇගේ දියණිය ද , මෑතකදී හඳුනාගත් හිල්ඩා නම් ගැහැණියකගෙන්ද අපේ නඩය සමන්විත විය.
නිවසේ සිට සැතපුම් 350 ක් දුරින් පිහිටි ඈ ජීවත් වන ආරාමය කාන්තාරයක් මැද පිහිටා තිබිණ. තවත් කීප දෙනෙකු සමඟ භාවනා කරන බවත් , ආහාරය පිණිස එළවළු හා පළතුරු පමණක් ගන්නා බවත් දැන ගත හැකි විය.
පතොක් කුලයට අයත් ” ජොෂුවා” ගස් වලින් පමණක් පිරුණු එකම ගල් ගොඩක් වූ කාන්තාරය මැද ප්‍රධාන ගොඩනැගිල්ලද , යාබදව පුද්ගලික භාවනා කුටිද විය. අවට පරිසර උෂ්ණත්වය අංශක 40 ක් පමණ විය.
” මම ඔයාට රම්‍යා කියන්නද ? මාලී කියන්නද ?” ඒ වසර 30 කට පෙරය.
” how do I call you ? සිල් මෑණියෝ කීවාට කමක් නැද්ද ?”
” නෑ මම සිල් මෑණි කෙනෙක් නෙවි.. මම භික්ෂුණියක්. භික්කුනී කියල කතා කරන්න” ඇගේ ස්වරය ශාන්තය.
ජාතින් කීපයකට අයත් භික්කුනීන් පාත්‍ර වලට ආහාර බෙදා ගෙන උඩු මහලට වැඩියාහ.
” අපි උඩට ඇවිත් අඩු පාඩු බෙදුවට කමක් නැද්ද ?”
” නෑ අවශ්‍ය නෑ.. අපට අවශ්‍ය ප්‍රමාණය බෙදා ගත්තා. ඔයාලත් බෙදා ගෙන කාල ඉතිරි සේරම ආපහු අරන් යන්න”
දන් වැළඳීමෙන් පසුව කෙටි අනුශාසනාවක් ද , භාවනා පන්තියක්ද විය.
” පහසුවෙන් ඉඳ ගන්න.. අත් දෙක එක පිට එක තියා ගන්න. හොඳින් හුස්ම ඉහළ පහළ යවන්න.. මේක සරල භාවනා ක්‍රමයක්. ඇස් වහ ගෙන තමන්ගේ හිස් මුදුන දිහා බලන්න.. ඊ ළඟට තමන්ගේ දකුණු උර හිස දිහා බලන්න.. බිම බලන්න.. වම් උර හිස… ආයෙමත් තමන්ගේ හිස් මුදුන…”
ආපසු ගමනේදී හැතැප්ම විස්සක් පමණ කිසිවෙක් කිසිවක් කතා නොකළහ. මා වරදකරුවෙක් වී ඇද්ද ?””
ලෝකෙ ඉන්න සේරම වල් ගෑනු ඔහොමයි.. තරුණ කාලෙ සේරම කුපාඩිකං කරල බැරි වෙන කොට සිල් ගන්නව.. සමාජ සේවෙ කරනව.. බ්‍රිජට් බාඩො පේන්නැද්ද? එයත් ඔය ජාතියෙ තමයි”
ඒ මගේ බිරිඳ ගේ පළමු ඇනුම් පදය.
” ගොඩ්සන් විවාහකයෙක් බව මං දැන ගෙන හිට්යෙ නෑ.. එයා හදිසියේ නැති වුනා..සේරම දේපළ කලින් වයිෆ්ගෙ නමට ලියල… මට මේ ජීවිතේ හොඳයි.. සරලයි.. ඇරත් තව ටික දවසයිනෙ..”
භික්කූනී ඛේමා කීවා වාගේ මට මතකය…




නිහාල් අයියා කෙලින්ම ඇත්තම කියලා දාන එක නම් මරු. මං හිතන්නේ පාපෙච්චාරණයක් කියන්නේ ඒක නිසා වෙන්න ඇති. නියමයි !!!!
//ලෝකෙ ඉන්න සේරම වල් ගෑනු ඔහොමයි.. තරුණ කාලෙ සේරම කුපාඩිකං කරල බැරි වෙන කොට සිල් ගන්නව.. සමාජ සේවෙ කරන//
ඔක්කොම නෙමේ ටිකක්
කව්රුත් ඔහොම තමා පස්සේ තමා කරපු වැරදි, වැරදිච්ච තැන් මතක් වෙන්නේ. එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මොකෝ අපි රහත්වෙලා නෑ නේ. බූඩි නම් නෑ.
“ලෝකෙ ඉන්න සේරම වල් ගෑනු ඔහොමයි.. තරුණ කාලෙ සේරම කුපාඩිකං කරල බැරි වෙන කොට සිල් ගන්නව”
කෙතරම් පටු සිතුවිල්ලක්ද ?
එතකොට විනයධර භික්ෂුනින්ගෙන් අග්‍ර උණු පටාචාරත් කොල්ලෙක් එක්ක වල් විදියට පැනල ගිහිල්ල
නිරුවත්ව පාරවල් වල දුව පැන ඇවිද්ද පිස්සු ගෑනියක් නේ ……
අයි අම්බපාලි ???
කෙනෙක් ගේ අතීතය දිහා බලල වර්තමානය නිර්වචනය කිරීම කොතරම් වැරදිද ?
ලෝකයේ තව ඒ වගේ කී දෙනෙක් හැඟීම් වලට වාසග වෙලා තරුණ කාලය ගෙවල අවසන් කාලයත් නිකන්ම හිස් විදියට ගෙවල දානවද ?
ඒක හින්ද මටත් කියන්න තියෙන්නේ ඕනය කියුව වගේ “එයා එයාගෙ අනාගතේ වෙනුවෙං ගන්න පුලුවං සුදුසුම තීරනය අරගෙන” කියල තමයි …
ටිරාජ්.. මමත් එහෙම හිතන්නෙ නෑ.
එක දෙයක් කියන්න ඕන.. පටාචාරා ගෙදර සේවකයත් එක්ක පැනල ගියාට එයා වල් නෑ. වල් නැති නිසයි සැමියාගේ හා දරුවන්ගේ වියෝවෙන් පසුව පිස්සු හැදුනෙ.
අම්බපාලිත් වල් නෑ. එයා නගර ශෝභිනියක්.ගණිකාවක් නෙවේ. නගරය අලංකාර වෙන්නෙ නගරශෝභිනීන් නිසා. ඒක ලොකු තනතුරක්. ඒ තනතුරට ලොකු තරඟයක් තියෙනවා. සූ සැට කලාවන් දැන ගෙන තියෙන්න ඕන.
නිහාල් , මම මේ දවස් වල කියවන පොතක තිබ්බා “මම” කියන මායාව සිතේ ඇතිවෙන විදිය, පංච උපාධ්‍යනයන් එක්ක ගලපලා. නිහාල්ගේ කතාව කියෙව්වම මට හිතුනා, අපි අපේ අතීතය , මතකයන් , අත්දැකීම් තමයි “අපි” කියල හිතනවා වගේම . අනිත් අයගේ අතීතය තමයි ඔවුන් කියලා හිතනවා නේද කියලා . එකනේ අපිට භික්කුනිගේ රුව ඇතුලෙන් අර දඟකාර කෙල්ලව තවම පෙනෙන්නේ .
ඔන්න ඔබ විතරයි මගේ හිත කියෙව්වෙ. මම ආසාවෙන් සිප ගත් දෑත. ඒ කෙස් වැටිය. මට එයා දැකපු ගමන් බඩ පපුව පිච්චෙනව වගේ දැනුන. මා ළඟ රහස් නෑ. මගේ වයිෆ් දන්නව මගේ අතීතය.
මගේ ලොකු දුව හම්බ වෙන්න ඉන්න දවස් වල අපි දෙන්න නුවර මාළිගාවට යනව. එයා බඩ ගෙඩියත් එල්ල ගෙන. ඉස්සරහට එනව කෙල්ලො දෙන්නෙක්. මම වහාම බිමට නැමිල සපත්තු ලේස් ගැට ගැහුව. එක කෙල්ලක් මට තට්ටුවක් දාල කිව්ව.. හැංගෙන්න අමාරුයි නේද ? දෙන්නටම නෑ… නෑ… තුන් දෙනාටම දළදා පිහිටයි කියා ගෙන යන්න ගියා. මගේ වයිෆ් බක බක ගාල හිනා උනා. මෙයත් කරල තියෙන දේවල් කිව්වා. එච්චරයි. විවාහයෙන් පස්සෙ මට එයා ගෙන් තොර ලෝකයක් නෑ.
හා හා හා , අර මේ දවස් වල පොඩි කොල්ලෝ කියනවා වගේ “අයියෝ සල්ලි ” කියල තමයි කියන්න වෙන්නේ .
නිහාල් මගේ අත්දැකීම් ඔබට වඩා වෙනස් නිසා මීට වැඩ දෙයක් කියන්න බෑ. ඔබේ ලෝකය , ඔබේ බිරිඳ , ඔබව තේරුම් ගත කෙනෙකු වීම , ඔබේ මහත් වාසනාවක්.
ඒ , පසුපස හඹා එන අතීතයෙන් සැඟවෙන ඉහ නිකට පැහුණු මිනිසුන්ද මට හමු වී ඇති බැවිනි
ඉතාමත් අනුවේදනීය කතාවක් නිහාල්. කාලෙකින් මේ වගේ හිත සසල කල කතාවක් කියෙව්වෙ නෑ, ස්තූතියි.
//මගේ සමහර කතා කියවන ඔබ……………………..නොවන වග මා දන්නා නිසාය.//
එහෙම ලිව්වෙ ඇයි? කවුරුත් මොනව හරි කිව්වද? ඔබ ලියන විදිහ හරිම ලස්සනයි. අභිධර්මයත් නෙමෙයි, බණ කතාත් නෙමයි, ඒත් මේ කතාවල් ඇතුලෙ ගන්න, ඉගෙන ගන්න යමක් තියනවා. කරුමෙට ඒක අන්තිම පේලියෙ සුචරිතවාදීන්ට තේරුණේ නෑ. මේ පෘතක්ජන කතාවලින් මට නං පේන්නෙ ජීවිතයේ කටුක යථාර්තය, ඔබ ඒක හොඳ සංයමයකින් ඉදිරිපත් කරලා තියනවා. ජය!
මම එහෙම කිව්වෙ… ප්‍රදීපා මැරිලා… මෙයා පැවිදි වෙලා… මටමද මෙහෙම වෙන්නෙ කියල එක්කෙනෙක් අහල තියෙන නිසා. ඒ කියන්නෙ මම මගේ අත්දැකීම් සමඟ වයසට යනවා. ඔබට ස්තූතියි.
ජීවිතය අනිත්‍යයි කියන තවත් එක් උදාහරණයක් කියලයි මට හිතෙන්නේ….
හ්ම්….. මහණ වෙන්න ඕනි ජීවිතේ සියළු සැප විඳල තමයි. මොකද එතකොට තමයි ඒ දේවල් වල අනිත්‍ය බව දැනෙන්නෙ. සිදුහත් කුමාය වුනත් විවාහ වුනා දරුවො හැදුවා. රජ සැප වින්දා.ඊට පස්සෙයි මහන වෙන්න ගියේ . නැත්තම් මිනිස්සු කියාවි. අෆෝ සිදුහත් තුමාරය පවුලක් පන්සලක් උනා නම් හොම වෙන්නෙ නැහැ කියලා.
එයා එයාගෙ අනාගතේ වෙනුවෙං ගන්න පුලුවං සුදුසුම තීරනය අරගෙන නේද ???