ගමනක නිමාව

මගේ සමහර කතා කියවන ඔබ , මා බොරුකාරයෙක් හෝ අසහනකාරයෙක් යැයි සිතනු ඇත. ඔබට ඕනෑම දෙයක් සිතිය හැක.මහළුවියේ දොරකඩ සිටින මා , පසු ගිය මතකයන්ට එබිකම් කරමින් ස්වයං විවේචනයක යෙදෙනවා විනා ඒවායේ අබැටක අසත්‍යක් නැත. ස්වයංවිවේචනය යන වචනය වෙනුවට පාපොච්චාරණය යන වචනය මා යොදා නොගන්නේ මා මෙන්ම ඔබද සාන්තුවරයින් නොවන වග මා දන්නා නිසාය.

මීට මාස කීපයකට පෙර ලංකාවට කතා කළ වේලේ;
” පුතේ , රම්ය මාලී සිල් මෑණි කෙනෙක් වෙලා. මෙහේ ආරාමයක ඉන්නවා” අම්මා කීවාය.
මගේ ඥාති සොහොයුරියක වූ ඇය , පාසැල් අධ්‍යාපනයට අතරමගදී සමුදී ධනවත් මැනික් ව්‍යාපාරිකයෙකුගේ සුරතලිය වූවාය.ඉන්පසු මුස්ලිම් තරුණයෙකු සතු වූ ඇය , ඉන් පසුව කීප දෙනෙකු අතට මාරු විය.

” ඕකිගෙ කොටහළු නැකත හොඳ නෑල්ලු” අම්මා දිනක් කියනවා මා අසා ගෙනය.

දිනක් දිය නා පැමිණි ඇය වැලේ රෙදි වනමින් සිටින විට මා පිටු පසින් ගොස් ඇගේ හිස සිප ගත්තා. ඈ ළඟ තිබූ රෙක්සෝනා හෝ ලක්ස් සබන් පුසුඹ තවමත් මගේ නාස් කුහරයේ රැඳී බැව් මට දැනේ.

” එපා අයියේ.. කවුරුවත් දකී ..”

පසු කලෙක කොළඹ පෞද්ගලික රෝහලක හෙදියක් වූ ඇය , එහිදී ඇඳින ගත් අයෙකුගේ මාර්ගයෙන් එංගලන්තයට ගියාය. එහිදී සුද්දෙකු හා විවාහ වූ බව පසුව අපට ආරංචි විය.

” ආං හාමුදුරුවො පණිවුඩයක් එවල තියෙනව.. එංගලන්තෙ මහ රජ්ජුරුවොයි . රැජිනයි ඇවිල්ල කියල.. කීයක් හරි අත මිට මෙලෙව්වොත් අපෙ හාමුදුරුවන්ටත් ඊට එහා කෙනෙක් නෑ.හිපියෙක්ද කොහෙද “……

රම්‍යමාලී ඇගේ සුදු සැමියා වූ ගොඩ්සන් සමඟ පන්සල් ඇවිත්. කොණ්ඩය කොටට කපා , ඇඟටම හිර වුනු දිග කලිසමක් ඈ ඇඳ සිටියාය. මා දුටු විගස ඇය,
” remember… I told you.. he is my cousin… we had a affair but too…. short. you are the luckiest one” මා අඳුන්වා දෙමින් තොඳොල් වූවාය.
” මෙයාට එහේ බ්ලූම්ස්බෙරි වල රෙකෝර්ඩින් ස්ටූඩියො එකක් තියෙනවා”
( ඉතින් මට මොකද )
නොබෝදා අම්මාට කතා කල වේලේ , රම්‍යමාලී ඇමරිකාවේ භාවනා මධ්‍යස්තානයක ඉන්නා බවත් , ඈ ඉන්නා ඉසව්වත් දැන ගත හැකි විය.

පසු ගිය දාක අපේ ” ජොෂුවා ට්‍රී ” ට්‍රිප් එක සංවිධානය වූයේ එ පරිදිය.

මා ද , මගේ බිරිඳ ද , වැඩුමල් දියණියද , මගේ මිතුරු කෝසල , බිරිඳ තමාරා ද , වැන්දඹුවක් වූ මානෙල් ද , ඇගේ දියණිය ද , මෑතකදී හඳුනාගත් හිල්ඩා නම් ගැහැණියකගෙන්ද අපේ නඩය සමන්විත විය.

නිවසේ සිට සැතපුම් 350 ක් දුරින් පිහිටි ඈ ජීවත් වන ආරාමය කාන්තාරයක් මැද පිහිටා තිබිණ. තවත් කීප දෙනෙකු සමඟ භාවනා කරන බවත් , ආහාරය පිණිස එළවළු හා පළතුරු පමණක් ගන්නා බවත් දැන ගත හැකි විය.

පතොක් කුලයට අයත් ” ජොෂුවා” ගස් වලින් පමණක් පිරුණු එකම ගල් ගොඩක් වූ කාන්තාරය මැද ප්‍රධාන ගොඩනැගිල්ලද , යාබදව පුද්ගලික භාවනා කුටිද විය. අවට පරිසර උෂ්ණත්වය අංශක 40 ක් පමණ විය.

” මම ඔයාට රම්‍යා කියන්නද ? මාලී කියන්නද ?” ඒ වසර 30 කට පෙරය.

” how do I call you ? සිල් මෑණියෝ කීවාට කමක් නැද්ද ?”

” නෑ මම සිල් මෑණි කෙනෙක් නෙවි.. මම භික්ෂුණියක්. භික්කුනී කියල කතා කරන්න” ඇගේ ස්වරය ශාන්තය.

ජාතින් කීපයකට අයත් භික්කුනීන් පාත්‍ර වලට ආහාර බෙදා ගෙන උඩු මහලට වැඩියාහ.

” අපි උඩට ඇවිත් අඩු පාඩු බෙදුවට කමක් නැද්ද ?”

” නෑ අවශ්‍ය නෑ.. අපට අවශ්‍ය ප්‍රමාණය බෙදා ගත්තා. ඔයාලත් බෙදා ගෙන කාල ඉතිරි සේරම ආපහු අරන් යන්න”
දන් වැළඳීමෙන් පසුව කෙටි අනුශාසනාවක් ද , භාවනා පන්තියක්ද විය.

” පහසුවෙන් ඉඳ ගන්න.. අත් දෙක එක පිට එක තියා ගන්න. හොඳින් හුස්ම ඉහළ පහළ යවන්න.. මේක සරල භාවනා ක්‍රමයක්. ඇස් වහ ගෙන තමන්ගේ හිස් මුදුන දිහා බලන්න.. ඊ ළඟට තමන්ගේ දකුණු උර හිස දිහා බලන්න.. බිම බලන්න.. වම් උර හිස… ආයෙමත් තමන්ගේ හිස් මුදුන…”

ආපසු ගමනේදී හැතැප්ම විස්සක් පමණ කිසිවෙක් කිසිවක් කතා නොකළහ. මා වරදකරුවෙක් වී ඇද්ද ?””
ලෝකෙ ඉන්න සේරම වල් ගෑනු ඔහොමයි.. තරුණ කාලෙ සේරම කුපාඩිකං කරල බැරි වෙන කොට සිල් ගන්නව.. සමාජ සේවෙ කරනව.. බ්‍රිජට් බාඩො පේන්නැද්ද? එයත් ඔය ජාතියෙ තමයි”
ඒ මගේ බිරිඳ ගේ පළමු ඇනුම් පදය.

” ගොඩ්සන් විවාහකයෙක් බව මං දැන ගෙන හිට්යෙ නෑ.. එයා හදිසියේ නැති වුනා..සේරම දේපළ කලින් වයිෆ්ගෙ නමට ලියල… මට මේ ජීවිතේ හොඳයි.. සරලයි.. ඇරත් තව ටික දවසයිනෙ..”

භික්කූනී ඛේමා කීවා වාගේ මට මතකය…

This entry was posted in Uncategorized. Bookmark the permalink.

23 Responses to ගමනක නිමාව

  1. පූසා says:

    එක්කෙනක්ගේ ජීවිතයක් දිහ බලලා හැමෝම ඒ වගේය කියලා කියන්න පුළුවන්ද?

  2. ඇය හැමවිටම තමා ඉන්නා වත්මනට ගැලපෙන හොඳම තීරණ ගත් අයෙකි!

  3. Sudath says:

    “ලෝකෙ ඉන්න සේරම ………”
    එහෙම කියන එක නම් වැරදියි. බෞද්ධ සාහිත්‍යයේ අපි කියවල තියෙනව නේද අම්බපාලිලා ගැන.

    මේ වගේ හාට් ටචින් කතන්දර තව කොච්චර තියනවද ඔයා ළඟ ඇත්තටම කියන්නකො. රට ගිය ඇත්තෝ, ප්‍රදීපා මට මතකයි. මේව ඔයාටමද වෙන්නෙ? නෑ, ඔයා වගේ මේ කතා විස්තර කරන්නෙ නෑ කවුරුවත්.

    විශිෂ්ටයි.

    • මුලින්ම මා ලියන දේවල් කියවන අයට මගේ ආචාරය.
      අම්බපාලි කියන්නේ නො මග ගිය නරක ගෑණියක් නෙවේ. ඔබ ඒ කාලයේ සමාජ රටාව ගැන ඉගෙන ගත යුතුයි. අම්බපාලි කියන්නේ නගර ශෝභිනියක්. එය ඒ කාලේ රජ- සිටු – වරු ළඟට තිබුන ගරු කටයුතු තනතුරක්. ඔබ වරදවා වටහා ගෙන. ඒ වගේමයි ගමේ ඉන්නේ ජනපද කළ්‍යාණි ලා. ඒවා නරක චරිත නෙවි.

      රටගිය ඇත්තෝ මගේ අත්දැකීමක් නොව ප්‍රබන්ධයක් බව මා කියා තිබෙනවා.

      මගේ කෙස් දැන් සුදුවේ ගෙන එනවා. ඇත්තටම කියනවා නම් දැන් කළු කෙස් වලට වඩා සුදු කෙස් වැඩියි. ඒවා සුදු වුනේ ඉඩෝරෙට නෙවෙයි. ගොඩාක් දේවල් හිස් තුලට ආ නිසා.
      මම ජීවිතය අත ගාපු කෙනෙක් නෙවෙයි. ජීවිතය රස විඳපු කෙනෙක්.

      නො මනා දේශපාලනයක් කරන්න ගිහින් මම ගුටි කාල තියෙනව. ගුටි දීල තියෙනව. කූඩුවෙ ඉඳල තියෙනව. ඒත් ඒවා මට රසවත් දැන්.
      ඔබත් ඔබේ ජීවිත කතා ලියන්න පටන් ගන්න. එය වඩාත් රසවත් වේවි.

      අපි කවුරුත් දන්නා මහත්මා ගාන්දි එච්චරම ” සුදු” චරිතයක් නෙවෙයි. එයා ගණිකාවක් සොයා ගිය ගමනක් ගැන එයාගේ චරිත කතාවෙ තියෙනවා.

      මට ලියන්න පුළුවන්. ඒත් තාමත් හුජ්ජ කොල්ලෙක් වන නවම් ලියපු ” ලබ්බට තියපු අත” නිසඳැස් පෙළ මම කියෙව්වෙ ඉරිසියාවෙන්.. මට ඒ තරම් හොඳින් ලියන්න බැරි නිසා.

  4. Observer says:

    “you are the luckiest one”.

    Is/Was he?

  5. sodaguneune says:

    ජිවිතේ හැටි….. අයියගේ කතා උපරිමයි… ඊමේල් ඇලර්ට් එක දාගෙන කියවන්නේ එකයි කොමෙන්ට් කරන්න වෙන්නේ නැත්තේ. ඒත් හැම ලිපියක්ම වගේ බලනව…

  6. නවම් says:

    අපිත් ඔයිට දෙවෙනි නෑ නිහාල් අයියෙ, දැනට උනත් අපි හිතං ඉන්නෙ අපි තමයි කෙළිකාරයො කියල, ඒත් පස්ස බිම ඇනුනම තමයි තේරෙන්නෙ මේ අහවල් දෙයක්ද මෙච්චර කල් ඔළුව උඩ තියාගෙන උන්නෙ කියල, අතීතයෙ වෙච්ච දේවල් වලින් දැනට ඉගෙන ගත්තු පාඩම්වල හැටියට මටනම් හිතෙන්නෙ එහෙමයි.

    එල්ලෙන්න වැලක් නැති උනාම මෙච්චර කාලයක් තුත්තිරි කියල හිතාගෙන හිටපු දේවල් වලත් එල්ලෙනෙවනෙ ගිලෙනවට බයේ. කොයි කාටත් ඔච්චරයි අන්තිමට.de

  7. නදී says:

    එක අතකින් ඇල්කෙමියා කීව කතාව හරියටම හරි.ඕකට ගෑණු පිරිමි භේදයක් නෑ.දවසක අපිට කෙළ වෙන්න ඔනේ.එතකොට තමා ඇස් ඇරිලා මොළේ පෑදෙන්නෙ.

  8. Lakshmi says:

    මෙය ස්ත්‍රී පුරුෂ හැමට පොදු දහමක් – හැමෝම සුදොනෝ වෙන්න වලිකන්නේ එකම විදිය!

  9. Alchemiya says:

    //ලෝකෙ ඉන්න සේරම වල් ගෑනු ඔහොමයි.. තරුණ කාලෙ සේරම කුපාඩිකං කරල බැරි වෙන කොට සිල් ගන්නව.. සමාජ සේවෙ කරනව.. බ්‍රිජට් බාඩො පේන්නැද්ද? එයත් ඔය ජාතියෙ තමයි”//

    අනේ මන්දා…
    එක වෙලාවකට හිතෙනවා ලෝකෙ ඔක්කොම ගෑණු එකම කෝවෙ දාලා හදලා ද කියලා…
    මටත් සිද්ධ යෙලා තියෙන කතා ලිවුවොත් නං විසුමක් වෙන්නෙ නැති නිසා ඒවා එහෙමම තිබිච්චාවෙ කියලා හිතාගෙන වෙන වෙන මගුල් ලියනවා…
    කොහොම වුනත් වැරදුනාම තමයි හරි පාර පේන්නේ… ඒක තමයි මට හිතෙන්නේ… බොහොමයක් දෙනා ලොකුවට උඩදාගෙන ගිහින් පස්ස බිම ඇණුනාම තමයි යථාර්තය මතක් වෙන්නේ…
    මේ පඬි ටෝක් දෙන මම වුනත් එහෙමයි… අපි කවුරුත් පෘත:ජනයො නේ

  10. හප්පේ ඕං ජීවිතේ හැටි……

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )