100. වැස්ස

අද වැස්ස ගැන ලියන්න හිතුවේ ;
” වර්ෂා ” මට ගිය ඉරිදා පංසලේදී හමු වූ , ඉතා මෑතකදී ඇමරිකාවට සංක්‍රමණය වූ පවුලක කුඩා හුරුබුහුටි ගැහැණු ළමයෙක්.රවුම් වටකුරු මුහුණත් , වයස වැඩි කර පෙන්වන සේ කරල් දෙකක් වන්නට ගෙතුනු දික් කොණ්ඩයත් නිසා තාමත් ඇගෙන් ශ්‍රී ලාංකීය සුවඳ වහනය උනා.
ඈ අනෙක් කුඩා ළමුන් සමඟ පංසල් භූමියේ සෙල්ලම් කලා.ඇගේ මුහුණ විඩාවෙන් රත් පැහැ ගැන්වී තිබුනා. ඇගේ අහිංසක විලාශයන් දුටු මගේ ඇසට කඳුළක් එකතු වුනා.
ඇගේ පියා මා අසළට ආවා.
” ඇයි මිස්ටර්ට බබාල නැද්ද?”
“හිටිය… උන් දැන් අලි බබාල”
වැස්ස ස්වභාව ධර්මයේ තවත් අපූරු දායාදයක්. වැස්ස සහ ගැහැණිය , ආදරය අතර ඇත්තේ සමීපතාවයක්.
” ඔබ.. මගේ හද කුටියට ආවේ අකලට වට වරුසාවක් වගේ”
නිරන්ජලා සරෝජිනී ගයයි. අහන්න
වැස්ස ඇතිවන්නේ කොහොමද ?
පොළොව මතු පිට ඇති ජලය හිරු රශ්මියෙන් වාෂ්ප බවට හැරී , ඒවා වළාකුළු බවට පත් වී පසුව යම් විටෙක ඝනීභවනය වීමෙන් වැස්ස ඇතිවේ.
” නිල් ගංගා කුමරියගේ නළල් තලය සිඹ
ඇගේ සිහිල ඇයට හොරෙන් ඔබෙ දෝතට ගෙන”
නන්දා මාලිනී ගයයි.
ගමේ ඉස්කෝලෙ බාලාංශ පන්තියේ හිටියදී පැහිච්ච කොල්ලො කීවෙ ඒ දෙවියන් චූ කරනවා කියල.. මොන බොරුද ?
” මෙන්න ප්‍රවෘත්ති… ඊයේ නුවර එළිය , වැලිමඩ පෙදෙස් වලට දැඩි වර්ෂාවක් ඇතිවිය. වැසි ජලයත් සමඟ කුඩා මත්ස්‍ය පැටවුන් හා ඉබි පැටවුන්ද වැටුනු බව ප්‍රදේශ වාසීන් පවසයි”
ජලය වාෂ්ප වන විට එක්තරා අවස්තාවකදී water spout එකක් සෑදී ජලාශ වල සිටින් කුඩා ජීවින් මෙලෙස වලාකුළු තුලට ඇදී යාමට පුළුවන්.
ඇමරිකාවේ මිචිගන් , ටෙක්සාස් ප්‍රාන්තවල නිරන්තරයෙන් ඇතිවන tornado මගින්ද මෙලෙස ජලජ ජීවින් ගුවන් ගත වීමට පුළුවන.මෙසේ සතුන් නොහොත් මෘගයින් සමඟ වැටෙන වැසි මුරුගසං වැසිය.
ඉඳහිට වහින වැසි අසනි වැසිය. පොකුරු වැසි වසින්නේ පින් වන්තයන්ටය.
එක දිගට පැල් බැඳ ගෙන වහින අනෝරා වැස්සට මා ඉතා බයය.
පොල් අතු , පිදුරු සෙවිලි කල වහල මතු පිටට වැටෙන වැස්සත් සමඟ ඒ තුල සිර වී සිටින කුඩා සතුන්ද බිමට වැටේ.
ධාරානිපාත වැස්සක් ගැන ඉංග්‍රීසියෙන් මෙසේ කියැවේ.
” It was raining cats & dogs ” ඒ ද මුරුගසං වැසිය.
වසර පන් දහසක් යනු කල්පයකි. කල්පයක් අවසානයේදී ඉර වල් හතක් පායා මිහි මත ඇති සියල්ල දැවී අළු දූවිලි බවට පත්වේ.ඉන් පසුව ඇති වන වැස්සෙන් සියල්ල සේදී පවිත්‍ර වී යයි.
මෙලෙස කල්පය අවසන් වීමට හෙවත් කප නැසීමට වැටෙන වැස්ස කප නසන … කප නහන.. පද පෙරළි/ පිළි පෙරළි වීමෙන් නහ කපන හෙවත් නා කපන වැසි ඇතිවේ.
කොපමණ තද වැස්සක වුව හැදියාවක් ඇති ගැහැණියක් ” දිවීම” නොකළ යුතුය.
” සූ සැට බරණින් සැරසීලා
නා කපනා වැසි වැටෙන වෙලේ
විශාකා තොමෝ පැමිණි විලාසෙන්
මට එන්නට බෑ… නිසන්සලේ”
අහන්න
හැන්දෑ අහසෙ පාට සාරියක් ඇඳන් ඔයා මට එන්න කීව. මම කොච්චර බලන් හිටියද ? ඇයි ඔයා ආවෙ නැත්තෙ?”
හිත මිතුරු සුළඟ ළඟ එන
වැහි වලාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්”
මේ අහිංසක පෙම්වතෙකුගේ අහිංසක ඉල්ලීමයි.අහන්න
වැස්සක් වලක්වන්න හැකිද ? පුළුවන් චීනුන්ට .. ගියවර චීනයේ බීජිං නුවර පැවති ඔලිම්පික් ආරම්භක උළෙල තෙත බරියන් වීමට තිබුනි. එහෙත් චීන්නු , රොකට් 26 ක් වැහිවලාකුළු තුලට විද ඒවා දියාරු කර දැමූහ. වලාකුළු වලට sulphur iodide ස්ප්‍රේ කිරීමෙන් වැස්ස කෘතිමව ඇති කළ හැකි බව ඇමරිකානුවන් දනී.
තමන්ට පාලනය කළ නොහැකි ගින්දර / වැස්ස වැනි දෑ දෙවියන් ලෙස සැලකීම මුල් කාලවලදී සිදු විය. එහෙත් මැවිය හැකි/ නැසිය හැකි න්‍යාය ධර්මයන් ( constructable/ distructable ) හඳුනා ගත් පසු තව දුරටත් ඒවා දේවත්වයේ ලා නො සැලකීමට මිනිස්සු දැනුවත් විය.
මේ එකක්වත් බැරි ලාංකිකයන් තවමත් ඉඩෝර කාල වලදී දෙවියන්ට කන්නලව් කරයි.
” වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලනු මැන….” අහන්න

This entry was posted in Uncategorized. Bookmark the permalink.

14 Responses to 100. වැස්ස

  1. ඔන්න ඔහොම පොළොවේ එකෙක තැන්වල හිටි හොරු රැලක් වාෂ්පත් එක්ක අර ගෙන වැස්සක් වෙලාවේ ලංකාවේ විල මැද මාලිගාවට දාලනේ..

  2. JP says:

    නිහාල් මගෙත් සුබ පැතුම් .
    හැබැයි ටිකක් පරක්කු උනා නිසා වැස්ස නම් දැන් පායලත් ඇති
    වැස්ස ගැන සින්දු කිව්ව නිසා , අර මිල්ටන් වැස්සට මැයි ගහ යට හිටපු සින්දුවත් මතක් උනා

  3. Alchemiya says:

    නිහාල් අයියේ,
    සීයට සුභ පැතුම්…
    Sulphur Iodide නෙවෙයි… Silver Iodide,..
    ඒක හරිම මිල අධික ක්‍රමයක්…
    “වැස්ස වලාහක දෙවියනි හක පුරවනු මැන“ – කියලයි අපි නම් වැහි නැටුම් නටන්නේ…..

    වැහි ලිහිණි ගැන ලියන්නත් අමතක වෙලා වගේ…..

    • සිල්වර් අයඩයිඩ් තමා. මගේ වැරදීමක්.
      දෙවියන්ගේ හක පා කරල වලාකුළු වලට එවන්න ඕන. එවිටයි වැස්ස ඇතිවෙන්න. ඒත් ඉතින් ලෝකය ඇතිවූදා ඉඳල මෙලෙස හකවල් පා කරල දැන් හක පන් වෙලයි තියෙන්නෙ. ඒකයි දැන් ඉස්සර වගේ වෙලාවට වහින්නෙ නැත්තෙ. :-)

  4. ඉන්ද්‍රජිත් says:

    100 ට සුභ පැතුම්‍‍‍‍‍‍ ‍.

  5. Observer says:

    සෙන්චරියට ඔල්වරසන්…..

    P.S.
    මොකද මේ සමහරු අර අහිංසක ඕනයටත් පල් පාට දාල යන්නෙ නිකං යන එන ගමනුත්?

  6. 100 ට දස දහස් ගනන් ලියවෙන්න ඔබට ශක්තිය ධෛර්‍යය ලැබේවා!!

  7. praveena says:

    100 ට සුබ පැතුම්. ඔබට පොකුරු වැසි වහීවා…ඒ වැස්සෙන් අපිත් නැහැවේවා…. :-)

  8. දෙයියෝ චූ කරන කොට අපිට වැස්ස සේම, අපි එළියට ගොස් චූ කරන කොට වෙනත් කුඩා සතුන්ට වැස්ස ඇති නේද?

    කූඹින් ට අපේ චූ පාරක් ගංගාවක් වගේ ය කියන්නේ ඒ නිසයි. ඕනයා වගේ උං හෝදාගන්නවාත් ඇති!

    සීයක් ගැහැව්වා එහෙනං ඈ! හැබැයි ඉතිං ඊට වැඩිය ලියලා ඇති නේද? ජය පතමි!

    • ඔවු.. මම ලියන්න පටන් ගත්හෙ “අන්තිම පේළියෙන්.” ඊට පස්සෙ “සැබෑ මිනිසා” හරියට බැලුවොත් සීයට වඩා ලියල තියෙනවා. ඔබටත් 100 ට සුබ පැතූ හැමෝටමත්
      ස්තූතියි.

  9. හිටගෙන පු* හෝදන ගානට වහිනව කියන්නෙ මොන වැස්සටද ????

    • නවම් says:

      සීයට සුභපැතුම් ;)

      බැන්ද මුල් කාලෙ වැහි අඳුරටත් දොරවල් වහන එකේ වැස්ස ගැන මොන කතාද… හෙහ් හෙහ්…

  10. පූසා says:

    අපේ ගෙවල් පැත්තට දැන් හොඳටෝම හුළඟ. තව ටිකකින් වහීවි…
    100ට සුභ පැතුම්!

    • මගේ 100 වන පෝස්ටුවට මුලින්ම දැකපු පූසට සහ ඕනයට;
      “පොකුරු වැසි වසීවා”
      ( හිට ගෙන පු* හෝදන්ට )

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )