පේරාදෙණියේ මැද බෝවල පදිංචි , බෝගම්බර හිර ගෙදර ජේලර් ගාඩ් කෙනෙක් වූ දුරින් මාමා වන කෙනෙකුගෙන් උදව්වක් ඉල්ලා තාත්තා යැවූ ලිපියට ඔහු මට පිළිතුරක් එවා තිබුනා.
” පුතේ අපේ ගෙදර දැනට එක කාමරයක් ගෑනු ළමයි හතර දෙනෙකුට දීල තියෙනවා. පුතා ගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වීම ගැන කණගාටුයි.මම පුතාගෙ යාළුවටත් එක්ක වෙන තැනක් ලෑස්ති කරන්නම්. මා දන්නා කියන තැනක්”
මමත් , තෙන්නකෝනුත් සුදුහුම්පළ බෝඩිමට ආවේ එහෙමයි.
” මේ අර ජේලර් මහත්තයගෙ පණිවිඩේට වෙන්ටෑ ?”
අපේ අම්මගෙ වයසේ කාන්තාවක් අප පිළි ගත්තා. ” අරක තමා කාමරය.බාත් රූම් , ටොයිලට් පිටි පස්සෙ . නාන්න වතුර ටැංකියකුත් තියෙනවා.ඉතිරිවා කතා කර ගන්න අපේ දුව එනකන් ඉන්න ඕන. දැන් එනව ඇති”
අපි කාමරේ අස් කරද්දී ගෑනු රුවක් ගේට්ටුවෙන් ඇතුළු වුනා. ඒ කාලෙ ඉස්ටැයිල් එකට දිග සායක් ඇඳල , අත් නැති බ්ලවුස් එකක් ඇඳල හිටිය ඈ.
” හුටා.. අපි කොහොමද මෙයාට ඇන්ටි කියන්නෙ. අපි අක්ක කියමු”
තෙන්නෙ කොහොමටත් මට වඩා කතාවට දස්සයා.
” අපි නං ඔන්න පදිංචි උනා අක්කෙ” අක්ක කිවුවම ලක්ෂ්මී අක්කගෙ මූණ එළිය වැටෙනවා මම දැක්ක. ඇගේ නම ලක්ෂ්මී. තනි කරලට දිග කොණ්ඩෙ ගොතා ගෙන හිටි ඇය පැහැපත් පෙනුමෙන් යුක්තයි. විශේෂයකට වුනේ උඩු තොලේ පිහිටි කළු ලපය. වැඩිම උනොත් 38 ක් ඇති.
වැඩි හැල හොල්මනක් නැතුව දවස් ගෙවී ගියා. උදේට යනවා. හවසට එනවා.
කනවා .. බොනවා..
බෝඩිමට හැරෙන තැන කූල් ස්පොට් එකක් දාගෙන හිටි උස මහත හාදයා , දවසක් අපි එතනින්
යන කොට ” සූ .. සූ” ගාල කතා කළා. අපි නෑහුනා වගේ ඉස්සරහට ගියා.
” ඕයි.. තමුසෙලට තමයි”
තෙන්නෙ මං වගේ නෙවෙයි.. අපේ ඕනය වගේ කටින් ගහල දිනන්න දන්න එකෙක්.
” අයියගෙ ගම මේ මාතර , ගන්දර පැත්තෙද”? තෙන්නෙ අහපි.
” ඇයි ඒ මොකද”
” ඒ පැත්තෙ තමයි ඔය බාසාව තියෙන්නෙ..ඒකයි”
අපෙ හොඳ වෙලාවටද කොහෙද කතාව තව දිග් ගැස්සෙන්න ඉස්සෙල්ල අපේ තව යාලුවෙක් එතනින් ගියා සැලුට් එකකුත් දාගෙන බයිසිකලෙන්.
” අඩෝ.. උඹල 222 ට සෙට් වුනාලු නේද ? ආතල් පොට් එක එතන. මොනව හරි තියෙනව
නං කියාපන් හරිද ?” .. කියා ගෙනම.
අර උස මහත හාදයගෙ රැස් ටිකක් අඩු උනා. උගෙ නම සනත්. සනා කියල තමා ප්‍රසිද්ධ.
දවසක් උදේ පාන්දර 5 ට පහ හමාරට විතර , කෑලි 5 ටෝච් එකකුත් අරන් කළු අත් දිග ජර්සියක්
දා ගත්තු එකෙක් අපේ බෝඩිමේ ඉඳල ගේට්ටුවෙන් පැනල එලියට ගියා. ඒ අරූ.. සනා.
ඌ ලක්ෂ්මී අක්කගෙ කඳුළු පිහින්න ඇවිත්.
ලක්ෂ්මී අක්කගෙ හස්බන්ඩ් කැකිරාවෙ වැඩ කළේ. වී අලෙවි මණ්ඩලේ. ඉඳල හිටල තමයි ගෙදර
ආවෙ.
ඒ වෙන කොට තෙන්නයා අක්කට කිට්ටු කරල.
” ඇයි අක්කෙ , අයිය ගෙදර එන්නැත්තෙ?”
ලක්ෂ්මී අක්ක මොනවත් කිවුවෙ නැහැ.
” සමහර විට වෙන පවුලක් ඇති”
” ඒක නං වෙන්න බෑ.. එයාට මෙන්න මේ විදියේ ලෙඩක් තියෙනවා”
ලක්ෂ්මී අක්කා රිවිරැස පත්තරේ වෙළඳ දැන්වීම් පිටුවේ එක් තැනක් නියපොත්තෙන් රවුම්
කරල තෙන්නෙට පෙන්නුව.
පින තියෙනව නං ඉබ්බ එන්නෙ තුනපහ පිටේ බැඳ ගෙන. අපේ මාමා …..අර ජේලර් කාරයා
මං ගැන දීල තියෙන චරිත සහතිකේ හැටියට එයත් , එයාගෙ අම්මත් මට සැලකුවේ
පොඩි එකෙකුට වගේ. කොහොම හරි සමහර දේවල් මගෙනුත් වසංගන තරම් තෙන්නෙ ඇඹලයෙක්
වුනා. තෙන්නෙ ලක් කාරය.



මේවගේ යාලුවෙක් ලබන ආත්මෙත් ලැබේවා කියල තාමත් තෙන්නය පතනවා ඇති..
LASSANA KATHA GODAK THIYENAWA…… MULINMA LOG UNETH ADA…… JEEWITHE GANA LASSANATA LIYALA THIYENAWA
වැඩිදෙනාගේ ඉල්ලීමට ලපෙ කතාව ලියලා වගේ.
පහන අල්ලන්නේ අල්ලන්නාගේ උවමනාවට මිස , අන් අයටනොවන බව අයෙක් කියා ඇත .
හොඳ වෙලාවට අක්කගේ මහත්තයා අපේ වෙද මහත්තයාගේ ගුලි ගැන දන්නේ නෑ. නැත්තනම් හැම තෙන්නේ ටම සුම්මා තමයි
නෑවිත් කොහොමද සෑර්. කඩේ වහන්න යනව කියල ආරංචි උනාම. මාත් මේ ආවෙ පොඩි කුංචනාද පාරක් දාලා යන්නයි
තෙන්නකෝන් ලක් කාරයා කියලා තමන් ඇඟ බේරගත්තා නේ?
ඔබා ඇතුළු සියළුම පිරිමි උඩු තොලේ උපන් ලපයක් ඇති ගෑණුන්ට කැමතිය. තමන්ගේ පෙම්වතියගේ , තමන්ගේ බිරිඳගේද මෙවන් උපන් ලපයක් ඇත්නම් යයි නොසිතන්නේ කුමන මෝඩයාද? පිරිමියාගේ හැටි එහෙමය. වෙනදා නො එන බස්සන් , අලි මොටුන් , පූසන් පවා මෙහි ඇවිත් ඇත්තේ ඒ නිසයි.
ප්‍රවීනා:
මම මේකට ඈත් ගැහැණියක් කියල නම් කලේ ඈ අත වරදක් නැති නිසයි.
ඔබල හැමෝටම ස්තුතියි.
වෙනදා නොඑන??? හහ්, ඔය ඉතිං දන්න හරිය තමා
. නේන්නෙ මොකද? හැමදාම ඇවිත් හොර බලල්ලු වගේ බලල යනවා
පානවත් අල්ලන්න යන්නනෙ තිබ්බෙ!
පාන අල්ලන්නෙ මොකටද ? ඉන්දික කළුවරේ කෑම කාල තියෙනවද ? එහෙම කනකොට වැරදිලවත් අත නාහෙට ගිහින් තියෙනවද ? ඒව නියම තැන් වලට යයි. පාන් -පහන් අවශ්‍ය නැහැ.