කුරිරු යුද්ධයට තිතක් තබා ඇත. ත්‍රස්තවාදයෙන් බැට කමින්ම ත්‍රස්තවාදය හෙලා දකිමින්ම ත්‍රස්තවාදයට උඩ ගෙඩි දුන් බටහිර රටවල් නිසා එය දුර දිග ගියත් , අපේ කොල්ලන් කලාවට
වෙලාවට තිතට වැඩේ දුන්නා.
මතටද තිත තියන්න ආණ්ඩුව වලි කෑවත් එය කළ නොහැක්කේ මතට තිත තියනවාට වඩා තිතට මත් වෙන්න කැමති කට්ටිය වැඩි නිසාය.
කරන වැඩක් තිතට කළ යුතුය.
අපේ නැටුම් ගුරුතුමා සුළු තනි තිතට , සුළු මැදුම් තිතට , මහ තනි තිතට තාලම් පොට ගහන හැටි කියා දුන්නේය. එය තිතට ගැසුවේ නැත්නම් බෙර පදය වැරදී නැට්ටුවා කකුල් පැටලී බිම ඇද වැටෙනු ඇත.
“ළමයිනේ ….. රචනාවක් ලියන කොට එක ගොඩේ ලියන්න එපා.. වාක්‍ය ඉවර වෙන තැන තිතක් තියන්න” සිංහළ ගුරුතුමිය කෑ ගැසුවාය.
ඉන්ගිරිසියෙන් නම් එය Full Stop එකය. ඇමරිකානු ක්‍රමයට නම් Period එකය.
කාන්තාවන්ගේ මාසික සිදුවීමටද Period කියා කියයි.
” period is very important ” ඉන්ගිරිසි essay වෙලාවෙදි ගුරුතුමී කියන විට
නිදි කිරමින් උන් ඇම්ඩාට ඇසුනේ එපමනය.
” ඔවු teacher, period is very important.. my sister missed one period , My dad got a heart attack.. and our driver ran away” කියා කීවේය.
එදා ලුම්බිණියේදී සත්වෙනි පියුම මතදී බෝසත් ළදරුවා,
” අග්ගෝ හමස්මි ලෝකස්ස.. මේ මාගෙ අන්තිම ඉපදීමයි” කියා භව සංචාරයට තිතක් තිබ්බේය.
” තිත් ඝන’ඳුරු දුරුලන දිනිඳානන්
සත් හට වන භව දුකට වෙදානන්” මෙහි වෙදානන් කියන්නේ බුදුන්ට මිස අසත්පුරුෂයන්ට වෙදකම් කියන්ට ගොස් බැනුම් අහන අපේ වෙදනාට නොවේය.
තිත ගැන කියන විට උපන් ලප ද සිහිවේ. 60 / 70 දශක වල රූමත් නිළියක් වූ ක්ලැරිස් ද සිල්වාගේ නිකටේ වූ උපන් ලපය ඇගේ මූණට ලස්සනක් එක් කළේය.
ඉන් පසු කෘතිමව තිත් තබා ගන්නා විලාසිතාවක් ආවේය.
විලී අබේනායක එක පෙළට තිත් තුනක් තියෙන කෙල්ලක සෙව්වේ විවාහ වීමටම නොව නිධානයක් ගැනීමට නර බිල්ලක් දීමටය. දේහ ලක්ෂණ අනුව පලාපල කියන අය කියන්නේ උඩු තොලට උඩින් තිතක් හෙවත් උපන් ලපයක් ඇති ගැහැණුන් රාගාධික බවය. මමද එය අනුමත කරමි.
මා සුදුහුම්පොළ බෝඩිම් වී සිටි ගෙදර ඇන්ටිගේද එසේ උඩු තොළේ උපන් ලපයක් විය.
තිත් මුවා සහ තිත් පොළඟා දෙවියන්ගේ අපූරු නිර්මාණයන්ය.
අනුන්ගේ දින පොත් කියවීම අසික්කිතය.
එහෙත් පේරාදෙණිය මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ කැන්ටිමේ තිබී හමුවූ
නමක් ගමක් නො සඳහන් දින පොත අපි කියැවූයේ ඉතා ආසාවෙන්ය. ඒ එහි වූ සුගම භාෂා
විලාශය නිසාය. කෙල්ලකට අයත් වූ එහි පිටුවක ඇගේ ජීවිතට කළු තිතක් වැටුනු හැටි
කියා තිබුණේය. එනම් ඈ කා අතින් හෝ දූෂණය වී ඇත.
එසේ වූවත් ලොවේ ඕනෑ තරම් ” වෙසෙත් අඟනෝ නො තිත් වීමෙන් “.
ගොතයෙක් වූ තාත්තා කෙනෙක් සාලයේ තීන්ත ගා ඉවර වී ” තීන්ත ටින් අරන් ගිහින් කුක්.. කුක්..කුස්සියේ බිමින් තිත්… තිත්.. තියන්න” කියා පොඩි පුතාට කීවේය. පොඩි එකා කුස්සිය පුරාම තිත් තිබ්බේය.
මෙය මාගේ 98 වන පෝස්ටුවයි. ලිවීම දුකකි. මගේ බ්ලොග් දිවියට තිතක් තැබිය යුතුය.
සිය වන පෝස්ට් එක ලියන දා මම තිතක් තබමි.
අහෝ දුකකි ! ඉරකි.. තිතකි..



//උඩු තොලට උඩින් තිතක් හෙවත් උපන් ලපයක් ඇති ගැහැණුන් රාගාධික බවය// නිහාල් අයියා පමණක් නොව මමද අත් දෙකම උස්සා අනුමත කරමි.
තිත තියන්න කලින් අර සුදුහුම්පොල බෝඩිමේ ඇන්ටි රාගාදිකයි කියල කිව්වෙ කොහොමද? අත්දැකීමෙන්ද?
අයි බං ලියන එක නවත්වන්නේ.ඇනෝ කෙනෙක් කොමෙන්ට් එකක් දල තිබුන ඔයාගේ බ්ලොග් කෙරුවාව ඉක්මනින්ම නවත්වන්න ඕන කියලා..
තිත මරුය .. තිතක් තියා කොමාවක් වත් නොදමා මා මෙය කියවාගෙන ගියෙමි .
මම සහෝධරයා .
navaththanna epa mama kiyavanna patan gaththa witharai.
ඇයි තිතට මත නොහොත් ටිටාටා මටා?