බ්ලොග් ලියන්න පටන් ගත්තු කාලයේ නැන්දම්මා ගැන ලිව්වා. ඒක බලපු මගේ යාළුවෙක් මට ටෙලිෆෝන් එකෙන් බැන්නා. ” උගෙ නැන්දම්ම එහෙම නෑල්ලු” අනේ වාසනාවන්. මගේ තවත් යාළුවෙක් වන සරත් මනුප්‍රියගෙ නැන්දම්මත් ඒ ජාතියේ විශේෂ නැන්දම්ම කෙනෙක්. එහෙම අතරින් පතර විශේෂ එක්කෙනෙක් දෙන්නෙක් හිටියට කුඩම්මල නම් විශේෂ අය නැතුව ඇති. අහල තියෙනවද කවුරු හරි , හොඳ කුඩම්මා ,ලස්සන කුඩම්මා ,අහිංසක කුඩම්මා වගේ වචන ?
නපුරු කුඩම්මල ඉන්නෙ ලංකාවේ විතරක් නෙවි. අපි පොඩි කාලේ හිම කුමාරි, ,සින්ඩරෙල්ලා වගේ කතා කියෙව්වේ නපුරු කුඩම්මල ගැන තරහෙන් පිපිරි පිපිරි.
ඒත් මම දන්න හොඳ කුඩම්මල දෙන්නෙක් ඉන්නව. එක්කෙනෙක් දැනට අවුරුදු 2700 කට විතර උතුරු ඉන්දියාවෙ ජීවත්වූ ප්‍රජාපතී ගෝතමී කියල කෙනෙක්. අනෙක් එක්කෙනාගෙ නම විනෝදනී.
කුඩම්මල මුලදි හොඳයි. කුඩම්මට කුඩම්මගෙම කියල ළමයෙක් ලැබුනමයි නරක් වෙන්න පටන් ගන්නෙ.
ජයපාලගේ බිරිඳ මිය ගියේ පළමු දරුවා ලැබෙන්න ගිහින්. වාසනාවට දරුව විතරක් බේරුනා. ඒත් ඒක ජයපාලගෙ අවාසනාව. අත්දැකීම් අඩු තරුණ තාත්තා කෙනෙක් කොහොමද අත දරුවෙක් බලා ගන්නෙ ?
මුලදී විනෝදකාමියෙක් වූ ජයපාල කාර්යාලෙදි බුම්ම ගෙන ඉන්නව දුටු තරුණ අවිවාහක ටයිපිස්ට් විනෝදනී
” ඇයි ජයේ ප්‍රශ්නයක්ද ?”
ඉතා ඉක්මණින් විනෝදනීගේ අනුකම්පාව ආදරයකට හැරිල ජයපාලගෙ ගෙදරටම ආවා.
” මට ඔයාගෙන් බබෙක් එපා ජයේ.. එහෙම උනොත් කවද හරි ඔයාගෙ බබාට මදි පුංචි කමක් වෙයි මගෙ අතින්. අපි මෙයා හොඳින් හදමු.”
ජයපාලට විනෝදනී ගැන හිතුනේ පුදුම ආදරයක්. එයා විනෝදනීගෙ නළල භක්තියෙන් සිප ගත්ත.
මේ විනෝදනී ඉන්නෙ සැබෑ ලෝකෙ නෙවෙයි.. මා කියවූ කුමරි පත්තරේක කතාවක.
මේ පරණ ජන කතාවක්.
ලොකු ළමයි ඉන්න තාත්ත කෙනෙක්ගෙ බිරිඳ අකාලයේ නැසී මිය පරලොව ගියා. තුන් මාසෙ දානෙ එහෙම දීල තාත්තා අමාරුවෙන් හිත හදා ගත්තත් ටික දොහකින් තාත්තට ලොකු පාළුවක් දැනුන.
කළුවර තොටේ මං බැහැලා නාන කොට
රිද්දි බිසව් ආවලු මගෙ ඉදිරියට
වරල මුදා පිට විදහා එන හැඩට
අරන් යන්න හිතුනයි ගඟුලෙන් ගමට
අතර මගදී හමුවි සිත් ගන්නා ගැහැණියක ගැන ළමයින්ගේ සිත් වලට අමාරුවෙන් ඇතුල් කරන්ටත් ළමයින් කියන නිසාම ඈ කැන්දා ගෙන බව කියන්ටත් , එයට ළමයින්ගේ කැමැත්ත ගන්නටත් මේ තාත්තා අහිංසක උත්සාහයක් කළා.
“මේ ගෙදර වැඩ පළ කරන්ටයි , උඹලට රහට කන්ට උයල දෙන්ටයි කවුරුහරි බවලතෙක් ඉන්නව නං
හොඳයි නේද පුතේ?”
” අනේ ෂෝක්.. මට කතන්දර අහ ගන්නත් පුළුවන්”.. ළමයි එක පයින්.
” මං වැඩ කරන දිහාවෙ නං කෙනෙක් ඉන්නව. එයාගෙ නම කළු මැණිකා.. අපි දොහක යමුකො ඒ අම්මව බලල එන්න”
කළුමැණිකා ළමයින්ට හොඳින් සැලකුවා.
කළු මැණිකේ කීවත්.. අප්පච්චිට වැරදීමක්.. කළුමැණිකේ සුදු පාටයි” ළමයි කිව්වා.
මේ දවස්වල පුදුම හීතලක්.. එක එක විකාර දේ ඔලුවට එනව. කුඩම්මට ඉංග්‍රීසියෙන් කියන්නෙ step mother කියලනේ. step කියනව.. කකුලට , පයට , පතුලට..
අම්ම කෙනෙකුගේ පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් වටින්නේ නැති නිසා කුඩම්මට step mother කියනව කියලයි මට හිතුනෙ.
හා හාපුරා කියල අලුත් අවුරුද්දෙ කුඩම්ම ගැන ලිව්වෙ ගුනදාස කපුගේ ගයන මොනර මාළු ගීය ඇහුවට පස්සෙ.



නිහාල් අයියට කියන්න අපේ ගෙදර දැං ඉන්නෙ දෙවනි කුඩම්ම. උන්දැත් යන දවස ලඟයි ලඟයි වගේ
ෂහ්. අර කවිය නියමයි. ඒක අදමයි කියෙව්වෙ
එය මගේ නිර්මාණයක් නොව ජන කවියක් බව කරුණාවෙන් සලකන්න.
මෙහේ ඩුබායි ඉන්න මගේ යාලුවෙක්ගේ කුඩම්මා ඒ යාලුවා කියන විදිහට ලෝකේ ඉන්න දෙවෙනි හොඳම කුඩම්මා (පලමු කෙනා ප්‍රජාපතී ගෝතමී දේවියනේ)
ඒ නිසා නෑ කියල ම කියන්න බෑ නිහාල් අයියේ . . .
ඉන්නවා ඒත් දුර්ලභයි.
අහ් තව හොඳම හොඳ කුඩම්මා කෙනෙක් ගැන කතාවක් සෝමා ජයකොඩිගේ “කර්නල්ගේ බිරින්දෑවරු” කියන පොතේ ඉන්නවා . .
ඔය කියනා සුරංගනාවර්ගයේ කුඩම්මා කෙනෙක් ගැන මමනම් දන්නව. ලංකාවේ අපේ අසල්වැසියො. පුතාව හම්බවෙලා නෝන මැරුනම කරගත්තු දෙවනිකසාදෙ බිරින්ද අර පුතාව තමගෙ වගෙ බැළුව.කොටින්ම තමන්ට පස්සෙ ලැබුනු දුවටත් වඩා ආදරෙන්.ඒ පුතත් එයා අම්මනෙමෙයි කුඩම්ම කියල දැනගත්තෙ සෑහෙනට ලොකුවෙලා.
ඔව් මම එකඟයි. ඔබ හා දුකා සමඟ. එහෙම කලාතුරකින් ඉන්න පුළුවන්.
වැඩිය ජනප්‍රිය නැති ” මොනර මාළු” ගීය ඇහුවට පස්සෙයි මෙය ලියන්න හිතුනේ.
ඇයි හිම කුමාරිගේ කතාවේ එන කුඩම්මා ලස්සන කෙනෙක්නේ, නපුරු උනාට.
මට හිතෙන්නේ මේ ලස්සන කුඩම්මලා තමා නපුරුම…
අලුත් අවුරුද්දේවත්, මගේ හිනා මූන හරියන්ට කියලා හිතනවා.
එයාගෙ දූ මට ආදරේ කරනවට වඩා මගේ නැන්දම්මා මට ආදරෙයි… මම නම් කියන්නේ මම එයාගෙ දූ දාලා ගියොත් ආයෙම බාර ගන්න වෙන නිසා කියලායි….
නමුත් ඇත්තෙන්ම ඈ මට බොහොම ආදරෙයි…. මොකද මේ වගේ බෑණ කෙනෙක් එන්නේ බිලියන හතකට එකයි නේ ඒකයි…. දේශපාලනේ ගැන ලියන්න එපා කියලා තග දැම්මෙත් ඒකයි….
කුඩම්මලා ගැන කියන්න නම් දන්නෙ නෑ…. පුංචි අම්මලා නම් ඕන තරම් හිටියා… ඒ ඔක්කොම අපට පණ දෙන්න ආදරෙයි… ඉස්සර වගේම දැනුත්….
පුංචි අම්මයි , කුඩම්මයි දෙන්නෙක්.
වාසනාවන්. ඔහොම නැන්දම්මල. ඒකට මගෙ එක්කෙනා. කියෙව්වද මගෙ පෝස්ට් එක. මම ලියන්නෙ මගේම කතාව.
‘මේ විනෝදනී ඉන්නෙ සැබෑ ලෝකෙ නෙවෙයි’…….[ඒක මිසක්]
සිංදුව නං තාම ඇහුවෙ නෑ…
තවම අත්දැකීමක් නැහැ.දන්න කෙනෙක්ගෙන් වත් දුකක් අහන්න ලැබිල නැහැ..
එවන් අත්දැකීම් නම් නොලැබේවා