කලට වැසි වසීවා
වැව් අමුණු සපිරේවා
බව බෝග වැඩිවේවා
අටුකොටු පිරේවා
බඩු මිළ පහල යාවා
දුක් කඳුළු නිම වේවා
සිනා බෝ වේවා
යුද බිය – ජල බිය – ගිනි බිය
රෝ බිය දුරු වෙවා
ඉඳ හිට මෙහි පැමිණෙන
සරත් ලංකාප්‍රිය , දුකා , ඔබා
ඕනයා , සිරිබිරිස්, නදී ,ඇල්කෙමියා
ගුලියා සහ අවංක පැට්ටා
ලිපියක් පළ කල ඇසිල්ලෙන්
ගුණ දොස් දකින
ගිම්හානී ,නවම් , රන්ජා ,ප්‍රවීනා
නිතරම වැදගත් දේම ලියන
අරුණි , හෙළයේ මහ වෙද නා
කතන්දර මෙන්ම දයාල් බතී
තවද මෙකී නොකී සුවහසක්
බ්ලොග් මිතුරු හුදී ජනයා
එළි සමය සහිත සිව් පදයක්
පිළිවෙලක් නැති නිසඳැසක්
ගැටගහ ගන්න බැරි නිසාවෙන්
ඉරිසියාවෙන්
මගේ එකද ලිපියක්වත් නොකිය වූ
මගේ ප්‍රියාදර බිරිඳ
අමාරුවෙන් කියවා cool කියා පමණක් කියන
මගේම දූවරුන් දෙදෙනා
ඇතුළු මෙකී නොකී
ඇසට පෙනෙන , නොපෙනෙන
දුර වෙසෙන , ළඟ වෙසෙන
අපා , දෙපා , සිව් පා ,බුහු පා
සියළු සතුනට
මෙ සිරිලක ආරස්සා කර ගැනීමට
බුදුන් ගෙන් වරම් ලත් විෂ්ණු දෙවි හාමුදුරුවන්ගේද
සතර කොනේ වැඩ වසමින්
අප රට රකින්නාවූ
ධ්‍රැතරාෂ්ට , විරූඪ , විරූපාක්ෂ , වෛශ්‍රවන
යන සිව් වරම දෙවියන්ගේද
ස්කන්ද කුමාර , දැඩිමුණ්ඩ , ගම්භාර
අයියනායක , අළුත් නුවර හා සුමණසමන්
යන ප්‍රාදේශීය දෙවි වරුන් ප්‍රධාන කොට ගත්
මෙසිරිලක ජනගහනය මෙන් විසි ගුනයක්
පමණ වන
තිස්තුන් කෝටියක් යයි කියා ගන්නා දෙවියන්ගේද
බැල්ම රැක්ම ලැබේවා
අණ වින , කොඩි වින
ඇස් වහ – කට වහ දුරු වේවා
ලබන්නාවූ නව වසරේ
තව තවත් ලියන්නට හැකි වේවා
කමෙන්ට්ස් ද හිට්ස් ද හිටු කියා වැඩිවේවා
අඩු තරමින්
හික්ස් , ලොල් , පට්ටයි කියා
හෝ
හිනා මූණකින්වත්
කමෙන්ට් කිරීමට
දනන්ගේ සිත් පැහැදේවා.



DEWALEKA KAPUWEK WATH OCHCHARA LASSANATA LIYANNE NA……………………….. NICE.. MATA SINHALEN TYPE KARANA THERENNE NA. SINHALA AKURU GANNA BA AYYA…….
සිංහලට හරවන්න එච්චර දුක් විඳින්න ඕනේ නැ.
http://www.google.com/transliterate/Sinhalese
There is nothing impossible.
එළි සමය සහිත සිව් පදයක්
පිළිවෙලක් නැති නිසඳැසක්
ගැටගහ ගන්න බැරි නිසාවෙන්…
මටත් මෙවා බැරි වුනාට blog එකනම් හැමදාම ආසාවෙන් කියවනවා
Dear Nihal,
We wish you a happy and a safe 2011!
In fact I wanted to write to you for a long time – since you published “Rata giya Eththo”. Discovering the author of “Rata Giya Aththo” was a long story. If this is not in a public domain, I can tell you that interesting story which will take you to a new level.
Over and above, you and I are like minded – Shearing same thoughts/ experience in a different place with a lovely wife who prepares “Kola Kanda” and 2 kids often say “Cool” .
So sorry for writing in English.
Though I haven’t commented one by one, I really enjoy your writing.
“Oba Siyalu Denata Suba Nawa Wasarak Wewa!”
Viraja
Thank you for visiting my blog and the encouraging comment.
“දුර වෙසෙන , ළඟ වෙසෙන
අපා , දෙපා , සිව් පා”
මේ කිව්වෙ අපි ගැන වෙන්ටැ! එහෙනං ඔන්න සුභ නව වසරක් වේවා කියල ආයිමත් කිව්ව.