ජේසු තුමන් උපන් බෙත්ලෙහෙමේවත් , පාප් වහන්සේ ජීවත්වන රෝමයේවත් නැති තරම් උත්කර්ෂවත් ලෙස නත්තල සැමරෙන්නේ සසිරිබර මෙසිරි ලකය.
නත්තල් කාඩ් , ගව ලෙන් , නත්තල් ගීතිකා , කැරොල් , වීදි නාට්‍ය , වේදිකා නාට්‍ය , සති ගානක් එක දිගට රූප වාහිනී වැඩසටහන්,….
99% ක්ම බෞද්ධයන් වූ අපේ ගමේ කෙළවරක ක්‍රිස්තියානි පල්ලියක් විය. එහි ජීවත්වූ තරුණ පූජක තැන , ගම්මුන්ට “අපේ පාදිලි උන්නාන්සේ” විය.
මගේ උප්පැන්නයේ “ආගම” කොටුවේ මගේ ආගම ලෙස බෞද්ධාගම කියා ඇති නිසාද , පවුලේ – පරම්පරාවේ හැමෝම බෞද්ධයන් නිසාද , නිවසට කිට්ටුව පන්සලක් ඇහි නිසාද මා ද බෞද්ධයෙක්ම විය.
මේ එකකවත් හොඳ නරක නොතේරෙන වයසේදී , එක් දෙසැම්බරයක , දිලිසෙන රන් වන් පාට ඔටුන්නක් හිස පැළැඳ , සුදු දිග ගවුමක් ඇඳ , සරසන ලද ට්‍රැක්ටර් ටේලරයක නත්තල් ගී ගයමින් නගරය පුරා ගිය අයුරු මතකයේ ඇතත් , එදා ගැයූ ගී පද , තනු මොනවාද කියා මතකයට නො ඒ.
ජේසුතුමන්ගේ ළමා කාලයේ සිට , දේශනා පවත්වන කාලය දක්වා එතුමාගේ චරිත කතාව බයිබලයේ නැත්තේ ඇයි දැයි මට ප්‍රශ්නයකි.
කිලිටි ඇඳුම් ඇඳ ගත් , වැඩුනු කෙසින් හා රවුලින් යුත් , තමන් ජේසු යයි කියා ගත් පුද්ගලයෙක් ඉන්දියාවේ බුද්ධගයාවට පැමිණ පන්සලක නැවතී බුදු දහම ප්‍රගුණ කළ බව , මා දන්නා අඳුනන හිමි නමක් කියා ඇත.
බුදුන් වහන්සේ පන්සිල් , පස් පව් ගැන කියා ඇත. ජේසු තුමන් එය දෙගුණ කොට දසපනත වදාරා ඇත. පහට වඩා දහය ලොකු නිසා එය හොඳය.
බෞද්ධ කතාවල එන ආදර්ශ උපමා කතා සහ බයිබලයේ එන එවන් කතා අතර යම් සමානත්වයක් ඇත.
ගණිකාවක් වූ මරියා මග්දලේනාට ගල් ගසමින් මරන්නට තැත් කරන මිනිසුන් දුටු ජේසුතුමන් , ” උඹලා අතරින් කිසිදාක වරදක් නොකළ අයෙක් ඇත්නම් ඔහු පළමු ගල ගසනවා ඇත” යැයි කිවූ විට මිනිසුන් එකිනෙකා ගල් බිම දමා පසු බැස ගියහ.
බුදුන් දවස කිසා ගෝතමිය , තම මළ දරුවා කර පින්නා ගෙන , ඔහුට බෙහෙත් සොයමින් උමතුව ඇවිදින විට , කිසිවෙක් නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගෙන එන්නේ නම් බෙහෙත් තනා දිය හැකි බව බුදුහු පැවසූහ.
බුදුන් වහන්සේ සියළු සතුනට මෛත්‍රී කරපල්ලා යයි කියා ඇත. ජේසු තුමන්ද එයම වක්‍රාකාරයෙන් අසල්වැසියාට ප්‍රේම කරපල්ලා යයි කියා ඇත. එනම් අසල්වැසි, ගමේ , නගරයේ , රටේ අයටය.
බුදුන් ශාක්‍ය වංශයේ උපන් නිසා උන් වහන්සේ දෙසූ ධර්මය එතරම් අපහසුවකින් තොරව ජනතාවට බෙදා දීමට හැකි විය.
ජේසුතුමන් දුගී එඬේර පවුලක උපන් නිසා උන් වහන්සේ කියූ දෙය ජනතාවට තෝරා බේරා දීමට අපහසු විය. එනිසාම කුරුසියේ දිවි පිදීමට සිදු විය.
බුදුන් උපන් දින ද, ජේසු තුමන් උපන් දිනද නොයෙක් අසිරිමත් දේ සිදුවිය. ජේසු තුමන්ගේ මව මිය යන තුරුම “කන්‍යා මරිය තුමිය” නම් විය. මායා දේවියද වෙනත් පිළිසිඳ ගැනීමකට තම ගර්භාෂය ඉඩ නොදී සිදුහත් කුමරු ඉපදී දින හතකින් මිය ගියාය.
අතමිට ඇත්නම් හැමදාම නත්තල් කියා මිනිසුන් කියයි. නත්තල් යනු බොන මාසයයි. කා බී ප්‍රීති වෙන මාසයයි. අන්තිම මිනිත්තුව දක්වාම ගැහැණු ම්නිස්සු ෂොපින් කරන්නේ හරියට හෙට ලෝක විනාශය සිදුවනවා යැයි සිතා ගෙනය. මේ බව දන්නා කූඨ වෙළඳුන් බඩු මිළ 50% ක් වැඩි කොට 25% ක වට්ටම ලබා දේ. අපේ ගෑනු ඒ වට්ටම් උගුලේ අසුවේ.
බොන්ට හේතුවක් හොයන බෞද්ධයන්ටද දෙසැම්බරය නත්තල්ය.
වෙසක් පෝදාක නගරයේ ඇවිද්ද බෞද්ධයෙක් සියළුම බාර් වසා ඇති බව දැන , අසල වූ සුරුවමක් ළඟ දනින් වැටී , ” ඔබ තුමා උපන් දාත් බාර් ඇරල , ඇණ ගැහු දාටත් බාර් ඇරල, ඇන ගහන්න තිබුණේ අපේ එකාට” යයි කියා ඇත.
යමෙකු මා දෙසූ දහමට අනුව ජීවත් වෙයිද හෙතෙම මා හට සැලකුවා වේ යැයි බුදුන් කියා ඇත. නත්තලද , නට්ටං නොවී මිනිසත් බව අගය කරමින් ජේසු තුමන් දෙසූ දහමට අනුව එක් දිනක් හෝ ගත කරන්නේ නම් හෙතෙම නියම කිතුණුවෙක් වනු ඇත.



බල්බ් හා සරුවපිත්තල වලින් සැරසුනාට ලංකාවේදී දැනෙන නත්තල් සිරිය මෙහෙ දැනෙන්නේ නැත.කොයි දහමින් කියන්නේත් හොඳ දේවල්ය .ඒ හොඳ දේ පිළිපදින්නේනම් වරදින්නේ නැත.වරද ඒවා නොපිළිපැදීමය.
කෙසේඋවත් මේ එළබෙන නත්තල සියළුදෙනාටම සාමය සතුට පිරි වාසනාවන්ත ඒකක් වේවායි පතමි !!!!
හැමෝටම ස්තූතියි. ඒ වගේම සාමකාමී නත්තලක්. විශේෂයෙන් අපේ රටේ ද්‍රවිඩ සොයුරු සොයුරියන්ට.
MAXXA ,ගොඩක් ස්තූතියි නොදන්න දෙයක් කියල දුන්නට.
//මිනිසත් බව අගය කරමින් ජේසු තුමන් දෙසූ දහමට අනුව එක් දිනක් හෝ ගත කරන්නේ නම් හෙතෙම නියම කිතුණුවෙක් වනු ඇත.//
සැටිපිකට් ඇත්ත . . . .
සුභ නත්තලක් නිහාල් අයියා
සුබ නත්තලක් මාමටත්!
මේව ලියල වැඩක් නෑ අප්පා. වෛර කරන්ඩම හැදිච්ච එවුන් ඉන්න රටක්. මට නං එපා වෙලා තියෙන්නෙ.
නිහාල් අයියේ, දසපනත දේශනා කලේ ජේසු තුමා නෙවේයි මෝසස් (1391–1271BC)
http://en.wikipedia.org/wiki/Ten_Commandments
//වෙසක් පෝදාක නගරයේ ඇවිද්ද බෞද්ධයෙක් සියළුම බාර් වසා ඇති බව දැන , අසල වූ සුරුවමක් ළඟ දනින් වැටී , ” ඔබ තුමා උපන් දාත් බාර් ඇරල , ඇණ ගැහු දාටත් බාර් ඇරල, ඇන ගහන්න තිබුණේ අපේ එකාට” යයි කියා ඇත.//
නියම හිනායන කොටස මැවිල පේනව පාරේ තියෙනන සුරුවම
ඔබටත් සූර්වෙන නත්තලක් සය ජය පිරි නව වසරක්
” ඔබ තුමා උපන් දාත් බාර් ඇරල , ඇණ ගැහු දාටත් බාර් ඇරල, ඇන ගහන්න තිබුණේ අපේ එකාට”
මල කෙළියයි නිහාල්, ‘බොදු තලේබාන්’ ලගෙන් පරෙස්සන් වෙන්න වෙයි
ඔයාටත් සුබ නත්තලක්….